‘ෂී යෑන් 06‘ චීන පර්යේෂණ නෞකාවට මෙරටට පැමිණීම සඳහා අවසර ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි.Sri Lanka Latest News
ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් මහතා පැවසුවේ, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ නාරා ආයතනය විසින් සිදුකරන ලද ඉල්ලීමක් මත අදාළ නෞකාව සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය ලබා දී ඇති බවයි.
නෞකාවේ පැමිණීම සඳහා මෙරට චීන තානාපති කාර්යාලය මඟින් ද විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදුකර තිබිණි.
නාරා ආයතනය විසින් අදාළ චීන පර්යේෂණ නෞකාව සමඟ පර්යේෂණයක් සිදුකිරීමට නියමිත අතර, නෞකාව මෙරටට පැමිණෙන දින වකවානු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු ඉදිරිපත් වී නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
‘ෂී යෑන් 06‘ චීන පර්යේෂණ නෞකාව ලබන ඔක්තෝබර් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කොළඹ හා හම්බන්තොට වරායන් හී නැංගුරම් ලා තැබීමේ සූදානමක් පවතින බව පසුගියදා ඉන්දීය මාධ්‍යය වාර්තා කළේය.
එම නෞකාව මඟින් දකුණු ඉන්දියානු සාගර කලාපය ඇතුළත් පුළුල් සමීක්ෂණයක් සිදුකිරීමට නියමිත බව එම වාර්තාවල දැක්වේ.










