ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමාජ ආර්ථික සංවර්ධනය සහ ද්විපාර්ශික සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.Sri Lanka Latest News
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති මෙම කැබිනට් පත්‍රිකාව මගින් රුපියල් මිලියන 2371 ප්‍රදානයක් නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දීමට නියමිතය.
ඒ අනුව අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, වාරිමාර්ග, සංචාරක ව්‍යාපාරය සහ ප්‍රජා සවිබල ගැන්වීම් යන අංශ මෙම ව්‍යාපෘතිය හරහා අවදානය යොමු කිරීමට බලාපොරොත්තු වේ.
මේ යටතේ ව්‍යාපෘති 33ක් හඳුනාගෙන ඇති අතර මෙමගින් නැගෙනහිර පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම සහ එම පළාතේ ජනතාවගේ සමාජ සවිබල ගැන්වීම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාව වනු ඇත.
ඒ අනුව අධ්‍යාපනය සඳහා රුපියල් මිලියන 315ක්, සෞඛ්‍ය සඳහා රුපියල් මිලියන 780ක්, කෘෂිකර්මාන්තය සඳහා රුපියල් මිලියන 620ක්, ධීවර කර්මාන්තය සඳහා රුපියල් මිලියන 230ක් ඇතුළුව ව්‍යාපෘති 33ක් සඳහා ඉන්දියානු රජය රුපියල් මිලියන 2371ක පිරිනැමීමට බලාපොරොත්තු වේ.
ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට ජනාධිපතිවරයා යොමුකළ කැබිනට් පත්‍රිකාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත.










