• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උඩින් ඇවිත් හොම්බෙන් යන එයාර්පෝට් මාෆියාව I Sri Lanka Latest News

September 25, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වාහන දන්න දෙන්නෙ නෑලු… එයාලගෙ ප්‍රමිතියක් නෑලු… කට්ටියක් පන්නලා දානවාලු… එයා ලාබයිලු හැබැයි බාලයිලු…

ශ්‍රී ලංකාවේ එයාර්පෝර්ට් එක ඇතුළේ මාෆියාවක් තියෙනවද? එයාර්පෝර්ට් එකේ ටැක්සි සේවය, එයාර්පෝර්ට් එකේ ඉඳන් එළියට එන්න තියෙන වාහනවල ප්‍රශ්නයක් තියෙනවද? මේක විශාල කතාබහකට ලක්වෙච්ච මාතෘකාවක්. ඇත්තටම ඒක පාර්ලිමේන්තුව ඇතුළේ පවා කතාබහට ලක්වුණා. එහිදී කියැවුණේ පිටින් එන ඇතැම් වාහන එයාර්පෝර්ට් එක ඇතුළට දාන්න දෙන්නේ නැහැ කියලා.(Sri Lanka Latest News)

ඇත්තටම එයාර්පෝර්ට් එකෙන් එළියට එනකොට එක්තරා සමාගම් දෙකක වාහනවල එන අයට ඒ අය විසින් නිතරම කියන කතාවක් තියෙනවා. ඒක ඇතුළට වාහනයක් දාන්න දෙන්නේ නෑ කියලා. මේවා බරපතළ චෝදනා. මේ චෝදනා ඇත්තද, බොරුද, මේවා වෙන්නේ කොහොමද කියන එක ගැන අපි හොයලා බලන්න තීරණය කළා. අපි මේ සොයාබැලීම කරන්නේ තීරණය කළේ කෙළින්ම එයාර්පෝර්ට් එකේ ඇතුළටම ගිහිල්ලා ඇතුළේ ඉන්න විවිධ ආයතනවල අයත් එක්කත් කතාබහ කරලා. එහෙම නැතුව හොරෙන් හොරෙන් මේ ගැන කතාබහ කරලා වැඩක් නෑ කියන මතයේ තමයි අපි ඉන්නේ.

ඒ නිසා අපි ඒ ගැන සාකච්ඡා කරන්න තීරණය කළා. ඇත්තටම අපි ඒ ගැන හොයලා බලන්නේ අපේ නමින් පෙනී ඉඳලා, කවුද කියන එක ඍජුව කියලා නෙවෙයි. අපි හැකි උපරිමයෙන්ම විවිධාකාරයේ උපක්‍රම භාවිත කරනවා මේ කාරණාව හොයාගන්න. මාධ්‍යවේදීන් විදියට අපිට අපේ රස්සාව හරියටම කරන්න වෙන්නේ එහෙම කළොත් තමයි.

ඇත්තටම මේ වෙලාවේ එයාර්පෝර්ට් එක ඇතුළේ එහෙම මාෆියාවක් තියෙනවද? මේ වෙලාවේ විතරක් නෙවෙයි හැමදාම එහෙම මාෆියාවක් තියෙනවා. එහෙම මාෆියාවක් කිව්වම ඒක කොහොම මාෆියාවක්ද කියලා අහන නිසා අපට කියන්න තියෙන්නේ කොහොම මාෆියාත් එයාර්පෝර්ට් එක ඇතුළේ තියෙනවා. එක එක විදියේ මාෆියා එයාර්පෝර්ට් එක ඇතුළේ තියෙනවා. ලංකාව කියලා කියන්නෙම මාෆියාවලට මුල් තැනක් දෙන රටක්. අංක එක මාෆියා. අංක දෙක තමයි හැම වෙලාවකම වෙනත් ආකාරයේ සාධාරණ ක්‍රමවේදවලට සිද්ධ වෙන දේවල්. දැන් මේ මොහොතේ අපි කතාකරන්න යන්නේ තෝරාගන්නා ලද එක කාරණාවක් ගැන නිසා, අපි ඒ කාරණාව ගැන විතරක් කතා කරලා ඉමු.

මොකක්ද මේ ටැක්සි සේවය? මේක වෙන්නේ එයාර්පෝර්ට් එක තුළට එන අමුත්තන්ට පෙර සූදානම් කරගත්ත වාහනයක් නැත්නම් ගුවන් තොටුපළ ඇතුළේ තියෙන වාහනයකින් ගමන් බිමන් යෑමේ පහසුකම සලසා දීම. ගුවන් තොටුපළ ඇතුළේ තියෙන වාහනයක් කියන්නේ ලියාපදිංචි කරන ලද ටැක්සි සේවා ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක වෙනවා. ඒවාට කවුන්ටර් කියලා කියනවා. අපි හොයා ගත්ත විදියට කවුන්ටර් හයක් ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ තියෙනවා. ඒ වගේම එයාර්පෝර්ට් ටැක්සි සේවය කියලත් ගුවන් තොටුපළේ සමිති සමාගම්වලින් හදාගත්ත එකක් තියෙන බවත් අපට දැනුණා.

ඒවායේ යම් යම් අඩුපාඩු තියෙනවා නම් නිවැරැදි කරන්න. අමනාප වෙන්න එපා අපි අතින් යම් අඩුපාඩු සිද්ධ විය හැකියි. නමුත් අපි හැකි තරම් උත්සාහ කරනවා කිසිම අඩුපාඩුවක් නැතිව මේ ලිපිය සකස් කරන්න. එතකොට මේ හය කාටද දෙන්නේ? උඩින් පේන කාරණය තමයි මේ හය දේශපාලන හිතවත්කම් මත, යාළු මිත්‍රකම් මත ලබාදෙන බව. නමුත් ඇත්තටම ඒක ඇත්ත. බොරු නෙවෙයි. 100%ක් එහෙමද කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා.

අපි හොයලා බලපුවාම අපි දැනගත්ත කාරණය තමයි මේවා ලබාදෙන්නේ ටෙන්ඩර් පටිපාටියක් යටතේ. ඒ ටෙන්ඩර් පටිපාටියේදී වාහනවල තත්ත්වය, රියැදුරන්ගේ තත්ත්වය ඇතුළු බොහෝ කරුණු කාරණා හොයාබැලීමට නියමිතයි. එතකොට එයාර්පෝර්ට් එක ඇතුළේ දුවන ටැක්සියකට තියෙන්න ඕනෙ යම් යම් තත්ත්වයන් තියෙනවා. ඒ කියන්නේ වාහනයක් අවුරුදු 10කට වඩා පැරැණි වෙන්න බෑ. ඒ වගේම රියැදුරාගේ යම් ගුණාත්මක බවක් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

එයාර්පෝර්ට් එක තුළ ධාවනය වන ටැක්සි සේවයක් විදියට යම් වාහනයක් ක්‍රියාත්මක වෙනවා නම් රුපියල් ලක්ෂ 5ක පැසෙන්ජර් කවර් එකක් තියෙන්න ඕනේ, නිශ්චිත අයකිරීමේ ක්‍රමවේදයක්, වාහනයේ සුවපහසුව බව, රියැදුරාගේ සුහදශීලී බව වගේ කරුණු සම්පූර්ණ විය යුතුයි. මේ විදියට අර කවුන්ටර් හයේ හෝ එයාර්පෝර්ට් එක තුළ දුවන වාහනයක් නම් එය ලියාපදිංචි කරන ලද වාහනයක්. මේ වාහනයේදී යම්කිසි කෙනකුට ප්‍රශ්නයක් ඇතිවුණොත් පැමිණිල්ලක් කළාට පස්සේ ලියාපදිංචි අංකය යටතේ ඔහුව හොයාගෙන දඬුවම් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම දේවල් වෙලත් තියෙනවා, ඒ වගේම එහෙම සිදුවුණු අවස්ථාවලදී යම්යම් පියවර අරගෙන තියෙනවා කියලත් අපට දැනගන්න ලැබුණා.

ගමන් මලු අරගෙන යෑමට පවා මේවා ඇතුළේ විශේෂ ක්‍රමවේදයක් තියෙනවා. යම්කිසි කෙනෙක්ගේ බෑග් එකක් එන වෙලාවේ ගන්න බැරුව ගියානම්, ගෙදර ගිහිල්ලා සුරක්ෂිතව බෑග් එක තමන්ගේ ගෙදරට ගෙන්වා ගැනීමේ හැකියාව මේ කවුන්ටර් හය හරහා තියෙනවා. එතකොට මේ කවුනටර් හයේ අද වෙනකොටත් වාහන යම් ප්‍රමාණයක් ධාවනය වෙනවා. ඒවායේදී තමන්ගේ ගමන සඳහා යන වියදම කීයද, මෙන්න මේ දුරට ඔවුන් අයකරන මුදල කීයද කියන සියල්ලම නිවැරැදිව දැනගන්න පුළුවන්. මේ වාහනවලට නියම කරන ලද මිල ස්ථාවරයි. ඔවුන්ට යම් ආකාරයකින් වාහනය තෝරා ගත්තා නම් යන්න සිද්ධ වෙනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය.

එතකොට මේ කියන සමාගම් දෙකේ වාහන මේ තුළට අද අරන් යන්න බැරිද? අපට දැනගන්න ලැබුණේ දැන් ඒ හැකියාව තියෙනවා කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. මේ අයට අද වෙද්දී ගුවන් තොටුපළේදී ගන්න සිම් එකේදිම සියලු ඇප් දුරකතනයට ඇතුළු වෙන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඊට පස්සේ ඔවුන්ට පුළුවන් මේ සමාගම් දෙකෙන් කැමැති එකකින් වාහනයක් තෝරාගෙන අදාළ ගමන යන්න. නමුත් ගුවන් තොටුපළ පරිශ්‍රය ඇතුළේ කියන කතාව තමයි මේ අය එහෙම වාහනයක් ඇණවුම් කළාට ඒ වාහනය එන්නේ නෑ කියලා.

සමහර වෙලාවට කැන්සල් කරනවා, ලැබෙන මුදල මදී කියනවා, වෙන වෙන ප්‍රශ්න ඇතිවෙනවා කියලා. ඔවුන් කියන්නේ මේක පිටරටින් එන අයට ලොකු ප්‍රශ්නයක් කියලා. මොකද ඒ අය කිසිම තැනක ලියාපදිංචි වෙලා නෑ, ඒ වගේම පැසෙන්ජර් කවර් එකක් නෑ, වාහනවල තියෙන ගුණාත්මක බව පිළිබඳ සැලකිලිමත් වීමක් නිවැරැදිව සිදුවෙන්නේ නෑ වගේ දේවල්. නමුත් ගුවන් තොටුපළ ඇතුළේදී පෙනෙන සමහර කාරණා තමයි බොහෝ විට මගියාට අවශ්‍ය වෙන්නේ අඩු මුදලකට තමන්ගේ ගමන යන්න. ඒක එයාර්පෝර්ට් එක තුළ තියෙන කවුන්ටර් හය හෝ අනෙක් ටැක්සි සේවාවලින් සිදුවෙන්නේ නැති බවයි ඔවුන්ගේ චෝදනාව. මේක එහෙමද ඇත්තටමද? එහෙම දෙයක් සිදුවෙනවා නම් එවැනි මාෆියාවකට ඊට ඉඩ දෙන්න බෑ කියන එක තමයි එයාර්පෝර්ට් එක ඇතුළේ කියැවෙන මතය.

මේ ක්‍රම දෙකටම අමතරව වාහන ගුවන් තොටුපළ තුළට එනවද? සමහර වෙලාවට කියන කාරණය තමයි අදාළ ප්‍රධානීන්ගෙන්, ආරක්ෂකයන්ගෙන්, පොලීසියේ අනුදැනුම සහිතව ඔවුන්ගේම වාහනවලින් මේ කාරණාව ඉඳහිට සිදුවෙන බව. ඒ කියන්නේ අපි කියපු අවස්ථා දෙකටම පරිබාහිරව තුන්වැනි පාර්ශ්වයක් විදියටත් යම් යම් පුද්ගලයන් රැගෙන යෑම සිදුවෙලා තියෙනවා. කණ්ඩායම් වශයෙන් රැගෙන යෑමත් එයාර්පෝර්ට් එකේ මේ වෙනකොට සිදුවෙන දෙයක් විදියට ඔවුන් හඳුන්වා දෙනවා.

ඒ කියන්නේ එක වාහනයක නුවරට යනවා නම්, මාවනැල්ලට, කෑගල්ලට, මීරිගමට අදාළ කට්ටියව අතරමගින් බස්සාගෙන යෑම. එතකොට මිල අඩුයි සැලකිය යුතු ප්‍රමාණයකින්. පහසුකම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් පහසුකම් අවශ්‍යද කියන එක ගැනත් අපට අහන්න සිදුවෙනවා. මොකද ගුවන් තොටුපළට පැමිණි පසු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ වාහනයකින් ගමන් කරන්න තියෙන කාලය පැය 6කට වඩා අඩුයි. එතකොට පැය 6ක් වගේ කාලයක් තුළදී විශාල සුවපහසුවක් අවශ්‍ය වෙනවාද කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා.

නමුත් අපි මේ කතාකරන්නේ හැම වෙලාවේම අපේ රටේ පුරවැසියන් පිටරටකට ගිහින් ආපු එක ගැනනේ. නමුත් විදේශිකයන් ලංකාවට ආවට පස්සේ මේ කාරණාව මේ විදියට ගැළපෙනවද? ඒ ගැනත් අපි කතා කරන්න අවශ්‍යයි. මොකද විදේශිකයන් ශ්‍රී ලංකාවට ආපුවාම ඔවුන්ට අවශ්‍ය පහසුකම් රට ඇතුළේ නිර්මාණය කරන කොට ඔවුන් හැම වෙලාවේම බලනවා ආරක්ෂාව ගැන. ශ්‍රී ලංකා ගුවන් තොටුපළට පැමිණි බොහෝ අවස්ථාවලදී විදේශිකයාට වෙන්නේ තමන් යුද බිමකට ගියා වගේ මානසිකත්වයක් ඇතිවෙන එක.

බොහෝ විට තුවක්කු අතින්ගත් සන්නද්ධ නිලධාරීන් තමයි ඒ වටපිටාවේ වැඩිපුරම දකින්න ලැබෙන්නේ. ඒ ගැන තව ටිකක් සැලකිලිමත් විය යුතුයි කියන එක අපි ආයෙත් මතක් කරනවා. ඒකට හේතුව අපි ගුවන් තොටුපළට ගිය වෙලාවෙත් දැනුණේ නිතරම ආරක්ෂකයන්ගෙන් පිරීගිය ස්ථාන දකින්න ලැබීම සහ ගුවන් තොටුපළෙන් එළියට එනකොටම තියෙන්නේ අනාරක්ෂිත ලෙස වැඩබිම්වල සිදුවෙන කටයුතු. පාරවල් හදනවා. ජීවිතේ පරදුවට තියලා වාහනේ එළියට දාන්න ඕනේ. එහෙම නැති වුණොත් වාහනේ ගන්න පොඩි වෙලාවක් ගතවෙනවා. ඉතා පහසුවෙන් එළියට යන්න පුළුවන් ආරක්ෂිත ස්ථානයක් බවට ගුවන් තොටුපළ පත්වෙනවා නම් ඒක ගොඩක් හොඳයි.

ගුවන් තොටුපළ තුළ තියෙන ටැක්සි සේවාවලින් කියන කාරණය තමයි විදේශිකයෙක් ලංකාවට ආවට පස්සේ ඔවුන්ට අවශ්‍ය කරන්නේ අඩු මිලට යෑම නෙවෙයි, සැපපහසුවට ගමන් කිරීම. මේ සැපපහසුව කියන එක ඇතුළේ ඔවුන් වැඩිපුරම සැලකිලිමත් වෙන වැදගත්ම කාරණය තමයි පහසුව කියන එක. පහසුව කියන එක වෙන විදියකට හඳුන්වනවා නම් ආරක්ෂිත කියන එක.

එතකොට ආරක්ෂිත කියන එක ඇතුළේ ඔවුන් බලාපොරොත්තු වෙනවා වාහනයේ වර්ගය, රියැදුරාගේ ගුණාත්මක බව, ඔහු කොයි තරම් දක්ෂ ලෙස මේ විදේශිකයා සමග කතාබහ කිරීමේ හැකියාව තිබෙනවද, ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව තියෙනවද, සංග්‍රහශීලීත්වය මොන වගේද, විදේශිකයෙක් සමග ගනුදෙනු කිරීමේ හැකියාව ඔහුට කොච්චර තියෙනවද කියන මේ කාරණා ටික ඉතා වැදගත්.

නමුත් ඔවුන් කියන්නේ අදාළ සමාගම්වල වාහනවලින් පැමිණෙන අයට එහෙම පුළුවන්කමක් නෑ කියලා. බොහෝ වෙලාවට කොහේ හරි ඈතක ඉඳලා කටුනායක පැත්තට එන වාහනයක් ඊළඟ ටුවර් එක යන්නේ කටුනායක සිට පැමිණෙන්නෙක් සමග වෙන්න පුළුවන්. නමුත් ඒක ඔහු පළමු වතාවට එයාර්පෝර්ට් එකට ආපු දවස වෙන්න බොහෝ විට ඉඩ තිබෙනවා. එහෙම තත්ත්වයක් යටතේ ඔවුන්ට පුළුවන්ද මේ විදේශිකයාව තෘප්තිමත් කිරීමට කියන ප්‍රශ්නය ඔවුන් අහනවා.

මේ වෙනකොට එයාර්පෝර්ට් එක ඇතුළේ හැම පහසුකමක්ම මේ ටැක්සි සේවාවලට දී ඇති බව තමයි ඔවුන් කියන්නේ. කවුන්ටර් දෙකක් මේ වෙනකොට විවෘත කරගන්න අවස්ථාව ලබාදීලා තියෙනවා. කිසිම ටෙන්ඩර් පටිපාටියකින් තොරව, ඒ වගේම කිසිම ගුණාත්මකභාවය පිළිබඳ පරීක්ෂණයකින් තොරව මේවා සිදුවෙලා තියෙන බව තමයි ඔවුන් කියන්නේ. නමුත් මේකෙ අනිත් පැත්තට තියෙන කාරණය තමයි ඇත්තටම මේ ටැක්සි සේවා තුළට වාහන ගනිද්දී මේවා ගැන සැලකිලිමත් වෙන බව අපට දැනගන්න ලැබෙනවා. ඔවුන් කියන්නේ වාහනයක යනකොට ඒ වාහනේ පැසෙන්ජර් කවර් එක ගැන ඔවුන් සැලකිලිමත් වෙනවා කියලා.

ඒ වගේම ගමන් කරන්නාගේ ආරක්ෂාව පිළිබඳ ඔවුන් සැලකිලිමත් වෙනවා කියලා. කස්ටමර් කෙයාර් කියන එක ගැන ඔවුන් හරියට සැලකිලිමත් වෙනවාය කියලා. ඇත්තටම ඒක එහෙම වෙනවාද කියන එක අදාළ සමාගම් දෙකේ වාහන භාවිත කරපු ඔබට සහ මට හිතන්න වෙනවා. ඒ සඳහා ගුවන් තොටුපළ සේවය සඳහාම විශේෂයෙන් පුහුණු කරන ලද සේවකයන් යොදවනවා නම් මේ ප්‍රශ්නය මීට වඩා යම් පහසු ආකාරයකින් විසඳාගන්න ලැබෙන බවත් පැහැදිලියි. කොහොම නමුත් ගුවන් තොටුපළ තුළ තියෙන මේ ප්‍රශ්නය ඉක්මනින් විසඳිය යුතුයි.

ඒක එක හාල් මුදලාලි කෙනකුට සියලු හාල් මිලදී ගැනීමට දීම වැනි කාරණයක් තෙක් දුර නොයා යුතුයි. ඒ වගේම සියල්ලන්ටම සම සේ බෙදී යා යුතුයි. ඒ වගේම ගුවන් තොටුපළ තුළ තිබෙන මේ ටැක්සි සේවා ක්‍රියාත්මක කරන්නන්ගේ රැකියාවලටද තට්ටු නොකළ යුතුයි. මහාපරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් මෙය ලබාදීමෙන් සිදුවන්නේ මේ සියලු දෙනාටම රැකියා අහිමි වීම කියන එකත් අපි සිහි තබාගත යුතුයි. දේශපාලන මාෆියාවන් මේ තුළින් ඉවත් විය යුතුයි. දේශපාලකයන්ට අවශ්‍ය විදියට කවුන්ටර් දීම නතරකළ යුතුයි. දේශපාලනික කාරණයක් නොවී මෙය රටට එන දොරකඩ බව සිහිතබාගත යුතුයි.

මේ තමයි රටට ඇතුළු වෙන දොර. මේ දොරෙන් ඇතුළු වුණාට පස්සේ තමයි විදේශිකයාගේ මානසිකත්වය තීරණය වෙන්නේ ආයෙත් මේ රටට එනවද නැද්ද කියන එක සම්බන්ධයෙන්. මොකද අපි දන්නවා ලෝකෙ යන්න තියෙන එකම රට ලංකාව නෙවෙයි කියලා. මේක ලෝකෙ තියෙන සුන්දරම රට බව අපට හතරේ පන්තියේදී රචනාවකට ලිව්වට දැන් ඒක එහෙම කියන්න බෑ. ඒකට හේතුව ලෝකයේ සංචාරක කර්මාන්තයට මේ වෙද්දී ඉතා ඉහළ අගයක් ලබාදෙමින් තිබීම. අපි ඇත්තටම එහෙම අගයක් ලබාදෙන්නේ නෑ කියලා තමයි අපට හිතන්න වෙලා තියෙන්නේ.

අපි සංචාරක කර්මාන්තයට අගයක් ලබාදෙනවා වෙනුවට වෙන වෙන මාෆියාවන් ක්‍රියාත්මක කරමින් සුද්දා ලංකාවට ආපු වෙලාවේ ඉඳන් ඔහුගේ අතේ පයේ තියෙන දෙවල් පවා කඩාවඩා ගන්න උත්සාහ කිරීම. ගුවන් තොටුපළ තුළින් එන චෝදනාව තමයි මේ සමාගම් දෙකේ වාහනවල යන්න ගියොත් ඇත්තටම වෙන්නේ ඒක කියලා. මොකද ඒකට හේතුව ඔවුන් කියන්නේ ලියාපදිංචි නොකරන ලද වාහන සම්බන්ධතාවක් නැති වාහන කියන එක.

නමුත් අදාළ සමාගම් දෙකේ මේ වාහන ලියාපංදිචි කර ඇති බව අපි දන්නවා. ඊළඟ වැදගත් දේ තමයි සංචාරකයන් සමග ගනුදෙනු කිරීමට පුරුදු පුහුණු විය යුතුයි කියන එක. ඊට ව්‍යතිරේකයක් හොයාගන්න අපටත් බැරි වුණා. කොහොම නමුත් සැලකිලිමත් නොවුණොත් මේක බරපතළ ප්‍රශ්නයක් දක්වා දුරදිග යා හැකියි. ගුවන් තොටුපළ කියලා කියන්නේ සෙල්ලම් කරන්න පුළුවන් තැනක් නෙවෙයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පාවිච්චි කරපු දුම්රිය එන්ජින් 20ක් ලංකාවට දෙන්න ඉන්දියාව කැමැතිලු! Sri Lanka Latest News

Next Post

නෙළුම් කුළුණේ ලයිට් වෙනස් වෙයි! Sri Lanka Latest News

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.