• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගල්ගමුවේ තනි අලියාගේ පුරාවෘත්තයත් අවසන්! සුබ ගමන් සංජු…! Sri Lanka Latest News

September 27, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ගල්ගමුවේ තනි අලියාගේ පුරාවෘත්තයත් අවසන්! සුබ ගමන් සංජු…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැවට, වැව් පිටියට, කැලෑ මණ්ඩියට, මහ වනයට, අලි ඇතුන්ට අසීමිත ලෙස ආදරය කරන මිනිස්සු අපිට මේ සමාජයේ හමුවෙන්නේ ඉතා කලාතුරකින්. එයිනුත් අලි ඇතුන් පස්සේ ගිහින් තොරතුරු හොයන්න, උන්ට අතුරු ආන්තරාවක් වෙලා නම් ඒ ගැන හොයලා බලලා, වනජීවී එකට දැනුම් දීලා ක්‍රියාත්මක වෙන්න පුළුවන් ලේසි පහසු ඇම්මක් උණක් තියෙන මනුස්සයෙක්ට විතරයි.Sri Lanka Latest News

ගල්ගමුවේ සංජු කාවින්ද අන්න ඒ වගේ තරුණයෙක්. අලි ඇත්තු එක්ක ජීවිතය ගහට පොත්ත වගේ හිටිය මේ මනුස්සයා අපි නොහිතපු විදිහට අපෙන් සමුගන්නේ හිරු දුටු පිනි වගේ. ‘ගල්ගමුවේ තනි අලියා’ වුණු සංජු, අපි කවුරුත් නොහිතපු වෙලාවක අපෙන් සැඟවිලා ගියා. ගල්කිරියාගල කන්ද ඒ ශෝකජනක පුවත අපට දැනුම් දුන්නේ නොසිතූ වෙලාවක හැමූ චණ්ඩ මාරුතයක් වගේ.

මිලින්දවත්තෙගෙදර හා ජනක බණ්ඩාරගේ අදහස්වලට අනුව ඒ දවස්වල මහ ඇතා, එහෙමත් නැත්නම් කාවන්තිස්සව ලේසියෙන් බලාගන්න විදිහක් නෑ. නිරන්තරයෙන්ම අවධානයෙන් ඇතාගේ සංචරණ කලාපය අඳුනගන්න ඕනේ. ධනසිරි මාමාගේ සහයෝගයට සංජු එක්වෙන්නේ අන්න ඒ විදිහට. කාලයාගේ ඇවෑමෙන් සංජු මුළු ගල්ගමුවෙම ඉන්න අලි ඇතුන් හොයන සක්‍රීය චරිතය බවට පත්වුණා. කහල්ල පල්ලකැලේ, පාළුකඩවල, ඇහැටුවැව, කත්නෝරුව, ගල්ගමුව, සියඹලංගමුව, මහ සියඹලංගමුව, අඹන්පොළ, මීගලෑව, ගිරිබාව, වනවගාව, නන්නේරිය, ගල්කිරියාගල යන ප්‍රදේශවල සියලු වැව්පිටි, කැලෑ කුට්ටි, වනාන්තර, සංජු අතින් ආවරණය වුණා.

කල් ගතවෙත්ම මෙරට වනජීවී ඡායාරූප ශිල්පීන්ට තමන්ගේ කැමරාව වගේම ගල්ගමුවේ සංජුත් අත්‍යාවශ්‍ය කෙනෙක් වුණේ නිතැතින්ම. වෙලාවක් කලාවක් නොමැතිව කැලෑ රොදවල් පීරමින් අලි ඇතුන් සෙවීම සංජුගේ ජීවිතයේ ප්‍රධාන අංගයක් වුණා.

‘සෙන්ද අයියේ, හෙට උදේට ආවොත් ඇතාව ෆොටෝ ගැහුව හැකියි. මොකෝ කියන්නේ?’ ඒ සංජුගේ කෝල් එකක්. ‘කකුල එක්ක මට වෙල් පිටිවල, වැව් පිටිවල, කැලේ අස්සේ යන්න බැරි හින්දා, වාහනෙන් යන්න පුළුවන් උපරිම ළඟින් ඇත්තු පෙන්නපු හැටි මට තාම මතක් වෙනවා…’ ඒ, වර්තමානයේ ජනප්‍රිය ඡායාරූප ශිල්පී තරිඳු සෙන්දනායකගේ මතක ආවර්ජනය කිරීමක්.

ගල්ගමුවට, වන අලින්ට, වන අලින්ගේ සංරක්ෂණයට සංජු කාවින්ද දීපු දායකත්වය ආයෙත් ලැබෙන එකක් නෑ. ඒ වගේ තවත් කෙනෙක් හැදෙන්න තවත් හුඟ කාලයක් බලන් ඉන්න වේවි. ඒකටත් අලි ඇතුන්ට ආදරය වගේම අලි උණ තියෙන්න ඕනේ කෙනෙක් බිහිවෙන්න ඕනේ. හිරු අවරට යන වෙලාවේ ගල්කිරියාගල කඳු පාමුල, ගල්ගමුවේ අලින් එක්කම ගැවසුණු තවත් එක් පුරාවෘත්තයක් එසේ මිහිදන් විය.

‘සුබ ගමන් සංජු මල්ලි….’
ඒ, කැලෑ කොලමේ ප්‍රාර්ථනයයි.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

තාත්තා වෙනුවෙන් කොටි මාමලා එක්ක තරහ රෝස මල! Sri Lanka Latest News

Next Post

ප්‍රශ්නයක් තියෙනවා නම් අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

Load More
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.Sri...

Read more
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.