බිරිඳ විසින් සැමියාට ගිනිතැබීමේ පුවතක් මොරටුමුල්ල, සමරකෝන් ඉඩම ප්‍රදේශයෙන් අද (18) අලුයම වාර්තා වනවා. (Sri Lanka Latest News)
අදාළ කාන්තාව වෙනත් පුද්ගලයෙකු සමඟ කලක සිට පවත්වාගෙන යන අනියම් සම්බන්ධතාවක් මත මෙම අඹුසැමි යුවළ අතර නිතර ආරවුල් හටගන්නා බවයි අනාවරණය වී ඇත්තේ.
එලෙස ඇති වූ ආරවුලකින් පසු සැමියා නිදා සිටින අවස්ථාවේ දී බිරිඳ විසින් අද අලුයම තුනට පමණ ඔහුට ගිනිතබා ඇති බව සඳහන්.
එහිදී දෙකකුල් පිළිස්සුම් තුවාල ලැබූ සැමියා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
සැකකාර බිරිඳගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඇය පවසා ඇත්තේ, සැමියා තමන්ට පොරවකින් පහරදුන් අවස්ථාවේ තමන් මියගිය බව සිතා ඊට බිය වී ඔහු විසින්ම ඔහුට ගිනි තබාගෙන ඇති බවයි.
Dasatha Lanka News










