ආණ්ඩුව පොඩි මිනිහා ගැන සිතා රට වැසීමට නොහැකි බව කීම අමූලික අසත්‍යයක් බවත්, එසේ පොඩි ජනතාව ගැන සිතන්නේ නම් බඩු මිල ඉහළ දැමීමේදී එම සෙනෙහස නොතිබුණේ කුමන හේතුවක් නිසාදැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්එම්. මරික්කාර් මහතා සදහන් කර සිටියේය.
මේ තරමට ආර්ථිකය බිද වැටුණේ ආණ්ඩුව බලයට ආ සැණින් ගජමිතුරන්ට රුපියල් බිලියන 600ක බදු සහන ලබා දීම නිසා බවද ඒ මහතා කීය.











