ආගමන විගමන පාලක ජනරාල්වරයාට අසත්‍ය තොරතුරු ලබාදී ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවට කරන ලද පැමිණිල්ලකට අදාළව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහි විමර්ශනවලට අදාළ වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝගයක් නිකුත් කළේය.
මෙම වාර්තාව නොවැම්බර් 10 වැනිදා ඉදිරිපත් කරන ලෙසද අධිකරණය රහස් පොලිසියට නියෝග කළේය.










