ජන අරගලය විසින් බැඳ දැමූ පිස්සු බල්ලන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නැවත මුදාහරිමින් ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසනවා.
එලෙස ආණ්ඩුවේ වෛරය අරගලකරුවන් වෙත මුදාහැරීමේ එක් පියවරක් ඊයේ බොරැල්ල මංසන්ධියේදී ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ට අමානුෂික ලෙස පහරදීමේදී පෙන්නුම් කෙරුණු බවයි දුමින්ද නාගමුව මහතා අද (20) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.










