13 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාලව බලය බෙදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබන සතියේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.Sri Lanka Latest News
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාල සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාල අණ පනත් ගෙන ඒම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැහැදිලි කිරීමට ද නියමිතය. පොලිස් බලතල හැර අනෙකුත් බලතල බෙදා ගන්නේ කෙසේද යන කාරණය ගැන ජනාධිපතිවරයා මෙම ප්‍රකාශයේදී කරුණු පැහැදිලි කරනු ඇත.