රට පුරා සැලකිය යුතු වැසි තත්ත්වයක් දැනට බලාපොරොත්තු විය නොහැකි බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ කරුණානායක සඳහන් කර තිබෙනවා. දැනට දැඩි නියඟය පවතින උතුර, නැගෙනහිර, උතුරුමැද, ඌව පළාත්වලට සැලකිය යුතු වැසි බලාපොරොත්තු විය හැක්කේ ඔක්තෝබර් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දී බවයි ඔහු පවසන්නේ.Sri Lanka Latest News
නිරිතදිග මෝසම් වැසි සමය (මැයි – සැප්තැම්බර්) ආරම්භ වී ඇතත් එම වැසිවල සැලකිය යුතු අඩුවක් පවතින බවයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සඳහන් කරන්නේ. එල්නිනෝ තත්වය ඇතුළු විවිධ කරුණු මීට බලපාන්නට ඇතැයිද ඔහු ප්‍රකාශ කරනවා.
නිරිතදිග මෝසමෙන් වැසි ලැබෙන්නේ බස්නාහිර, මාතර, ගාල්ල, සබරගමුව, නුවරඑළිය, කුරුණෑගල සහ පුත්තලම යන ප්‍රදේශවලට බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සමහර ප්‍රදේශවලට සවස් කාලයේ දී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.