අටවැනි වරටත් පැවැත්වෙන ‘ඉන්දු ලංකා ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය’ අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේදී හෙට (03) ආරම්භ වන බව යුද හමුදාව පවසයි.
ඉන්දීය යුද හමුදාවේ නිලධාරීන් 18 දෙනකු සහ සෙසු නිලයන් 102 දෙනකු සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් ඇතු`ථ භට පිරිස් 120 දෙනකු මෙම යුද අභ්‍යාසය සදහා එක්වීමට නියමිතව ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසීය.
මෙම මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අශ්‍යාසය සඳහා සහභාගී වන ඉන්දියානු යුද හමුදා කණ්ඩායම අද (02) මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණී බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
ඉන්දියානු යුද හමුදාවේ කර්නල් ප්‍රකාශ කුමාර් මහතාගේ නායකත්වයෙන් පැමිණී එම භට පිරිස මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බි්‍රගේඩියර් පී. එන්. ගොඩැල්ලවත්ත සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා විසින් ගුවන් තොටුපලේදී පිළිගනු ලැබූ බව ද ඔහු පැවසීය.










