• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රශ්නයක් තියෙනවා නම් අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න! Sri Lanka Latest News

September 27, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේගයේ මැති ඇමැති තනතුරු දරන කිහිප දෙනකුගේ වත්කම් බැරකම් තොරතුරු මාධ්‍යයට හෙළිදරව් කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් රට තුළ මතුව ඇති කතාබහ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සිරස ටීවී රූපවාහිනියේ පසුගිය 22 වැනිදා විකාශය වූ පැතිකඩ සංවාදයේදී පළකළ අදහස් පහත දැක්වේ.

‘ඔය වත්කම් බැරකම් අපි හැමදාම භාරදුන්නා. හැම අවුරුද්දකම භාර දුන්නා. ඉස්සර ඒවා අපි මැතිවරණ කොමිසමට භාරදෙනවා. රජයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට භාරදෙනවා. එහෙම තමයි භාර දුන්නේ. දැන් ඔය පහුගිය කාලේ තමයි අලුත් නීතියක් සම්මත වුණා ඔය දූෂණ විරෝධී පනත කියලා. ඒක අනුව අපි දැන් ඒ දූෂණ විරෝධී කාර්යාලයට මේක භාරදෙන්න ඕනේ. සහ ඒ අලුත් නීතියට අනුගත වුණාම ඒවා දැන් මිනිස්සුන්ට බලාගන්න පුළුවන් ආකාරයට ප්‍රදර්ශනය කරනවා. ඉස්සර දුන්නහම සීල් කරලා ඕක තියා තියෙනවා. දැන් ප්‍රදර්ශනය කරනවා. එතකොට දැනගන්නවා. ඉතින් ඒ නිසා දැන් ප්‍රශ්නයක් නැහැ. අපි හැම දෙනාම ඇත්ත වත්කම් දීලා තියෙනවා.Sri Lanka Latest News

ඉස්සර අපිට චෝදනාවක් තිබ්බා අපි හිඟන්නෝ කියලා. ජේවීපී එකට ආණ්ඩු කරන්න බෑ, හිඟන්නෝ ටිකක් කියන එකනේ. නෑ, අපි හිඟන්නෝ නෙමෙයි. අපිට දේපළ තියෙන අයත් ඉන්නවා, දේපළ නැති අයත් ඉන්නවා. අපි ඇවිත් තියෙනවා මේ හිඟන රට වෙනස් කරන්න. ඒකට දේපළ තියෙන අය දේපළ මත ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි ලොකු කැපකිරීමක් කරනවා මේ රට වෙනස් කරන්න. මොකද මේ හිඟමනට වැටිච්ච රටක් වෙනස් කරන්න අපි හදන්නේ. ඉතින් ඒක ඇතුළේ දේපළ තියෙන අයත් ඉන්නවා, නැති අය ඉන්නවා, අඩුවෙන් තියෙන අය ඉන්නවා, වැඩියෙන් තියෙන අය ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔතැන නෙමෙයි මම හිතන්නේ.

අපේ රටේ කිසියම් කෙනෙකුට දේපළ තිබීම අපරාධයක් නෙවෙයි. මට හිතෙනවා අපරාධය වෙලා තියෙන්නේ දේපළ නැතිකම කියලා. ඒ නිසා හැමෝම දේපළක් තියෙන මිනිස්සු බවට පත්කරන්න ඕනෙ අපි, මේ රටේ මිනිස්සුන්ව. ප්‍රශ්නේ තියෙන්නේ දේපළ තියෙන අයගේ ඒ දේපළ උපයා ගත්තේ කොහොමද කියන කාරණය. කිසියම් කෙනෙක් දේපළ උපයාගෙන තියෙන්නේ සාධාරණ ක්‍රමයකට නම්, කොච්චර තිබ්බත් අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි දේපළ උපයාගෙන තියෙන ක්‍රමය අසාධාරණයි නම්, ඒක ඔප්පු කරලා පෙන්නන්න බැරි නම් එතැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම නම් කියන්නේ දැන් ඔය අපේ දේපළ පිළිබඳ සමාජ මාධ්‍යවල කතා කරන අයට, අපරාදේ කාලේ නාස්ති කරන්න එපා. මොකක් හරි සැකයක් තියෙනවා නම් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරන්න. කවුරු හරි කෙනෙක් සම්බන්ධව දේපළ සැකයි කියලා හිතුවොත් එහෙම හොඳම දේ මොකක්ද? අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරන්න. මොකද අපි අල්ලස් කොමිසමට, රහස් පොලිසියට, කිසිවකට ඇඟිලි ගහන්නෙත් නෑ. පරීක්ෂණ සිද්ධ කරලා දේපළ හොයාගෙන තියෙන්නේ වැරදි විදිහට නම් ඒගොල්ලෝ දඬුවම් ලබාදෙයි. නමුත් අපිට සහතිකයක් තියෙනවා ඉතින් අපේ සහෝදරවරු සැමහරුන්ට පරම්පරාවෙන්, පවුලෙන් ආපු දේපළ තියෙනවා. ඉතින් ඒ දේපළවල වටිනාකම දිනෙන් දිනපතා වැඩි වෙනවා.

ඔබ මෙහෙම හිතන්නකෝ, දැන් මේ කොළඹ කිට්ටුව කොහේ හරි පර්චස් 15ක 20ක ඉඩමක් තිබ්බා නම් කාට හරි කෙනකුට, මීට අවුරුදු දහයකට කලින් ඒ පර්ච් එකක් රුපියල් ලක්ෂයක් නම්, දැන් කීයක්ද? දැන් එකක් ලක්ෂ 10 – 15 පනිනවා. එතකොට අපි වත්කම් බැරකම් ප්‍රකාශ පුරවනකොට අපිට නීතියක්ම තියෙනවා, ඉඩමක් තියෙනවා නම් පර්චස් කීයද ඒකේ, ඉඩමේ වත්මන් වටිනාකම කීයද? අපි මිලට ගත්තු ගණන දාලා හරියන්නේ නෑ. අපි ලියන්න ඕනෙ මොකක්ද? වර්තමාන වෙළෙඳපොළ වටිනාකම. සමහර විට ඒක ලොකු එකක්.

ඒකෙන් අදහස් වෙන්නේ අපි මේ ගිය අවුරුද්දේ ඒක ගත්තා කියන එක නෙවෙයි. අනිත් කාරණය තමයි මම මේ කල්පනා කළේ, දැන් මේ කතා කියමින් අවුස්සමින් එන්නේ කවුද දන්නවද? අපේ රටේ හිටපු සමහර නායකයන්ගේ දරුවන්න්ට, දේපළ තියෙනකොට ඒ දේපළ හොයාගත්තේ කොහොමද කියලා හොයන්න යනකොට, ඩේසි ආච්චිට මැණික් මල්ලක් හම්බ වුණා කිව්වාම ඒක විශ්වාස කරපු අය අපෙන් අහනවා අහවලාට කොහොමද මෙච්චර දේවල් තියෙන්නේ කියලා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ.
ඉතින් අපි කාටවත් මැණික් මලු හම්බවෙලා නෑ. කාටවත් උඩින් සල්ලි පාත්වෙලා නෑ. ඒවා උපයා ගත්ත ක්‍රමය කියාදෙන්න බැරි කවුරුවත් නෑ. ඉතින් අපි දේපළ ලියලා තියෙනවා. සමහර විට ලියන්න ඕනෙ නැති ඒවා පවා ලියලා තියෙනවා….’

Newsfirst Sri Lanka

SendShareShare
Previous Post

ගල්ගමුවේ තනි අලියාගේ පුරාවෘත්තයත් අවසන්! සුබ ගමන් සංජු…! Sri Lanka Latest News

Next Post

අනුරට අවුරුද්දයි! රටෙන් 50%කට වඩා දුප්පත් වෙලා….! ඔන්න ඕකයි තත්ත්වෙ…! Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට හදිසියක් තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.