මේ වනවිට පාර්ලිමේන්තුවේ සම්මත කොට ඇති 22 වන ව්‍යවස්ථා සංශෝධනයට කතානායකවරයා අස්සන් තැබීමත් සමග ජනාධිපතිවරයාගේ මුදල් අමාත්‍ය ධූරය අහිමි වීමේ වාතාවරණයක් මතුව තිබේ.
එම සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට නීතියෙන් දැරිය හැක්කේ ආරක්ෂක අමාත්‍ය ධූරය පමණි.
එහි 44 (3) වගන්තියට අනුව යම් විෂයයක් හෝ කාර්යභාරයක් පවරා නැතිනම් ජනාධිපතිවරයා හට දින 14ක කාලයකට පමණක් එම කාර්යයන් දැරිය හැකිය.
කෙසේවෙතත් මේ වනවිට ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍ය ධූරයට අමතරව මුදල් අමාත්‍ය ධූරයද දරනු ලබයි.











