ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සතුව චරක නම් අලියකු සිටි බවත්, එම අලියා මේ වනවිට අධිකරණය මගින් මුදාහැරීමෙන් පසු ජනාධිපතිවරය එම අලියා ගෙදර ගෙන ගියේ නැති බවත්, එම අලියා දෙනියායේ පන්සලක සිටින බවත් වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම පිළිතුර ලබා දුන්නේ අනුර කුමාර දිසානායක මහතා විසින් අලියකු හිමි මිරිහානේ පදිංචි එන්.ජී. රාජපක්ෂ කවුරුන්ද යනුවෙන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබා දෙමිනි.










