රටේ ලක්ෂ 220ක් වු ජනතාව නියෝජනය කිරීම සදහා පාරිලිමේන්තුවට යවන අපේක්ෂකයන් ජනතාව ගැන සිතිය යුතු වුවත් පසුගිය කාලයෙ බෙහෙත් විශවීම නිසා පුද්ගලයන් කිහිප දෙනකු මියගිය බවත් අවමංගල්‍ය ශාලා රෝහල් ඉදිරිපිට අනාදිමත් කාලයක තිබුනත් එහි අරමුණ රෝහලට පැමිණෙන සියලු දෙනාම මැරෙනවා කියන එක නොවන බවත් මිහින්තලා පුදබිමේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවසීය.Sri Lanka Latest News
මේ වන විට රටේ වෛද්‍යවරු රට හැර යන බවත් තවත් බුද්ධිමතුන් රට හැර යන බවත් මේවට වගකියන පුද්ගලයකු දැන් සොයාගත නොහැකි බවත් ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන සමහර මැතිඇමතිවරු බෙහෙත් පෙත්තෙන් පවා පගා ගන්නා බවත් සමහර පුද්ගලයන්ට තැබෑරුම් පවා තිබෙන බවත් පැවසීය.
පසුගිය කාලයේ මිහින්තලා නගරය අවට කිසිදු තැබැරුමක් නොතිබුනත් පසුගිය දිනක සිට ලමුන් 8000ක් ඉගෙන ගන්නා රජරට විශ්වවිද්‍යාලය ඉදිරිපිට ආණ්ඩුවේ ප්‍රබල රාජ්‍ය ඇමතිවයකුට අයත් බියර් තැබෑරුමක් ස්ථාපනය කළ බවත් මේ නිසා කිසිදු දිනක තැබැරුමක් මස් කඩයක් නොමැති නගරයක් ලෙස පැවැති මිහින්තලයෙ නගරයෙි ඒ වාර්තාව වත්මන් රජය විසින් බිද දැමු බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමෙින්තුවේ අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියේ්ය.
රටේ අනන්තවත් ප්‍රශ්න ඇති මුත් ඒවා කතා කිරිමට ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් භාෂණයේ නිදහසක් නොමැති බවත් විවිධ නීති රීති ගෙනවිත් ජනතාව සිරකර ඇති බවත් මෙවැනි ගැටලු රැසක් තිබියදී ඇස්බැන්දුම් හරහා ජනතාව රවටමිනි සිටින බවත් උන්වහන්සෙ තවදුරටත් පැවසීය.
රටේ හැමතැනම දේශපාලනීකරණයකට ලක්ව ඇති බවත් අතීතයෙි සිටි මැති ඇමතිවරුන්ට සාපේක්ෂව වර්තමානයේ සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති වී ඇති බවත් සමහර පුද්ගලයන් විශාම යා යුතු වයසේ සිටියත් බලයට කැදර කමේ සිටින බවත් මේ තත්ත්වය වෙනස් විය යුතු බවත් උන්වහන්සෙ තවදුරටත් පැවසීය.
එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියෙ ලබන වසරෙ මිහින්තලයේ පොසොන් පෙරහැරට, සති පිරිතට සහ ආලෝක පූජාවට සමගි ජන බලවෙිගයේ බෞද්ධ උපදේශන කමිටුව හරහා දායක වීමට සූදානම් බවත් තමා සංස්කෘතික ඇමතිවරයා ලෙස මිහින්තලා පුදබිමේ ලක්ෂ 3200ක වැඩ කටයුකු සිදු කල බවත් එම කටයුතු පසුගිය රජය සමයෙ නැවැත්තු බවත් පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද දින මිහින්තලා පුදබිමේ සංචාරයක නිරත වූ අතර මේ අවස්ථාවේ දි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මිහින්තලා පුදබිමේ පැවැති අඩුපාඩු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදී.