ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල මෑතකදී අවිධිමත් ලෙස සිදු වූ පාලන තන්ත්‍රයන්හි වෙනස්කම්වලට දුර්වල රාජ්‍ය පාලනය හේතු වූ බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා පවසයි.Sri Lanka Latest News
එම රටවල ආණ්ඩු විරෝධී ජනතා නැගිටීම්වලට පාලනයේ දුර්වලතා හේතු වූ බව ඔහු සඳහන් කර තිබේ.
නව දිල්ලිහිදී පැවති දේශනයකට එක් වෙමින් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා මේ බව සඳහන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ජාතියක් ගොඩනැගීමේ දී සහ ජාතියක් සුරක්ෂිත කිරීමේ දී රටක පාලන තන්ත්‍රය විසින් වැදගත් කාර්යයභාරයක් ඉටු කරන බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
වර්තමානයේ රාජ්‍ය පාලනයන් වෙත නැගී එන අභියෝගය වී ඇත්තේ වැඩිවන අවශ්‍යතා හමුවේ පොදු මිනිසා තෘප්තිමත්ව තබාගැනීම බව ද ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා එහිදී පෙන්වා දී ඇත.










