චීනයෙන් කාබනික පොහොර සහ ඉන්දියාවෙන් ද්‍රව නැනෝ නයිට්‍රජන් ආනයනය කිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) පරීක්ෂණයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
එමඟින් රජයට රුපියල් බිලියන 8කට අධික පාඩුවක් සිදුව ඇති බව අනාවරණය වී තිබේ.
කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සදහන් කොට සිටියේ මෙම ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා හැකි ඉක්මනින් කෝප් කමිටුව මගින් අදාළ බලධාරීන් ගෙන්වා ප්‍රශ්න කරන බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ රජය වෙනුවෙන් සභානායක සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පසුගියදා පාර්ලිමේන්තුවේදී මෙම ආනයනයන් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස කෝප් කමිටුවට දැනුම් දිය යුතු බවට යෝජනා කළ පසුබිමකය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ආචාර්ය ප්‍රේමජයන්ත මහතා කළ ප්‍රකාශය පිළිබඳව තමා නොදන්නා බව පැවසූ මහාචාර්ය බණ්ඩාර, මෙම කරුණ කෝප් කමිටුවේ විෂය පථය යටතේ පවතින බැවින් එම කමිටුව මගින් පරීක්ෂණයක් පවත්වන බව සඳහන් කළේය.
“ ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී මොනවද කිව්වේ කියලා මම දන්නේ නැහැ. නමුත් පොහොර ආනයනය කිරීමේදී යම් දෙයක් සිදු වූ බව මම හිතනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම සමහර ආයතන කැඳවලා මේ ගැන සොයා බලනවා.” යැයි ඒ මහතා කීය.
fertilizer
ranjith bandara
cope










