මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මැතිවරණයට පෙර පැවැසුවේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට තමන්ට කිසිදු වරප්‍රසාදයක් අනවශ්‍ය බව වුවත්, අද වනවිට ඔවුන්ගේ සියලු සුඛෝපභෝගී පහසුකම් භුක්ති විඳිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා. දේවක චන්ද්‍රනාත් මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් දසනායක මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළා.Sri Lanka Latest News
මම ඉන්නෙ මාදිවෙල ක්වාටස් එකේ. අපි ඉද්දි සිමෙන්ති දාලා තිබ්බේ. මේක කිව්වා මාධ්‍යවල. මේගොල්ලො ආවා. ජාතික ජනබලවේගයේ කට්ටිය ආවා. දොස්තරලා ආවා, ඇමැතිවරු ආවා, මන්ත්‍රීවරු ඔක්කොම ආවා ඇතුළට. ඇවිල්ලා බැලුවා. බැලුවම ඔළුවේ අතගහගත්තා. මේකෙද අපිට ඉන්න වෙන්නේ කියලා. මිනිස්සු කිව්වේ කොහොමද එන්න කලින්? ඒගොල්ලොම කියපුවා. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? ටයිල් අල්ලනවා. දැන් ඒසී එකක් ඉල්ලනවා. ඒක පිළිගන්න වෙනවා. ඉතින් ඒගොල්ලො නොකියා හිටියා නම් ප්‍රශ්නයක් නෑ.
ඉක්කොනොමි ක්ලාස් යන්න බෑ. ඉක්කොනොමි ක්ලාස් එකෙන් උඩදී ෆ්ලයිට් එක උස්සනකොට මාරු කරගෙන. ඒක ඇත්ත, පිළිගන්නවා. මම ඇමෙරිකාවෙ ගියා ඉක්කොනොමි ක්ලාස්. යන්න බෑ මම වගේ මිනිහෙකුට අර සීට් එකේ. ඒක මම පිළිගන්න ඕනේ. ඒක මේගොල්ලො පිළිගත්තේ නෑ. ඒකනේ මාරු වුණේ. ඕක නොකියා හිටියා නම් නිකම්ම දාගෙන යන්න තිබ්බනේ. ෆ්ලයිට් එක ලංකාවෙන් උස්සනකන් ඉඳලා ශ්‍රී ලංකන් එකේ හින්දා ටක්ගාලා එහා පැත්තට මාරුවුණා. කමක් නෑ.
මම මේ ඒකට දොස් කියන්නේ නැත. මගේ ගෙදර නම් ටයිල් අල්ලන්න එපා කිව්වා මම. ඇයි? මම හිටපු ගෙදර රන්ජන් රාමනායකගෙනේ. රන්ජන් රාමනායක ඒක අල්ලලා. ටක් ගාලා රන්ජන් පරාද වෙච්ච හින්දා මම එතෙන්ට රිංග ගත්තා.
චානක ලියනගේ










