වයඹ පළාත් මහ ඇළ ව්‍යාපෘතිය යටතේ ඉදිකරනු ලබන මහකිතුල ජලාශයේ ඉදිකිරිම් කටයුතු වල වර්ථමාන තත්ත්වය සොයා බැලීම සදහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පොල්පිතිගම ඉරුදෙණියාය මහකිතුල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා.
විදුලිබලාගාර ඇමරිකාවට පවරාදීමට ගිවිසුම් අත්සන් කිරීමට යන බවට නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා
‘ගිවිසුම් තියනවා නම් ගිවිසුම් අත්සන් කරන්න ඕනි. ආයෝජකයෝ ආපුවහම ගිවිසුම් අත්සන් නොකර ඉන්න බැහැනේ. ඒක අදද හෙටද කියන එක නෙවෙයි. ආයෝජකයෙක් ආපුවහම රටක පරිපාලනය දක්ෂ වෙන්න ඕනි ඉක්මනින් ගිවිසුම් අත්සන් කරලා අවසන් කරන්න. ඒ ඇමරිකානු ආයෝජකයෙක්ද, චීන ආයෝජකයෙක්ද ඉන්දියානු ආයෝජකයෙක්ද ජර්මන් ආයෝජකයෙක්ද බ්‍රිතාන්‍ය එක්කෙනෙක්ද කියන එක නෙවෙයි. විපක්ෂය කියන්නේ ආයෝජකයෝ ගේන්න බැහැ කියලා නේ. දැන් ආයෝජකයෝ ඇවිල්ලා තියෙනවා නේ. ඉතින් මේ කොවිඩ් වසංගතය තියෙන වෙලාවෙදි තමයි ආයෝජකයෝ ඇවිල්ලා තියෙන්නේ. ඒ ගැන අපි සතුටු වෙන්න ඕනි රටක් විදිහට.’










