දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පිවිසුම් මාර්ග කිහිපයකට ජල ගැලීම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.Sri Lanka Latest News
එබැවින්, ගුවන්තොටුපළ හරහා පිටත්ව යන මගීන්ට ගුවන්තොටුපළ වෙත ආරක්ෂිතව පැමිණීම සඳහා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය භාවිත කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවයි ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම සඳහන් කරන්නේ.
මීට අමතරව, මෙම කාලය තුළ ගුවන්තොටුපළ පරිශ්‍රය තුළ තදබදය අවම කර ගැනීම සඳහා, එම සමාගම මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ අමුත්තන් පර්යන්තය වෙත කැඳවාගෙන ඒමෙන් වළකින ලෙසයි.










