‘උඹලා හීලෑ වෙලා හිටපල්ලා… නැත්නම් අපි බලාගන්නම්… යන පණිවුඩය අද වනවිට ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව හරහා ලබා දී ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ පාකිස්තානයේ පාර්ලිමේන්තුවද ඉම්රාන් ඛාන්ට විරුද්ධව මෙවැනි විකෘති තීන්දුවක් ගත් බවත්, ඒ හරහා පාකිස්තානය බරපතළ අර්බූදයකට මුහුණ දී ඇති බවත්, මන්ත්‍රීවරුන්ට ගමට පවා යන්න බැරි වූ බවත්ය.










