• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායක සජිත් පත්තර මිටියකුත් අරන් සභාගැබට එයි! කැබිනට් එකෙන් පරාටේ නීතිය තහනම් කළා කිව්වත් දේපොළ වෙන්දේසි කරන්න බැංකුවලින් පත්තරවල දැන්වීම් දාලා! බැංකු පද්ධතිය රජය කියන දේ අහන්නේ නැතිනම් මොකටද ආණ්ඩුවක්? VIDEO I Sri Lanka Latest News

March 5, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මෙරට ආර්ථිකයේ කොදු නාරටිය බවත් පසුගිය කාලයේ සිදුවූ ආර්ථික අර්බුධය ඇතුළු හේතු නිසා එම ක්ෂේත්‍රය බරපතල බිඳ වැටීමකට ලක්ව ඇති නිසා අර්බුධයට ලක් වූ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙත සහකම්පනයෙන් යුත් ආර්ථික වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුවේ කරුණු දැක්වුවත් රජයේ අවධානය ඒ වෙත යොමු නොවී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කෙරෙහි ආර්ථික අර්බුධයේ බලපෑම තක්සේරු කිරීමේ සමීක්ෂණයක් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු සිදු කර ඇති බවත් එම සමීක්ෂණයේ වාර්තාවට අනුව 2023 වසර ආරම්භ වන විට ආර්ථික අර්බුධය හා කොවිඩ් නිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ව්‍යවසායකයන් 59100ක් තාවකාලිකව වැසී ගොස් ඇති අතර තවත් ව්‍යාපාර 204100ක් ස්ථිර ලෙසම වැසී ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තා ව්‍යවසායකයන් සතු ව්‍යාපාර 10700ක් තාවකාලිකව සහ 27600ක් ස්ථිර ලෙස වැසී ගොස් ඇති බවත් 52%ක් පමණ කාන්තා ජනගහනයක් පවතින රටක් තුළ අර්බුධයට ලක්වූ කාන්තා ව්‍යවසායකත්වය හා ඔවුන්ගේ ආර්ථික තත්ත්වය යහපත් කිරිම උදෙසා නිශ්චිත වැඩපිළිවෙළක් රජය සතු ද කියා ප්‍රශ්න කර සිටින බවත් එසේ ඇත්නම් එම වැඩපිළිවෙළ දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් 48.3%ක් වැහිලා

2018 වසරට සාපේක්ෂ 2023 වසර වන විට මධ්‍ය පරිමාණ ව්‍යාපාර 48.3%කින් වැසී ගොස් ඇති බවත් මෙහි සේවකයන් 6-200ත් අතර ප්‍රමාණයක් සේවය කරන නිසා විශාල පිරිසකට සිය ජීවනෝපය මෙන් ම රැකියා අහිමිවීම් ද සිදුව ඇති බවත් මෙම ප්‍රතිවිපාක ගැන අධ්‍යයනයක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*රැකියා 245400ක අඩුවීමක් *

2018 සිට 2022 සිට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ව්‍යවසාය ක්ෂේත්‍රයේ රැකියා 245400ක අඩුවීමක් ඇති බවට මෙම සමීක්ෂණයේ ඇති බවත් මෙසේ රැකියා අහිමි වූවන් නැවත රැකියා ගත යුතු බවත් මේ අතර පුහුණ ශ්‍රමිකයන් සිටින බවත් ඔවුන් නිසි පරිදි කළමනාකරණය නොකිරීම නිසා නැවත ව්‍යාපාර ආරම්භ කිරීමේ දී ශ්‍රම හිඟයක් මතු විය හැකි නිසා ඒ සම්බන්ධ රජය සතු නිශ්චිත වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

පරාටේ නීතිය අහෝසි කළත් වානිජ බැංකු තවමත් වෙන්දේසි කරනවා

පොලි අනුපාත ඉහළ යාම, ආදායම පහළ යාම නිසා නැවත ගෙවීමේ හැකියාව පහළ යාම හා ණය ගෙවීම පැහැර හැරීම මත ආසාධු ලේඛන ගත කිරීම නිසා ක්ෂුද්‍ර ව්‍යාපාර 39.4%ක් කුඩා පරිමාණ ව්‍යාපාර 47.3%ක් මධ්‍ය පරිමාණ ව්‍යාපාර 50.1%ක් තවදුරටත් මූල්‍ය පහසුකම් ලබා ගැනීම දුෂ්කර වී ඇති බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ව්‍යවසායකයන් නගා සිටුවීම සදහා මෙම දුෂ්කරතා අවම කරමින් අවශ්‍ය මූල්‍ය සහාය ලබා දිය යුතු බවත් පරාටේ නීතිය 2024 දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති නමුත් එම තීන්දුව හරියාකාරව වානිජ බැංකුවට ලැබී නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බැංකු පද්ධතිය රජය කියන දේ අහන්නේ නැතිනම් මොකටද ආණ්ඩුවක්

මහබැංකුව මේ සම්බන්ධයෙන් චක්‍රලේඛනයක් නිකුත් කළ යුතු බවත් එසේ බැංකු පද්ධතිය මෙම නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ආණ්ඩුවක් අවශ්‍ය නොවන බවත් පරාටේ නීතිය යටතේ වෙන්දේසි කරන දේපල තක්සේරු කරන්නේ අදාළ මූල්‍ය ආයතනය නිසා එම දේපලවලට නිසි වටිනාකමක් හිමි නොවී ඇති නිසා නියම වටිනාකමක් තක්සේරුකරණය හා ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම නීතිය ක්‍රියාත්මක කරන්න යම් කාලයක් යනවා නම් මහබැංකුවට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ හැකියාවක් ඇති බවත් මේ තරම් වේගයෙන් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යම් සැකයක් මතුවන බැවින් වහාම මහබැංකුව හරහා චක්‍රලේඛයක් නිකුත් කර මෙම වෙන්දේසිකිරීම් නතර කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

රට බංකොලොත් වෙලා නිසා අධ්‍යාපනයට මුදල් වෙන් කරන්න ආණ්ඩුවට විදිහක් නැතිලු! හැබැයි අධ්‍යාපනය දියුණු කරන්න මුදල් හොයන ක්‍රම රාශියක් අපිට තියෙනවා! දරුවන්ට ස්මාර්ට් පන්ති කාමර-පරිගණක පිරිනමන අතරේ සජිත් ගමේ අබලන් පාසල් සංවර්ධනයටත් අත තියන්න ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

රනිල් එන්නේ යූ.ඇන්.පී. එකෙන්! පොහොට්ටුවත් එනවා! කවුද අපේක්ෂකයා කියලා වෙලාවට කියන්නම්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.