ඉන්දීය නාවික හමුදාවේ නවතම දේශීය සබ්මැරීනය වන ‘වජීර්’ 2023 හෙට සිට (19) සිට 22 දක්වා කොළඹ මෙහෙයුම් සංචාරයක නිරත වේ. Sri Lanka Latest News
‘ගෝලීය සාගර වළල්ල’ යන තේමාව යටතේ 9 වන ජාත්‍යන්තර යෝගා දිනය (IDY) සැමරීම සඳහා මෙම සංචාරය සිදු කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයේ අණදෙන නිලධාරී, කමාන්ඩර් එස්. දිවාකර්, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා මහතා හමුවනු ඇත.
තවද, සබ්මැරීනයේ සංචාරය අතරතුර, නරඹන්නන් සහ පාසල් සිසුන් සඳහා යාත්‍රාව විවෘත වීමටද නියමිතය.










