• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෝර්මුස් වැහුවොත් ලංකාවත් වැහෙයිද? ඉන්දියාව නම් කලින්ම ගේම ගහගත්තා! අවසාන තීරණය ඉරාන උත්තරීතර නායක අලි කමෙයිනි අතේ! Sri Lanka Latest News

June 28, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
හෝර්මුස් වැහුවොත් ලංකාවත් වැහෙයිද? ඉන්දියාව නම් කලින්ම ගේම ගහගත්තා! අවසාන තීරණය ඉරාන උත්තරීතර නායක අලි කමෙයිනි අතේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මෙම භයානක සිදුවීම ඇතිවුවහොත් එය දැනට පවතින මෙම ඉරාන-ඊශ්‍රායල යුද්ධයේ උච්චතම අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. එනම් පසුගියදා ඇමෙරිකාව සිදුකළ ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට පහරදීමේ ක්‍රියාවලියට පළිගැනීමක් වශයෙන් ඉරානය තමන්ගේ රට ආසන්නයේ තිබෙන ‘හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසාදැමීමට කටයුතු කරගෙන යනවා. මෙම මුහුදු ගමන් මාර්ගය ලෝකයේ තිබෙන ප්‍රධානතම තෙල්, ගෑස් සහ අනෙකුත් බඩු භාණ්ඩ ප්‍රවාහන මාර්ගයක් වෙනවා. මෙහිදී මැදපෙරදිග සිට මුළුමහත් ලෝකයටම තෙල් ප්‍රවාහනය තමයි ප්‍රධාන තැනක් ගන්නේ. ඒ අනුව මෙම හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ලෝකයට සිදුකරන සමුද්‍ර තෙල් සහ ගෑස් ප්‍රවාහනය 25%ක් පමණ සිදුකෙරෙන්නේ මෙම මුහුදු ගමන් මාර්ගය හරහායි. එහිදී විශේෂයෙන්ම ප්‍රබලතම බලපෑම සිදුවන්නේ ආසියාවේ රටවලටයි. එනම් ආසියාවේ රටවල් රැසක් විශාල ඉන්ධන අර්බුදයකට පත්වීමට ඉඩ තිබෙනවා. එය වැළැක්විය නොහැකියි….’ Sri Lanka Latest News

කුමක්ද මෙලෙස ඇසෙන ආන්දෝලනාත්මක කතාන්දරය? මෙම විග්‍රහය කියා සිටින්නේ කවරකු විසින්ද? අද මුළුමහත් ලෝකයම කතාබස් කරන අංක එකේ විෂය බවට පත්ව තිබෙන්නේ දැනට උද්ගතව තිබෙන ඉරාන-ඊශ්‍රායල යුද්ධයයි. එම අර්බුදය ගැන ඔබ එදිනෙදා නොයෙකුත් පුවත් රැසක්ද අසනු ඇතිය. ඉහත ආරම්භයේ ලියා තැබූ විග්‍රහය ගැන නැවත අවධානය යොමුකරමු. එම සුවිශේෂ කතාව කියා සිටින්නේ කවරෙක්දැයි පසුව සොයා බලමු. එය තවදුරටත් මෙසේ කියා සිටී.

‘හෝර්මුස් සමුද්‍ර සන්ධිය’ වසාදැමීම ගැන දැනට ඉරානයේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙනවා. එහෙත් එහි අවසාන පියවර සඳහා ඉරානයේ උත්තරීතර ආරක්ෂක කවුන්සිලයේ අනුමැතිය ලැබිය යුතුයි. ඔවුන් ඒ සඳහාද කටයුතු කරමින් සිටින බව පේනවා. ඉරානයේ පාලන තන්ත්‍ර වෙනසක් දක්වා මෙම යුද්ධය ව්‍යාප්ත කිරීමට බටහිර බලවතුන් බලාපොරොත්තු වෙනවා. එහෙත් එය බලවතුන් සිතන තරම් ලෙහෙසි නොවන බවයි මගේ පුද්ගලික විශ්වාසය. බටහිර සිතන තරමට වඩා ඉරාන පාලන තන්ත්‍රය ස්ථාවර බවයි මගේ හදවතේ හැඟීම. නූතන තාක්ෂණික නවීකරණය සහ ව්‍යාප්තිය සඳහා ඉරානයට දිගු කාලයක කැපවීමේ ඉතිහාසයක් ඇති නිසා එය යමෙකුට බෝම්බයකින් ඉවත් කළ නොහැකි දෙයක් ලෙසයි මට සිතෙන්නේ. විශාල කන්දක් තරම් යටට ගැඹුරට තනනු ලැබූ ඉරානයේ ‘ෆෝඩෝ’ න්‍යෂ්ටික මධ්‍යස්ථානය පසුගියදා ඇමෙරිකාව විසින් හෙලූ කිලෝ 13,600ක් බර ‘බී-2 ස්ලෙත්’ බෝම්බවලට විනාශ කිරීමට හැකිවුණා දැයි මට සැක සහිතයි. මේ නිසා ඉරාන-ඊශ්‍රායල යුද්ධයේ අවසන් ප්‍රතිඵලය ඉතා අවිනිශ්චිතයි….’

මෙම ගැඹුරු විශ්ලේෂණය සිදුකරන්නේ කවරෙකුදැයි දැන් සොයා බලමු. මෙම සුවිශේෂ විද්වතාගේ නාමය මහාචාර්ය ටොබි ඩොජ් වන අතර, ඔහු ආරක්ෂක සහ දේශපාලන විශ්ලේෂකයකු වශයෙන් හැඳින්වෙයි. තවත් ආකාරයකින් හඳුන්වනු ලබන්නේ දේශපාලන විද්‍යාඥයකු ලෙසිනි. තවද ඔහුගේ විශේෂත්වය වන්නේ ඔහු දැනට එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආසියාතික සහ මැදපෙරදිග අධ්‍යයනයන් පිළිබඳ මහාචාර්යවරයකු වශයෙන් කටයුතු කිරීමය. මොහු කාලයක් ඇමෙරිකානු යුද හමුදාවේ උපදේශකවරයකු ලෙසද කටයුතු කර ඇත. ආසියාවේ සහ මැදපෙරදිග යුදමය සහ දේශපාලනික අර්බුද රාශියක් ගැන ඔහු සුවිශේෂ ලේඛන රැසක් සහ ග්‍රන්ථ කිහිපයක්ද සම්පාදනය කර ඇත. ඉහත ඔහු සිදුකර ඇති නවතම විශ්ලේෂණය ඉතා දිගු එකකි. එහෙත් ඒ සියල්ලක් මෙහි ලියා තබන්නට ඉඩක් නැත.

මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී ඉහත ආරම්භයේ සඳහන් කළ ‘හෝර්මුස් සමුද්‍ර සන්ධියේ’ අර්බුදය ඉතා උග්‍ර එකක් ලෙස සැලකිය හැකිය. ඉංග්‍රීසි බසින් Strait of Hormuz ලෙසින් හඳුන්වන මෙම මුහුදු තීරය පිහිටා ඇත්ත් පර්සියානු බොක්ක සහ ඕමාන් බොක්ක අතරය. මෙහි එක් කොටසක් ඉරානයට යාබදව පිහිටා ඇති අතර, එය ඉරානයේ දකුණු වෙරළ තීරයයි. මෙම මුහුදු තීරය දිගින් කිලෝමීටර් 167ක් වන අතර, පළලින් කිලෝමීටර් 97කි. මෙහි අවම පළල ඇති ප්‍රමාණය කිලෝමීටර් 39ක් වෙයි. මෙම සමුද්‍ර සන්ධියට යාබදව ඉරානයට අමතරව ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයද පිහිටා ඇත. යටකී සමුද්‍ර සන්ධිය හරහා තෙල් හා ගෑස් නැව්වලට අමතරව අනෙකුත් සියලු ආකාරයේ බඩු භාණ්ඩ ප්‍රවාහනය කරන නැව් විශාල ගණනක් දිනපතා යාත්‍රා කරයි. සමුද්‍ර සන්ධියක් යනු ඉතා කෙටි පළලකින් යුත් මුහුදු තීරයකි. මෙම තීරයෙහි බහුතර කොටස එනම් විශාල කොටස අයත් වන්නේ ඉරානයටයි. එහෙයින් ඉරානයට අයත් මුහුදු තීරයේ කොටස නැව් ගමනාගමනයට වසාදැමීමට ඉරානයට අයිතියක් ඇත. එසේ වුවහොත් වැඩි අවකාශය වැසී ඇති හෙයින් නැව් ගමනාගමනය 75%කින් පමණ අඩාළ වනු ඇත. ඉරාන-ඉරාක මහ යුද්ධයේදී පවා මෙම සමුද්‍ර සන්ධිය වසාදැමීමක් සිදුකර නැත. එහෙත් මෙවර තත්ත්වය එයට වඩා අර්බුදකාරී විය හැක්කේ මෙම මුහුදු තීරය වසාදැමීමට ඉරානයේ පාර්ලිමේන්තුවේ අනුමැතියද මේ වනවිට හිමිව ඇති හෙයිනි. මෙම සමුද්‍ර සන්ධිය වසාදැමුවහොත් තෙල් නිපදවන තම අසල්වැසි රටවල් සතුරන් බවට පත්වන ආකාරය ඉරානයට දැකිය හැකි බවද විදෙස් ආරක්ෂක විශ්ලේෂකයෝ කියා සිටිති.
2025 පළමු කාර්තුවේදී පමක් ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා දිනක බොර තෙල් බැරල් මිලියන 1.5ක් නැව්ගත කර ඇත. යම් හෙයකින් මෙම මුහුදු තීරය වසාදැමුවහොත් ගෝලීය වෙළෙඳපළෙන් තෙල් බැරල් බිලියන 17කට වඩා විශාල ප්‍රමාණයක් ඉවත් විය හැකි බවට අනතුරු හඟවා ඇත. මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් බොර තෙල් මිල ශීඝ්‍ර ලෙස ඉහළ යන බවට අනතුරු හඟවා ඇත. දැනටද එය සිදුවෙමින් පවතින අතර, පසුගියදා බොර තෙල් මිල 8%කින් ඉහළ ගොස් දැන් එය 10% දක්වා තවත් ඉහළ ගොස් ඇත. මෙය විශාල අර්බුදයකි.

ලොව කාර්යබහුලම බොර තෙල් සහ ගෑස් ප්‍රවාහන නැව් මාර්ගය වන ඉරානයේ ‘හෝර්මුස් සමුද්‍ර සන්ධිය’ වසා දැමුවහොත් එය ප්‍රධාන වශයෙන්ම බලපානු ලබන්නේ ආසියාතික රටවලටය. එහිදී එම ක්‍රියාවලිය ආසියාවේ ප්‍රධානතම රටවල් වන ඉන්දියාව, චීනය සහ ජපානයට ඉතා දරුණු ලෙස බලපානු ලබන අතර, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය සහ ශ්‍රී ලංකාව වැනි රටවලටද එම බලපෑම ප්‍රබලව දැනෙනු ඇත. අපගේ ශ්‍රී ලංකාව ගත්විට එවිට මෙරට ඉන්ධන මිල ඉහළ ගොස් එම තත්ත්වය අනෙකුත් අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යෑම කෙරෙහිද බලපානු ඇත. ආසියාවේ ධනවත් රටවලට එම තත්ත්වය එතරම් බලපානු නොලැබුවද ශ්‍රී ලංකාව වැනි රටකට එය දරුණු මරුපහරක් වනු ඇත. එවැන්නක් සිදුවුවහොත් එය සමස්ත ලෝක වෙළෙඳපළටම ප්‍රබල ඍජු ප්‍රතිවිපාක ඇතිකරනු ලබයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීතිරීතිවලට අනුව ඕනෑම රටකට තම වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 12ක් (සාමාන්‍ය සැතපුම් 13.8ක්) දක්වා එම රටට පාලනය කිරීමේ බලතල හිමිවෙයි. එනම් මෙහිදී හෙළිවන සුවිශේෂ කරුණ නම් යටකී සමුද්‍ර සන්ධියේ පටුම ස්ථානයේ බහුතර කොටස අයිති වන්නේ ඉරානයට වීමය. සෑම මසකම මෙම තීරය හරහා නැව් 3,000ක් යාත්‍රා කෙරෙයි.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මෙවැනි අර්බුදයක් කල්තියා දැනගෙන ඉන්දියාවට රුසියාවෙන් බොර තෙල් ගෙන්වා ගැනීමට කටයුතු කළේය. එනම් එම තෙල් නැව් ඉන්දියාවට පැමිණෙන්නේ රතු මුහුද හරහා ඉන්දියානු සාගරයට යාත්‍රා කිරීමෙනි. තවද ඇමෙරිකානු සම්බාධක නිසා රුසියානු තෙල් මිලද පහත බැස ඇත. ශ්‍රී ලංකාවේ පාලකයන් මෙවැනි විකල්පයන් ගැන තීරණ ගැනීම කවදා සිදුකරන්නේද? ඔවුන් ‘ළිඳ තුළ සිටින මැඩියන්’ මෙනි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අපේ මන්ත්‍රීවරු දෙන්නා පැහැරගත්තේ පාතාලයට සහාය දෙන පක්ෂයක්! අපි මේ ගැන හොයනවා! විපක්ෂයේ අය නාට්ටියක් කියද්දී ආණ්ඩුවේ ඇමැති වැලිගම සිද්ධිය ගැන කියන කතාව! VIDEO I Sri Lanka Latest News

Next Post

මෙන්න අලුත්ම ජාවාරම! දණහිස් ඇටයක් රුපියල් ලක්ෂ තුනහමාරයි! Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.