වසර ගණනාවක දේශසීමා ගැටුම් හමුවේ තිබු විරසකයන් විසදා ගනිමින් ඉන්දියාව සහ චීනය අතර සබඳතා නැවත ගොඩනැගීමට දෙරටේ බලධාරින් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.Sri Lanka Latest News
ඒ අනුව, මේ සම්බන්ධයෙන් සාකාච්ඡා කිරීම සඳහා ඉන්දීය ජ්‍යේෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු පසුගිය මාසයේ අගභාගයේදී චීනයේ සංචාරයක නිරත වී ඇති බවයි එම වාර්තා සඳහන් කළේ.
2020 වසරේ ජුනි මාසයේදී ලඩාක්හි ගැල්වාන් නිම්නයේ දී දෙපාර්ශවය අතර ඇති වූ ගැටුමත් සමඟ අර්බුදය උත්සන්න වූ අතර මෙම ගැටුම් හමුවේ ඉන්දියානු සොල්දාදුවන් 20 දෙනෙකු සහ චීන සොල්දාදුවන් හතර දෙනෙකු මියගොස් තිබුණා.










