• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැබිනට් එක සිග්නල් කණු කරලා මහ රෑ ගහපු කෙරවළපිටි ගිවිසුම වහා අකුළාගන්න!

September 23, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
කැබිනට් එක සිග්නල් කණු කරලා මහ රෑ ගහපු කෙරවළපිටි ගිවිසුම වහා අකුළාගන්න!
Share on WhatsAppShare on Facebook

අමාත්‍ය මණ්ඩලයම සිග්නල් කණු බවට පත්කොට මහ රෑ සිදු කළ කෙරවලපිටි බලාගාරය විකිණීම වහාම හකුලා ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවට දැනුම් දී තිබේ.

එම නිවේදනය මෙසේය.

මැදියම් රැයේ මහා පාවාදීම හෙවත් කෙරවලපිටිය විකිණීම වහා හකුලා ගනු!

බලය ලබා ගැනීම උදෙසා මේ රටේ මහජනතාවට මැතිවරණයට පෙරාතුව ඉදිරිපත් කරන ලද දේශප්‍රේමී, දේශහිතෛෂී, ජනතාවාදී සියලුම පොරොන්දු සහ ප්‍රතිපත්ති අලුයම ලූ කෙළ පිඩක් සේ කුණු කූඩයට විසි කොට ඇති වර්තමාන ආණ්ඩුව ඊට සහමුලින්ම ප්‍රතිපක්ෂ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මුළු රටම මහත් ව්‍යසනයක් කරා තල්ලු කරගෙන යමින් සිටි. බිහිවූ දා සිටම මේ දක්වා සැලකිල්ලට ගත හැකි ජනතාවාදී කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් වත්මන් ආණ්ඩුව ඒ වෙනුවට ජන ජීවිත අවදානමට ලක් කොට ඇති අතර, රටේ සම්පත් සියල්ල මැදියම් රැයේදි පවා කුණු කොල්ලයට විකුණමින්, බලය ලබා ගැනීමට පෙර මවා පෙන්වූ සිය ඊනියා දේශහිතෛෂී භාවයේ අවසාන සළුපිළි ද ඉවත් කරමින් සිටී.

පසුගියදා, zoom තාක්ෂණය හරහා මැදියම් රැයේ පවත්වන්නට යෙදුණු කැබිනට් රැස්වීමේ දී, අතිශය හිතුවක්කාරී ලෙසත්, හිතු මනාපයටත් කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය මේ රටට අහිමි කිරීමේ අන්තනෝමතික තීරණය ආණ්ඩුව විසින් ගෙන තිබේ.

 යුගදනවි යනු ඉදිරි දශකය තුළ මෙරට පිහිටි විශාලතම බලාගාරය වන අතර විදුලිබල මණ්ඩලය සමග ඇති ගිවිසුම් අනුව 2035 වර්ෂය වනවිට රාජ්‍ය සමාගම්වලට අයිතිව තිබෙන සියලු කොටස් එනම් යුගදනවි බලාගාරය පූර්ණ වශයෙන්ම විදුලිබල මණ්ඩලයට හිමිවන්නට නියමිතය. එහෙත් සිදුවෙමින් පවතින්නේ එතරම් විශාල බලාගාරයක් විදේශීය සමාගමකට පත් කිරීමට පිඹුරුපත් සැකසෙමින් තිබීමය.

ඒ අනුව යුගදනවි බලාගාරයේ වෙස්ට් කෝස්ට් පවර් සමාගමේ 40%ක කොටස් හිමිකරගැනීම සඳහා අදාළ නීතිමය ගිවිසුම අත්සන් කළ බව අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි (New Fortress Energy) සමාගම තහවුරු කොට තිබේ.

 එපමණක් නොව, කෙරවලපිටිය ඉදිකිරීම් ලබාදෙන අදාල සමාගමටම ගෑස් සැපයීමේ ව්‍යාපෘතිය ද ලබාදී තිබේ. මාසිකව හෝ වාර්ෂිකව අදාළ ගෑස් ටෙන්ඩර් මගින් ලබාගැනීමට හැකියාව තිබියදී එම ගෑස් සැපයීමේ අයිතිය වසර 05කට එම සමාගම වෙතට ම ලබා දී ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින් තොරවය. ඒ අනුව, ටෙන්ඩර් කැඳවා තිබෙන පාවෙන ගෑස් ගබඩා සංකීර්ණය ඉදිකිරීම ද, නළ පද්ධතිය ඉදිකිරීම ද එම සමාගමට ම පවරා තිබේ. ඒ යුගදනවි බලාගාරයේ 40%ක කොටස් පැවරීමේ ගිවිසුම ද සමගය.

 ඉංජිනේරු සංගමය ඇතුලු සබුද්ධික පිරිස්වල අදහස් අනුව මෙහි 40% අයිතිය ලබා දීමටත් වඩා වැඩි බලපෑමක් එල්ලවන්නේ LNG සැපයුම ඔවුන් අත‌ට පත්වීම හරහා ය. රටේ මර්මස්ථානයක පාලනය විදෙස් සමාගමකට දීමෙන් රටේ බලශක්ති සුරක්‍ෂිතතාවය අනතුරකට ලක්වෙන අතර අනාගතයේ එම LNG සැපයුම අඩාල කිරීම තුළ රටේ බලශක්ති නිපදවීමට බලපෑම් කිරීමට මේ හරහා විදේශීය සමාගමකට හැකිවීම විශාල අවධානම් සහගත තත්ත්වය කි.

 ලොව කිසිම රටක්, ස්වාභාවික වායු සැපයීමේ ටෙන්ඩර සහ එයට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ටෙන්ඩර ඒකාබද්ධව සිදු නොකරන අතර, එවැන්නක් සිදුවුවහොත් රටේ ජාතික ආරක්ෂාව බලශක්ති ආරක්ෂාව තහවුරු නොවන බව එම රටවල් දනී.

 මේ අවදානම නොතකා හැර මෙරට ආණ්ඩුව ගත් මෙම අන්තනෝමතික ක්‍රියාවලිය හේතුකොටගෙන මෙරට බලශක්ති ආරක්ෂාව පමණක් නොව මුළු රටම සිය ග්‍රහණයට නතුකර ගැනීමේ හැකියාව ද ඔවුන්ට හිමි වනු ඇත. කෙසේ වෙතත් ආණ්ඩුව මේ බරපතල අනතුරද නොතකා හැර, මෙරට බලශක්ති ප්‍රතිපත්තියටද අනනුකූල ලෙස මෙම ගිවිසුම් අත්සන් කොට තිබේ.

 අනෙක් අතට, අදාළ යෝජනාව ප්‍රකාරව රටට අවශ්‍ය විදුලියෙන් සියයට 50ක් නිපදවීමේ ඒකාධිකාරය විදේශිය පුද්ගලික සමාගමකට ලැබේ. මීට පෙර ටෙන්ඩර් කැඳවා ඇගයීම් අවසන් කර තිබියදී එය අහෝසි කර මෙම සමාගමට දීමට හේතු මොනවාද යන්නත් මීට පෙර ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුණේද විදේශ රටවල් නිසා මේ හරහා රාජ්‍ය තාන්ත්‍රික ගැටලු ද මතුවුවහොත් ඇතිවන තත්ත්වය පිලිබදවත් අපි ආණ්ඩුවෙන් පිලිතුරු බලාපොරොත්තු වෙමු.

හෙජින් ගිවිසුම තරම් මහා පාවාදීමක් මෙම ගිවිසුම හරහා සිදුවන අතර මෙවැනි පාවාදීමක් ශ්‍රී ලාංකික පුරවැසියෙකුට කිසිසේත්ම සිදුකළ නොහැකිය .

මෙවන් බරපතල ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කරත්දීත් කැබිනට් මණ්ඩලය හුදෙක් සිග්නල් කනු බවට පත්ව සිටින අතර කිසිවෙක් මීට එරෙහිව වගකීම් සහගත මැදිහත්වීමක් නොකිරීම තුලින් ගම්‍ය වන්නේ ඔවුන් පත්ව සිටින තත්වය යි. එහෙත් ඒ කිසිවෙකුට මේ බරපතල පාවාදීමෙහි කොටස්කරුවන් වීමෙහි වරදෙන් මිදිය නොහැකිය.

භූමියෙන් කුඩා රටක බලශක්තියේ පාලනය සහ හිමිකම ලබාගන්නා පිටස්තර කවරෙකුට වුව රටේ පාලනය හැසිරවීමට බලයක් ලැබෙන බව වටහා ගැනීමට තරම්වත් ප්‍රබුද්ධ සිහියක් නැතිව සිහිමූර්ඡා වී සිටින ආණ්ඩුවට නොතේරෙන නමුත්, සමගි ජන බලවේගය ඇතුළු මෙරට සමස්ත ජනතාව ආණ්ඩුවේ මේ අන්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව කඳවුරු බඳින බව අවධාරණය කළ යුතුය.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

SendShareShare
Previous Post

පැයකට රිපෝට් 500ක්! දිනකට 7000ක්! ලංකාවේ ‌ලොකුම PCR රසායනාගාරය ඇරෙයි!

Next Post

ඊයේ අනුර කියපු අලියෙක් ඉන්න මිරිහානේ එන්.ජී. රාජපක්ෂ කව්ද? අලියා ජනාධිපතිතුමාගේ බව වනජීවී ඇමැති පිළිගනී! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.