• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාල ඖෂධ නඩුවේදී තවත් හෙණ ගහන අපරාධයක සුලමුල එළියට එයි! පිළිකා රෝගීන්ට දෙන ‘රිටොක්සිමැප්’ ගේන ටෙන්ඩරය දීලා තියෙන්නෙත් මේ සැපයුම්කරුටමයි! බෙහෙත් කියලා ගෙනත් දීලා තියෙන්නෙත් ‘ඉමියුනෝග්ලොබියුලීන්’ ‌වගේම නිකම්ම නිකම් ද්‍රවණයක් විතරයි! ඒ වෙනුවෙන් ලක්ෂ 1000ක් ගෙවලා!  I Sri Lanka Latest News

March 14, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාවට අදාළ ප්‍රශ්නගත ඖෂධ සැපයුම්කරු විසින් සපයා ඇති පිළිකා නාශක ඖෂධයක් ද ප්‍රමිතියෙන් තොර බවට වාර්තාවකින් තහවුරු වූ බව අද (14) අධිකරණයේදී අනාවරණය විය.Sri Lanka Latest News

මේ අතර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

විදෙස්ගතව සිට ඊයේ දිවයිනට පැමිණි වෛද්‍යවරයා ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබූ අතර, මොහු ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගයීම් කමිටු සාමාජිකයෙක් ලෙස ද කටයුතු කළ අයෙකි.

සැකකරු අද දහවල් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ ප්‍රමිතියෙන් තොර  හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් සම්බන්ධ නඩුව ද අද යළි කැඳවු අවස්ථාවේදීය.

ඒ අනුව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

අනතුරුව වැඩිදුර විමර්ශන සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

”ස්වාමීනි, අද දින ඔබතුමන්ගේ අධිකරණයට ඉදිරිපත් කර ඇති තුසිත සුදර්ශන නැමැති මෙම සැකකරු මෙම නඩුවේ 11 වන සැකකරු ලෙස නම් කරන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් නම් ප්‍රශ්නගත ඖෂධයට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදි ඇගයීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු මෙම තැනැත්තා වන අතර අනෙක් වෛද්‍යවරයා මේ වන විටත් අධිකරණය මගහැර විදෙස්ගතව සිටිනවා. ස්වාමීනි ප්‍රසම්පාදනයට අදාළ ඇගයිම් කමිටුව තුළ කටයුතු කිරීමේදී මොවුන්ගේ වගකීම වෙන්නේ ප්‍රසම්පාදනයට ලක්වන ඖෂධයේ ගුණාත්මකභාවය හා සැපයුම්කරු පිළිබඳ සත්‍ය තොරතුරු නිර්දේශ කිරීමයි. නමුත් ස්වාමීනි මොවුන් දේශීයව නිෂ්පාදනය කළ නොහැකි ඖෂධයක් සැපයීම, දේශිය සැපයුම්කරුවෙකුට ලබාදිමයි මෙම මහා අපරාධයට හේතු සාධක වුණේ. ඊට හේතුව විමසුවාම මොවුන් කියනවා අපි හිතුවේ ඉන්දියාවෙන් ගෙනල්ලා සැපයීම සිදු කරයි කියලා. නමුත් ස්වාමීනි ඔවුන්ගේ හිතලුමත බෙහෙත් තෝරන්න නොවෙයි රටේ ජනතාව බදු ගෙවන්නේ. විත්තිකුඩුවේ සිටින මෙම සැකකරුවන් එන්නත් මාත්‍රාවේ ප්‍රමිතිය පරික්ෂාවට ලක්කිරීම එක් එක් අයට පවරනවා. මම අහන්න කැමතියි මේ විත්තිකූඩුවේ සිටින කිසිවෙකුත් එන්නත් මාත්‍රාවේ ප්‍රමිතිය පරික්ෂා කිරීමේ වගකීම භාරගන්නේ නැත්නම් එන්නත ලබාගන්න රෝගීන්ද එහි පරික්ෂාවට ලක්කරන්න ඕන කියලා. “

එමෙන්ම ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සැපයුම්කරු විසින් වෛද්‍ය සැපයුම් අංශයට සපයන ලදැයි මීට පෙර කරුණු අනාවරණ වි තිබු පිළිකා නාශක ඖෂධය සම්බන්ධයෙන් ප්‍රමිති වාර්තාවක් ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට ඉදිරිපත් කළේය.

” ස්වාමීනී, මෙම ප්‍රශ්නගත ඖෂධ සැපයුම්කරු විසින්ම සැපයු තවත් ඖෂධයක් තමයි රිටොක්සිමැප් කියන්නේ. එම ඖෂධ මාත්‍රා 2,250ක් සැපයීමට ප්‍රශ්නගත සැපයුම්කරුට ටෙන්ඩරය ප්‍රධානය කර තිබෙන්නේ  හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මාත්‍රාව වගේම ප්‍රමාණවත් තොග සෞඛ්‍ය අංශය තුළ තිබියදියි. ඒ අනුව මෙම සැපයුම්කරු අවස්ථා 4කදි රිටොක්සිමැප් එන්නත් මාත්‍රා 2200 ක් වෛද්‍ය සැපයුම් අංශයට සපයා තිබෙනවා. ස්වාමීනි, එම ඖෂධයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් මහරගම අපෙක්ෂා රෝහලේ පිළිකා ආයතනයෙන් අප ප්‍රමිති වාර්තාවක් කැඳෙව්වා. එම වාර්තාව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ස්වාමීනි රිටොක්සිමැප් ඖෂධය පිළිකා රෝගයෙන් සුව වීමට අදාළ වෙන්නේ එහි මොනකෝනල් නමැති පිළිකා නාශක ප්‍රතිදේහයට අන්තර්ගත වුණොත් විතරයි. නමුත් ස්වාමීනි මෙම සැපයුම්කරු සපයා ඇති රිටොක්සිමැප් කියන්නා වු මාත්‍රාවල එම ප්‍රතිදේහය කිසිඳු ලෙසකින් අන්තර්ගත වෙලා නැහැ. එය හුදෙක් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සැපයුවා වගේම නිකන්ම නිකන් ද්‍රාවණ සැපයීමක් විතරයි. එවැනි ද්‍රාවණයකට තමයි රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් රුපියල් ලක්ෂ 1000ක් ගෙවලා තියෙන්නේ. ස්වාමීනි, එම ඖෂධය ප්‍රශ්නගත වෙලා අධිකරණ නියෝගයකින් එම එන්නත් මාත්‍රා තොග යළි කැඳවන විටත් බෙදාහරින ලද එන්නත් මාත්‍රා 2200 න් 1200ක්ම භාවිත වෙලා තිබුණා. ඉතිරිවෙලා තිබුණේ එන්නත් මාත්‍රා 1000 ක් විතරයි. “

ඉන් අනතුරුව මෙම නඩුවේ 1, 2 , 3, 4 , 6, 8  සැකකරුවන් මීට පෙර අධිකරණයට ඉදිරිපත් කර තිබු ඇප අයදුම් සම්බන්ධයෙන් වන නියෝගය  මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.

“විත්ති පාර්ශ්වය දරන ප්‍රධාන ස්ථාවරයක් තමයි තම සේවාදායකයින්ට එරෙහිව නගා ඇති චෝදනා පොදු දේපළ පනත යටතට ගැනෙන්නේ නැහැ කියන එක. නමුත් පළමු සැකකරුට එන්නත් මාත්‍රා සඳහා සිදු කරන ලද ගෙවීම රු.25,000 කට වඩා වැඩිවීමත් එය සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂයෙන් එනම් මහජන මුදලින් ගෙවා තිබිමත් තුළ සියලු විත්තිකරුවන් සම්බන්ධයෙන් පොදු දේපළ පනත අදාළ වන බව අධිකරණයේ ස්ථාවරයයි. මොකද රජයේ දේපළවල වටිනාකම පිළිබඳ නිලධාරින්ටත් වගකීමක් තියෙනවා. ඒ අනුව පොදු දේපළ පනතෙහි ප්‍රතිපාදනය තමයි විත්තිකරුවන් සුවිශේෂි කරුණු ඉදිරිපත් නොකරන්නේ නම් නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධානගාරගත කිරීම. එමෙන්ම සුවිශේෂි කරුණු නොසලකා සාමාන්‍ය ඇප දීම රීතියක් ලෙස සැලකුවත් පවතින මහජන කැලඹීම මත ඇප ප්‍රදානය කරන්න බැහැ. එබැවින් මෙම කරුණු සැලකිල්ලට ගනිමින් 1, 2 , 3 , 4 , 6, 7, 8 සැකකරුවන් සම්න්ධයෙන් සිදු කළ ඇප අයැදුම් ප්‍රතික්ෂේප කිරිමට මෙම අධිකරණය තීරණය කරනවා. “

ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ,හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 6දෙනා නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධානාගරගත කිරීමට මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ප්‍රකාශ කළාය.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන හා සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මාර්තු මස 28 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධානාගරගත කිරිමට මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. -දෙරණ

SendShareShare
Previous Post

කෝප් එක බයිස්කෝප් වුණා! ඔස්කාර් එකේ ජෝන් සීනා ලංකාවේ ජෝන් සීනා! VIDEO I Sri Lanka Latest News

Next Post

මේක අපේ ආණ්ඩුවක්ද කියලා අපිටත් දැන් සැකයි! ප්‍රධාන මැතිවරණ කල් දානවට අපි එකඟ නෑ! මගේ අදහස නම් ජනාධිපතිවරණයට කලින් මහමැතිවරණයක් තියන්න ඕනෑ! ලංකාවට ආ බැසිල් පළමු වතාවට මාධ්‍යයට කතා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.