ගවේශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයෙන් ප්‍රකාශයට පත් කළ පැන්ඩෝරා ලියවිලිවල සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට පැවැරී ඇති බලතල අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව පැවසේ.
ඒ අනුව පැන්ඩෝරා ලියවිලිවල අන්තර්ගත ශ්‍රී ලාංකිකයන්ගේ බදු ගෙවීම්වලට අදාළ ලිපිගොනු පරීක්ෂා කිරීමක් හා බදු පැහැරහැරීම් වී තිබේදැයි මෙහිදී විමර්ශනයට ලක් කිරීමට නියමිතය.
අධිකරණයෙන් ඊට අදාළ වාර්තා කැඳවීමක් වුවහොත් ඒවා ලබාදීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව වාර්තා වේ.
ලෝක බලවතුන්, ධනවතුන් සහ දේශපාලකයන් ඇතුළු පුද්ගලයන් විසින් සිදුකෙරුණු බදු පැහැරහැරීම්, අයථා ධනය රැස්කිරීම් සහ මුදල් විශුද්ධිකරණ කටයුතු ආදිය මෙසේ පැන්ඩෝරා ලියැවිලි නමින් අනාවරණයට පත් වූ අතර දේශපාලන සබඳතා ඇති ශ්‍රී ලාංකිකයකු වන තිරුකුමාර් නඬේෂන් හා ඔහුගේ බිරිඳ වන නිරූපමා රාජපක්ෂගේ තොරතුරු ද ඒ අතර විය.










