යාපනය විශ්වවිද්‍යාලය තුළ අදහස් ප්‍රකාශ කිරීමට නිදහසක් නොමැති අවස්ථාවක අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වීමට නීති පීඨය තමන්ට ආරාධනා කිරීම හාස්‍යයයට කරුණක් බව ප්‍රකාශ කරමින් නීතිඥ ස්වස්තිකා අරුලාලිංගම් යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වෙත 02 දා ලිපියක් යවමින් ප්‍රකාශ කොට ඇත. (Sri Lanka Latest News)
නීතිඥවරිය විශ්වවිද්‍යාලය තුළ දේශනයක් පැවැත්වීමට පසුගිය 31 වැනිදා ගිය අවස්ථාවේදී ඇය එල්.ටී.ටී.ඊ. සංවිධානය ෆැසිස්ට්වාදී සංවිධානයක් ලෙස හඳුන්වා ඇති නිසා ඇයට එම දේශනය පවත්වාගෙන යෑමට යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් ඉඩ ලබා නොදීමේ සිද්ධිය නිසා නීතිඥවරිය මෙම ලිපිය යවා තිබේ.
මෙම දේශනය නිසා ඇයට යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් තර්ජන පවා එල්ලවීම නිසා ඇයට එම දේශනය නිසි පරිදි පැවැත්වීමට නොහැකි වී ඇත.
‘අර්බුදකාරී අවස්ථාවලදී අධිකරණයේ ස්වාධීනත්වය’ යන මැයෙන් එම දේශනය පැවැත්වීමට නියමිතව තිබිණි.
lankasara










