අවශ්‍ය කරන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.Sri Lanka Latest News
පසුගිය 18 වනදා යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිරිසඳ සෙවණ මහල් නිවාසය ඉදිරිපිටදී පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට අදාළව කොටහේන පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
ඒ අනුව, මෙම අපරාධය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයේදී වෙඩික්කරුගේ යැයි සැකකරන සැකකරුගේ ඡායාරූපයක් අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරීයකු ලවා චිත්‍රණය කර ඇත.
එම චිත්‍රණය පහතින් දැක්වේ,

සැකකරු වයස අවුරුදු 30ත් 35 ත් අතර වයස් වල පසුවන උස අඩි 05 යි අඟල් 09 ක් පමණ වන තළෙළු පැහැ රවුම් හැඩැති මුහුණක් සහිත පුද්ගලයෙකි.
එමෙන්ම පසුගිය 16 වනදා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සුමිත්‍රාරාම මාවත කොටහේන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙකුට හා කාන්තාවකට වෙඩි තබා පලා යාමේ සිද්ධියට අදාළව කොටහේන පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කරන ලදී.
මෙම අපරාධය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී වෙඩික්කරුවන්ට පලා යාම සඳහා අධාර අනුබල ලබා දුන් සැකකරුවෙකු කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී වෙඩික්කරුගේ යැයි සැකකරන සැකකරුගේ ඡායාරූපයක් අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරීයකු ලවා චිත්‍රණය කර ඇත.
අදාළ චිත්‍රණය පහතින් දැක්වේ,

සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දුරකතන අංක
ස්ථානාධිපති කොටහේන – 071 – 8591571
කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කොටහේන – 071-8596386
ස්ථානාධිපති අපරාධ – 074-0253623










