ආණ්ඩුව ඇතුළේ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීම නතර කරන ලෙසත්, එසේ කළ නොහැකි නම් ආණ්ඩුවෙන් ඉවත්ව යන ලෙසත් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සදහන් කර සිටියේය.
අන්තර්ජාල නාළිකාවකට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
අද මෛත්‍රීපාල සිරිසේන මහතාත්, විමල් වීරවංශ මහතාත්, උදය ගම්මන්පිල මහතාත් එම තනතුරුවල රැදී සිටින්නේ පොහොට්ටුව නිසා බවද කුට්ටිආරච්චි මහතා කියා සිටියේය.










