භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් පමණ ශ්‍රී ලංකාවට දීමට ඉන්දියාව එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. (Sri Lanka Latest News)
මෙම එන්ජින් පාවිච්චි කරමින් තිබියදී ඉවත් කළ ඒවා බවත්, එම එන්ජින් ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගවල ධාවනය කිරීමේ හැකියාව, යෝග්‍යතාව සහ ප්‍රමිතිය පරීක්ෂා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන් කණ්ඩායමක් ඉන්දියාවට යෑමට නියමිත බවත් එම නිලධාරියා කීය.
ඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමුවීම හේතුවෙන් මෙම එන්ජින් භාවිතයෙන් ඉවත්කර ඇති බව කී එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය
lankadeepa