ලංකාවට සහල් සහ ඖෂධ එවීම සදහා අවසර ලබා දී ඇතී බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා දැනුම් දී ඇත.
තමිල්නාඩු මහඇමැති එම්.කේ. ස්ටාලින් මහතා විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබා දී ඇත.
ඒ අනුව මෙසේ එවනු ලබන ආධාර ලංකා ආණ්ඩුවේ කැමැත්ත මත බෙදාහැරීමේ හැකියාව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබේ.










