බීමත්ව ගිනි අවි සහිතව වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට යාම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබදව පළමුවරට මාධ්‍ය සමග අදහස් දැක්වීමට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා කටයුතු කොට ඇත.
ඒ ඩේලිමිරර් පුවත්පතට ඒ පිළිබද තොරතුරු හෙළිදරව් කරමිනි.
එහිදී අමාත්‍යවරයා වැලිකඩ සහ අනුරාධපුර සිරගෙවල්වලට ඇතුල් වූ බව පිළිගෙන ඇතත් බීමත්ව සිටි බවට සහ ගිනි අවි පෙන්වා සිරකරුවන්ට මරණීය තර්ජන එල්ල කර ඇති චෝදනාව බැහැර කරයි.
‘මම වැලිකඩ එල්ලුම් ගහ බලන්න ගියා තමයි. ඇමැතිවරයෙකුට අයිතිය තියෙනවා අවශ්‍ය වෙලාවක බන්ධනාගාර නිරීක්ෂණය කරන්න. ඒකට කාගෙන්වත් අවසර ගන්න ඔ්න නෑ. දවල් හරි රෑ හරි ඔ්න වෙලාවක මට බන්ධනාගාරවලට යන්න පුලුවන්. මගේ යටතේ බන්ධනාගාර 29ක් සහ පුනරුත්ථාපන කදවුරු 2ක් තියෙනවා. ඉතින් මට ඔන් කරලා තිබුණා මේවයේ ඇතුළේ සිද්ධ වෙන දේවල් බලන්න. හැබැයි මම බීලා ගියේ නෑ. අනෙක මම කිසිම සිරකරුවකුට ගිනි අවි පෙන්වලා තර්ජනය කරලා නෑ. එහෙම කරන්න මට පිස්සු නෑ. මම බන්ධනාගාර බාරගත්තේ ඒවයේ ඇතුළෙ විශාල ප්‍රශ්න තියෙන මොහොතක. මම ඒවා සියල්ල නැවැත්තුවා. ඇතුළෙ සිද්ධ වෙන මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්තුවා. බරපතළ අපරාධකාරයො මම වෙනම ස්ථානවලට යැව්වා. දුරකතනවලින් කරන ජාවාරම් නැවැත්තුවා. ආරක්ෂක හේතු මට සමහර දේවල් කියන්න බෑ. ගිය සතිඅන්තෙ මම අනුරාධුපුරේ ගියා තමයි. හැබැයි මම සිරකරුවන්ට කිසි හිරිහැරයක් තර්ජනයක් කරලා නෑ. එහෙම කරන්න මට පිස්සු නෑ. නිරීක්ෂණයක් කළා විතරයි. මම මේ ඇතුළෙ සිද්ධ වෙන අපරාධ නවත්වපු නිසා තමයි මට චෝදනා එල්ල වෙන්නේ. මම කාන්තාවක් එක්ක වැලිකඩට ගියා කියපු කතාවත් බොරුවක්. මේ සියල්ල මම ඉදිරියේදි ජනාධිපතවරයාටත් අගමැතිවරයාටත් පැහැදිලි කරනවා… යනුවෙන් රත්වත්ත මහතා පවසා ඇත.










