ඉමියුනෝග්ලොබියුලින් සිද්ධියේ මහමොළකරුවන් අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් තවදුරටත් ප්‍රමාද කරමින් සිටින බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි. (Sri Lanka Latest News)
එහි සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ, අදාළ චෝදනාවට සම්බන්ධ සැකකරුවන් ලබන 15 වැනි දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.
ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් වෛද්‍ය චමල් සංජීව මහතා මේ බව සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශය තමන්ට හිතවත් දූෂිත නිලධාරීන් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ද වෛද්‍ය චමල් සංජීව මහතා එහි දී සඳහන් කළේය.
adaderana










