• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගුරු බලවත් නම් කිසි දේකට බය වෙන්න එපා! Sri Lanka Latest News

October 11, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ගුරු බලවත් නම් කිසි දේකට බය වෙන්න එපා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගුරු ග්‍රහයා කියන්නේ ග්‍රහ මඬුල්ලේ, සුබඵල දෙන ග්‍රහයන් අතරින් අපිට ප්‍රමුඛවම පෙනෙන ග්‍රහයෙක්. ගුරු කියන ග්‍රහයා සමග සිටින ඕනෑම පාප ග්‍රහයෙක් ශුභ තත්ත්වයට හැරෙනවා. ඒ වගේම ගුරුගේ දැකීම, දෘෂ්ටිය තුළින් පවා ඒ දෝෂ සහිත ස්ථානවල දෝෂ භංග වෙලා, ශුභ තත්ත්වයන් ඇති කරනවා. ගුරු කියන්නේ ලෞකික සහ ආධ්‍යාත්මික දෙඅංශයෙන්ම උදව් කරන, අනුශාසනා දෙන අනුශාසකවරයෙක් වගේ. එතකොට, මේ ගුරු ග්‍රහයාගේ ස්වභාවය ගොඩක්, එක තැනක ඉඳගෙන අනිත් අයට අනුශාසනා දෙන කෙනෙක්. බොහෝ දුරට ගුරුගේ බලය ඕනෑම කේන්දරයක එන්නේ වයස 40න් පසුවයි. ඒ වගේම මේ ගුරු ග්‍රහයා, සාමාන්‍යයෙන් ධනයට, විවාහයට, දරුඵලවලට ඒ වගේ දේවල්වලට බලපවත්වන ග්‍රහයෙක්. ගුරු බලවත් වීම තුළ, ඒ ජන්මියකුගේ ජීවිතයේ ඒ කියපු අංශ ඉතා යහපත් තත්ත්වයට පත්වෙනවා. ධනය අතින් යහපත් තත්ත්වයට පත්වෙනවා. හොඳ විවාහයක් සිද්ධ වෙනවා, හොඳ දරුවන් ලැබෙනවා. ඒ වගේ ගුරු බලවත් අයගේ ජීවිතවල සුවිශේෂ වෙනසක් දකින්න පුළුවන්.

ගුරු පළමුවැනි භාවයේ පිහිටීම:
පළමුවැනි භාවය ගුරු ග්‍රහයාට ඉතාම ශුභඵල දෙන ස්ථානයක්. විශේෂයෙන්ම සියලු දෝෂ භංග වෙනවා කියනවා. යම් ජන්මියකුගේ උපතේදී ගුරු ග්‍රහයා ලග්නගතව සිටියොත්, එය ඒ කේන්දරයේ තියෙන අනිත් සියලු දෝෂ භංග වෙලා, ශුභඵල උදා කරන බවක් සඳහන් වෙනවා. විශේෂයෙන් ලග්නයෙන් කියවෙන්නේ ස්ථිර පැවැත්ම, ඒ වගේම චරිතය, ඒ වගේම ආයුෂ, ඒ සියලු දේවල් යහපත් අතට පත්වෙනවා. ඒ වගේම ගුරු ලග්නයේ සිටින කෙනා, වයස 40න් පසු බොහෝ දියුණුභාවයට පත්වෙනවා. ඒ වගේම යම් තැනක ප්‍රධානත්වයට පත්වෙන්න, විශේෂ තනතුරු ලබන්න වාසනාව තියෙනවා. ඉතින් ධනු, මීන, කටක යන රාශියක් වෙලා ගුරු ග්‍රහයා ලග්නගතව පිහිටියොත් පංච මහා පුරුෂ යෝගයක් වන ගුරු හංස නම් පංච මහා පුරුෂ යෝගය උදාවෙනවා. ඒ තුළින් විශේෂ ශුභඵල ලැබෙනවා. ඒ වගේම තනිව ගුරු ලග්නගත වීම විශේෂ ගුණයක්. සමහර වෙලාවට අනිත් ග්‍රහයත් එක්ක ලග්නගත වීමට වඩා, තනිව ලග්නගත වීම තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ තුළින් බොහෝ දෝෂ භංග වෙනවා. අපි නැකැත් සාදනකොටත් බොහෝ වෙලාවට ගුරු ලග්නගතව තියලා නැකැත් සාදාගන්න යොමු වෙනවා. ඒ තරමට මේ ගුරු ලග්නගත වීම ඉතා බලවත්.

ගුරු දෙවැනි භාවයේ පිහිටීම:
ගුරු ග්‍රහයා දෙවෙනි භාවයටත් යහපත් ස්ථානයක්. දෙවැනි භාවයෙන් නියෝජනය වෙන්නේ වචනය, ඒ වගේම තමන්ගේ පවුල, ඒ වගේම අත ඉතිරි ධනය, මේ වගේ දේවල්වලට ඉතා යහපත් ගුරු ග්‍රහයා දෙවැන්නේ පිහිටීම. විශේෂයෙන් ගුරු ග්‍රහයා දෙවැන්නේ පිහිටීම තුළින් ඉතා යහපත් පවුලක් ලබන කෙනෙක් වෙනවා. යහපත් පවුලක් ලබන්න වාසනාව තියෙනවා. ඒ වගේම අඹු දරුවන් ආදීන්ට ඉතා උසස් ලෙස සලකනවා. බොහෝ විට මේ අයගේ වචනය අනිත් අයට අහගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රියමනාපයි සමාජයට. කතාව, පෙනුම, ප්‍රියමනාප වෙනවා. ඒ වගේම තැන්පත් ධනයක් ස්ථිරව නිතර තමන් සන්තකයේ තබාගන්න පුළුවන් කෙනෙක්. ඉතින් ඒක හොඳ ධන යෝගයක් වෙනවා.

ගුරු තුන්වැනි භාවයේ පිහිටීම:
තුන්වැනි භාවයට ගුරුගේ යම් දෝෂ තත්ත්වයක් සඳහන් වෙලා තියෙනවා. මොකද ශරීර සෞඛ්‍යයට මෙය ඒ තරම් ශුභ නැහැ. බොහෝ වෙලාවට උණ සන්නිපාත වැනි රෝග මේ තුන්වැනි භාවයේ ගුරු සිටීමෙන් හැදුණු අය ඉන්නවා. ඒ, තුන්වැනි භාවයේ ගුරු සිටි පුද්ගලයාගේ කේන්දරවල හය, අට, දොළහ ස්ථානවල ගුරු ගෝචර ගමනේදී මේ වගේ රෝග තත්ත්වයන් ඇති කරලා තියෙනවා. මෙය, බාල කාලයේ දශාව ලැබුවොත් ඉගෙනීමට නම් යහපත්. තමන්ගේ බාල සහෝදරයන්ටත් යහපත්. ඒ වගේම බාල සහෝදරයන්ගෙන් උදව් ලැබෙනවා, ඔවුන් සමග සුහද සම්බන්ධයක් ඇති කරගන්නවා. මෙතැන සහජ ස්ථානය, ඒක ඉගෙනීමට යහපත්. ඒ වුණාට තමන්ගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් ගුරු තුන්වැන්නේ නම් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.

ගුරු හතරවැනි භාවයේ පිහිටීම:
හතරවැනි භාවයේ ඔබේ කේන්දරයේ ගුරු ග්‍රහයා සිටිනවා නම් ඉතා වාසනාවන්ත තත්ත්වයක්. ඔබ බොහොම පහළ තැනක උපත ලැබුවත්, බොහොම ඉහළ තැනකට යන කෙනෙක්. හතරවැන්නේ ගුරු සිටි කිසිම කෙනෙක් හිස් මිනිහෙක් විදිහට මැරුණේ නැහැ කියලා පොත්පත්වල සඳහන් වෙනවා. ඒ කියන්නේ එයා යමක් උපයලා තබාගන්න කෙනෙක්. ඒ කියන්නේ දේපළ හිමිවීමේ වාසනාව තියෙනවා. විශේෂයෙන් දෙමාපියන්ගෙන් වැඩිපුර දේපළ හිමිවීමේ වාසනාව මේ ගුරු හතරවැන්නේ සිටින පුද්ගලයන්ට තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ, විශේෂ ලක්ෂණයක් තමයි ඔවුන් ඥාතීන්ට බොහොම හිතවත්ව සලකනවා. ඥාතීන් අතරේ බොහොම ළෙන්ගතුව ඉන්නවා. ඉතින් ඒ, පවුලේ ඥාතීනුත් බොහොම ඉහළ ලෙස මේ ගුරු හතරවැන්නේ පුද්ගලයාට සලකනවා. ඒ වගේම යහපත් දරු පරම්පරාවක් ලැබෙනවා ඒ අයට. ඒ වගේම ගුරු හතරවැන්නේ ඔබේ කේන්දරයේ තිබෙනවා නම්, ඔබ ඔබේ දූ දරුවන් වෙනුවෙන් යමක් ඉතිරි කොට තබන කෙනෙක් වෙනවා. ඉතින් බොහෝ දුරට ඔබගේ ජීවිතයේ අවසාන කාලයේ බොහොම සැපෙන් සතුටින් ඉන්න පුළුවන් තත්ත්වයක් තමයි ගුරු හතරවැන්නේ ඉඳීමෙන් පේන්න තියෙන්නේ.

ගුරු පස්වැනි භාවයේ පිහිටීම:
පස්වැනි භාවය තුළ ගුරු ග්‍රහයා පිහිටීම ඉතා යහපත් තත්ත්වයක්. එක, පහ, නවය කියන ස්ථානවල ගුරු ග්‍රහයා ඉන්නවා නම් ඒ ජන්මියාගේ ජීවිතයේ විශාල දියුණුවක් ඇති කරනවා. මොකද පස්වැන්නේ ඉන්න ග්‍රහයා නමවැන්න සහ ලග්නය දකිනවා. ඉතින් මේ ස්ථාන බලවත් වෙනවා. ලග්නය සහ නවවැන්න බලවත් වීම තුළ, ඒ ජන්මියාගේ ජීවිතය වාසනාවන්ත තත්ත්වයට පත්වෙනවා. පස්වැන්නේ ගුරු යෙදී සිටිනවා නම්, බොහෝ විට ඔවුන්ට යහපත් දරුවන් ලැබෙනවා. බාල දරුවන් බොහෝ කීකරු අය. ඉතින් සමහර පොත්වල සඳහන් වෙනවා පස්වැන්නේ ගුරු සිටීම සමහර වෙලාවට, ලොකු දරුවාට පොඩි අගුණ දෝෂ තත්ත්වයක් කියලා. ඒ වුණාට සමහර තැන්වල එහෙම වෙලා නැහැ. ගුරු බලවත්ව පස්වැන්නේ සිටීම තුළ බොහොම බලවත් වෙන දරුවන් ලැබිලා තියෙනවා.

ගුරු හයවැනි භාවයේ පිහිටීම:
හයවැනි භාවය කියන්නේ රෝගස්ථානයනේ. ඉතින් රෝගස්ථානයේ ගුරු සිටීම නිසා පෙන්නන්නේ නොගැළපෙන තත්ත්වයක්. ඉතින් හයවැන්නේ ගුරු සිටීම යම් යම් රෝගාබාධවලට හේතු වෙන්න පුළුවන්. සෙංගමාලය, උණ වගේ රෝග හය, අට, දොළහ ගුරු ස්ථානගතව ඉන්න ජන්මීන්න්ට බලපාන තත්ත්වයක්. හැබැයි මෙතැන ගව, මහිෂාදීන් හදන අයට, ඒ වගේම ව්‍යාපාර දියුණු කරගෙන යන්න පුළුවන්. ඒ වගේම නැන්දලා, මාමලා ආදී ඥාතීන්ගෙන් උදව් උපකාර ගන්න පුළුවන්. බලවත්ව ගුරු පස්වැන්නේ සිටිනවා නම් බොහොම දෝෂ අඩු වෙලා, ජීවිතයේ යහපත්, සාර්ථක පැත්තට ගමන් කරන්න පුළුවන්. ඉතින් බිය විය යුතු නැහැ හයවැන්නේ ගුරු සිටීම නිසා. යහපත්, බලසහිතව සිටියොත් මිශ්‍රඵලදායක තත්ත්වයක් තියෙන්නේ.

ගුරු හත්වැනි භාවයේ පිහිටීම:
හත්වැනි භාවය විශේෂ තැනක්. හත්වැන්න, කෙනකුගේ විවාහය සම්බන්ධයෙන් කියැවෙනවා. ඉතින් හත්වැන්නේ ගුරු සිටීමෙන් යහපත් විවාහයක් යෙදෙනවා. ගුරුගෙන් පෙන්නන්නේ හැබැයි බොහොම තලතුනා, දැනුම ඇති, බමුණු කෙනෙක් වගේ. ඉතින් සමහර වෙලාවට විවාහය මුලදී හොඳට සිද්ධ වෙනවා. අගදී පොඩි පොඩි දෝෂ ඇති වෙනවා. මොකද මේ බොහොම දැන උගත් කෙනෙක් නම්, එයා ඒ ගෘහ ජීවිතයට ඇලිලා ඉන්න කෙනෙක් නෙවෙයි. සමහර වෙලාවට කම්කටොලු, ප්‍රශ්න තියෙන තැනක්නේ විවාහය කියන්නේ. ඉතින් එය, සමහර වෙලාවට කල් යාමේදී යම් යම් නොගැළපීම් තත්ත්ව ඇති වෙන්න පුළුවන්. අනිත් එක විශේෂයෙන් ගුරු හත්වැන්නේ නම් ස්ත්‍රී පක්ෂයේ අය බොහොම සිල්වත් අය. ඒ වගේම පුරුෂ පක්ෂයත් යහපත් අය ගොඩක් වෙලාවට. හත්වැන්නේ ගුරු සිටියාම. ඔවුන් එක ගෙදර ජීවත් වුණත් සමහර වෙලාවට, නියම ජීවිතයක් නෙමෙයි. ඒ කියන්නේ, බොහෝ වෙලාවට හත්වැනි විවාහය සම්බන්ධව ගෙනියන ජීවිතයේදී පසුකාලීනව පොඩ්ඩක් ඈත් වීමක් පේන්න තියෙනවා. නමුත් යහපත් විවාහයක් ඇති වෙනවා. විවාහයෙන් පසු යහපත උදාවෙනවා. හවුල් ව්‍යාපාර ආදියටත් සුදුසුයි. හත්වැන්නේ ගුරු යහපත් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්.

ගුරු අටවැනි භාවයේ පිහිටීම:
සමහරු කතාකරන්න අකැමැති මාතෘකාවක් අටවැන්නෙන් කියවෙන්නේ ටිකක්. මරණය ගැන කියැවෙනවා. ඒ වගේම නරක දේවල්ම නෙමෙයි, දෑවැදි බෝග ගැනත් කියැවෙනවා. ඉතින් ගුරු අටවැන්නේ පිහිටීම ඔය දෑවැදි බෝග ලැබීම, උරුම හිමිකම් ලැබීම, අන්න ඒවට නම් හොඳයි. හැබැයි ගුරු අටවැන්නේ සිටීමෙන් කරදරයක් නැති, ශාන්ත මරණයක් ලබාදෙනවා කියනවා. ගොඩක් අය කැමැති සතුටින් ඉඳලා, සතුටින්ම, කරදරයක් නැතුව මියයන්නනේ. ඉතින් එහෙම බලාපොරොත්තු වෙන අයට ඒක හොඳ තත්ත්වයක්. නමුත් දැන් මෙහෙම, ගුරු අටවැන්නේ සිටින කෙනෙක්ගේ, මරණයෙන් පසුවත් එයා ගැන සෑහෙන කාලයක්, ගොඩක් දෙනෙක් කතා වෙනවා. මොකද හිතන්නේ නැති වෙලාවක සමහර විට මරණය සිද්ධ වෙනවා.

ඇත්තටම ගුරු අටවැන්නේ සිටින කෙනා යහපත් විදිහට ජීවිතය ගතකරලා ඉන්න කෙනෙක් තමයි. ඒ කියන්නේ අටවැන්නේ ගුරුගෙන් පෙන්නන්නේ, කරදරයක් නැති මරණයක්. එයා සමාජයට බොහෝ වෙලාවට, අනේ හොඳ මනුස්සයෙක් නැති වුණා කියන තත්ත්වයට තමයි පත්වෙන්නේ.

ගුරු නවවැනි භාවයේ පිහිටීම:
නවවැනි භාවයේ ගුරු පිහිටීම ඉතා යහපත් තත්ත්වයක්. ඔබේ කේන්දරයේ නමවැනි භාවයේ ගුරු පිහිටා ඇත්නම්, ඔබ ඉතා වාසනාවන්ත පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම ඔබට විදේශගත වීමට අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා වාසනාව තියෙනවා. ඔබගේ ගුරු ග්‍රහයා කේන්දරයේ නවවැනි භාවයේ නම්, එය තමාගේ පියාටත් ඉතා යහපත් තත්ත්වයක්. ගුරු දෙවිවරුන්ට හොඳින් සලකන කෙනෙක් වෙනවා. ඒ වගේම විවාහයෙන් පසු, විවාහක පක්ෂයේ ඥාතීන් ඔබට ඉතා උසස් ලෙස සලකන තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම, ඔබගේ ගුරු කේන්දරයේ නවවැනි භාවයේ සිටියදී, නවවැන්නාධිපති කේන්දරගතව පිහිටා තිබුණේ නම්, විසි අවුරුද්දෙන් පසුව ඔබ ඉතා ඉහළ තත්ත්වයකට පත්වෙනවා.

ගුරු දහවැනි භාවයේ පිහිටීම:
දහවැනි වැනි භාවයටත් ඉතා යහපත් ස්ථානයක්. නවවැනි භාවය ධනු, කටක, මීන වගේ රාශියක් වුණොත් ගුරු හංස නම් පංච මහා පුරුෂ යෝගය උදාවෙනවා. ඉතින් ඒ තුළින් ඔබේ රැකියා ව්‍යාපාර දියුණු තත්ත්වයකට පත්වෙනවා. නවවැන්නේ ගුරු සිටීමෙන් පුරාණ පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා ‘කාරයේෂු මන්ත්‍රී’ කියලා. ඒ කියන්නේ කටයුතු සංවිධාන කිරීමේ දක්ෂයෙක් වෙනවා. ඉතින් බොහෝ දුරට ප්‍රධාන තනතුරුවලට, බොහෝ රාජකාරීවලට සුදුස්සන් හැටියට පත්වෙනවා මේ ගුරු දහවැන්නේ හිටිය අය.

ගුරු එකොළොස්වැනි භාවයේ පිහිටීම:
එකොළොස් වැනි භාවයත් ගුරුට යහපත් ස්ථානයක්. විශේෂයෙන් මේ තුළ ඔබට ඉතා යහපත් මිතුරන් ආශ්‍රයට මුණගැහෙන කෙනෙක් වෙනවා. ඉතින් මේ මිතුරන්ගෙන් ඔබට බොහෝ උදව් උපකාර ලැබෙනවා. ඒ වගේම ගුරු එකොළොස් වැන්නේ පිහිටීම එක්තරා විදිහක ධන යෝගයක් විදිහටත් හඳුන්වා දෙන්න පුළුවන්. දුප්පතා වුණත් අඩුපාඩුවක් නොදැනෙන කෙනෙක්. වෘත්තියක් ලැබුණොත් බොහෝ ලාභ ලබන්න පුළුවන්. ඒ වගේම මෙය එකොළොස් වැන්නේ භාවගත ගුරු හත්වැන්න දැකීම නිසා යහපත් විවාහයක් සිදුවෙන්නත් වාසනාව තියෙනවා. ඒ වගේම ඔබට යහපත් දරුවන් ලබන්න, සමාජයේ ඉහළ පිළිගැනීමක් ලබන්න වාසනාව තියෙන කෙනෙක්. ඉතින් ගුරු 11 වැන්නේ පිහිටීම ඉතා වාසනාවන්ත පිහිටීමක් කියලා හඳුන්වා දෙන්න පුළුවන්.

ගුරු දොළොස්වැනි භාවයේ පිහිටීම:
දොළොස් වැනි භාවය වැය ස්ථානය. මෝක්ෂ ස්ථානය කියලත් හඳුන්වනවා. ඉතින් මේ ගුරු දොළොස් වැනි භාවයේ සිටීමෙන් ඔබ අසරණයන්ට පිහිට වෙන, හැම කෙනකුටම උදව් කරන, කරුණාවන්ත කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ සඳහා බොහෝ වියදම් ආදිය සිදුවෙන්න පුළුවන්. ඉතින් මෙය ජීවිතයේ ලෞකික දියුණුවට වඩා ආධ්‍යාත්මික දියුණුවට නම් හොඳයි. ලෞකික දියුණුව දෙස බැලුවොත්, බොහෝ වෙලාවට වියදම් අධික කෙනෙක් වෙනවා. ඉතින් ජීවිතයේ සමහර වෙලාවට අතේ මුදල් ඉතිරි වෙන්නේ නැතුව, වියදම් තත්ත්වය නිසා මේ ගැටලු ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ගුරු දොළොස් වැන්නට ශුභ ස්ථානයක් හැටියට සඳහන් වෙන්නේ නැහැ. ආධ්‍යාත්මික වශයෙන් යහපත් බවක් තමයි හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ.

SendShareShare
Previous Post

පොත් ප්‍රදර්ශනය! සමරිසි පොත! දරුණු මාෆියාව! තක්කඩි වැඩසටහන! Sri Lanka Latest News

Next Post

පළාත් සභා ඡන්දය මාර්තු හෝ අප්‍රේල්! අනුරගේ තීන්දුව ජනවාරි මුල! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.