ඩෙංගු රෝගයේ ලක්ෂණ විදිහට තද උණ දවස් 2 ක් 3ක් තියනවා, ඒ සමඟම හිසරදය ඇස් යට කැක්කුම වගේ රෝග ලක්ෂණ තමයි දක්නට ලැබෙන්නේ. මෙහෙම රෝග ලක්ෂණ තියනවානම් ඩෙංගු ද කියල හොයල බලන්න. මොකද ඩෙංගු රෝගයේ ඩෙංගු උණ ඩෙංගු රක්තපාත උණ ඩෙංගු කම්පන තත්වයන් යටතේ වාර්තා වෙන්න පුළුවන්. මෙයින් ජිවිත හානි විය හැකියි.ඒ නිසා දවස් දෙක තුනක් උණ තිබ්බොත් වහාම පරීක්ෂණය කරගන්න පුර්ණ රුධිර පරීක්ෂණයක් කරගන්න. ඩෙංගු තියන ප්‍රදේශ වල විශේෂයෙන් පරීක්ෂාවෙන් ඉන්න”. යැයි වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.










