ශ්‍රී ලංකාවේ අපරාධ වැඩිම ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා කරන ලද නිරීක්ෂණයකට අනුව ප්‍රදේශ පනස්දෙකක් (52) අපරාධ වැඩිම ප්‍රදේශ වශයෙන් හඳුනාගෙන ඇති අතර, මෙකී ප්‍රදේශ 52ම හඳුනාගෙන ඇත්තේ බස්නාහිර සහ දකුණු පළාතෙන් බවද අනාවරණ වී තිබේ. Sri Lanka Latest News
එසේ හඳුනාගෙන ඇති අපරාධ වැඩිම ප්‍රදේශයන්හි සිදුවන අපරාධ රැල්ල මැඬලීම සඳහා මේ වනවිට විශේෂ මෙහෙයුම් යාන්ත්‍රණයක් ක්‍රියාත්මකකොට ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
රට පුරා පසුගිය මාස කිහිපය පුරා පැතිර ගිය වෙඩිතැබීම් මෙන්ම ප්‍රචණ්ඩකාරී අපරාධවල කැපීපෙනෙන වැඩිවීමක් වර්ධනය වීමෙන් පසු මහජන ආරක්ෂක අමාත්‍යාංශය මෙම තීරණය ගනුලැබූ බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
පවතින තත්ත්වය ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බව පාර්ශ්ව රැසකින් පෙන්වා දීමත් සමගම මහජන ආරක්ෂාව තහවුරු කරලීමේ පියවරක් හැටියට අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇති බවද හෙතෙම කීවේය.
නන්දන ශ්‍රී දොරකුඹුර










