• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩී.එස්.ලාට බණ්ඩලාට පුළුවන් නම් රාජපක්ෂලාට බැරිද? (විජයසිරි ගම්ලත්ගේ රටේ පැත්ත)

June 19, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ඩී.එස්.ලාට බණ්ඩලාට පුළුවන් නම් රාජපක්ෂලාට බැරිද? (විජයසිරි ගම්ලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

“සැප්තැම්බර්වල නාමල්ට අගමැතිකම දෙන්න මහින්ද තීන්දු කරලලු…”

මේ දිනවල ආණ්ඩුව ඇතුළේ විතරක් නොව විපක්ෂයේත් අහුමුලුවල මන්ත්‍රීවරු සෙට් වුණාම කතා වෙන්නේ මේ කාරණාව ගැනය.

“නාමල් අගමැතිකමට ඕන කරන සියලු සුදුසුකම් සපුරලයි තියෙන්නේ….”

මේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් වුණු සුසිල් ප්‍රේමජයන්ත මාධ්‍යවේදීන් මේ ගැන ප්‍රශ්න කරද්දී දුන් උත්තරයය.

“නාමල් වගේ තරුණ හයිය තියෙන කෙනෙක් තමයි අගමැතිකමට සුදුසු…”

මේ, රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මාධ්‍යයට කියලා තිබුණු කතාවක්ය.

ආණ්ඩුවේ මැති ඇමැතිවරු නාමල්ට අගමැතිකම දෙන කතාව ගැන මේ විදියට කතා කරලා තිබුණත් සමාජ මාධ්‍ය නම් නාමල්ට එරෙහිව විවිධ පෝස්ට් පළකරමින් සමච්චලයට ලක් කළ ආකාරය දැකගත හැකි විය.

“ඇත්තටම නාමල් අගමැතිකමට සුදුසුද?”

මේ අද සමාජ මාධ්‍යවල කතා කරන දෙයය. ඒ ගැන උත්තර හොයන්න නම් නාමල්ගේ දේශපාලන යටගියාව ගැන ටිකක් හාරා අවුස්සා බලන්න ඕනෑය.

නාමල් පළමු වරට ප්‍රසිද්ධ දේශපාලනයට එන්නේ 2010 මහ මැතිවරණයෙන්ය. ඊට කලින් නාමල් ‘නිල් බළකාය’ නමින් තරුණ සංවිධානයක් පිහිටුවාගෙන ශ්‍රීලනිපයට තරුණ ජවය, ශක්තිය එන්නත් කරන වැඩපිළිවෙළක නිරතව සිටියේය. මේ නිල් බළකාය වටා එකල නාමල්ගේ පිටුපසින් තරුණ කලාකරුවන්, ක්‍රීඩකයන් පෙළගැසී සිටියේය. 2010 ජනාධිපතිවරණයේදී නාමල් සිය පියා වූ මහින්දගේ කැම්පේන් එකට මේ නිල් බළකාය වටා සිටි කලාකරුවන්, ක්‍රීඩකයන් සියලු දෙනා එකතුකොට ගෙන රටටම දැනෙන විශාල කැම්පේන් එකක් දියත් කළේය.

නාමල් මේ කැම්පේන් එක තරුණ කණ්ඩායම් එකතු කරගෙන කළේ අඩුම තරමින් ශ්‍රීලනිපයේ කිසිදු තනතුරක් හෝ ලබා නොසිටි අවදියේය. ඒ වන විට ශ්‍රීලනිප තරුණ සංවිධානය භාරවී තිබුණේද වෙනත් මන්ත්‍රීවරයකුටය. එතකොටත් මහින්ද ශ්‍රීලනිපයේ නායකයාය. හැබැයි නායකයා වුණා කියා මහින්ද නාමල්ට පක්ෂයේ කිසිදු වගකීමක් භාරදී තිබුණේ නැත. මහින්ද නාමල්ට කියා තිබුණේ එළියේ ඉඳන් වැඩ පෙන්වා පක්ෂය ඇතුළට එන ලෙසටය. ඒ නිසාම නාමල්ද පක්ෂය යඇතුළේ තනතුරු ඉල්ලා මහින්ද පස්සේ ගියේ නැත. නිල් බළකාය හරහා එළියේ ඉඳන් වැඩ පෙන්වා 2010 ජනාධිපතිවරණ ජයග්‍රහණයට විශාල දායකත්වයක් ලබාදුන්නේය.

නාමල් මුලින්ම පාර්ලිමේන්තු ආවේ 2010 මහ මැතිවරණයේදී හම්බන්තොට ජයග්‍රහණය කරමින්ය. ඒ, මහින්දට පමණක් දෙවැනි වූ වාර්තාගත මනාප ප්‍රමාණයක් ලබාගනිමින්ය. ඒ නිසා හැමෝම හිතුවේ තාත්තා රටේ ජනාධිපති නිසා පළමු චාන්ස් එකෙන්ම නාමල්ට ඇමැතිකමක් හිමිවනු ඇතැයි කියාය. හැබැයි නාමල්ට ඇමැතිකමක් තියා නියෝජ්‍ය ඇමැතිකමක්වත් මහින්ද දුන්නේ නැත.

“ෂුවර් එකටම නාමල් පක්ෂයේ මහලේකම් කරාවි…”

ඇමැතිකම් නොලැබුණු තැන සමහරු එහෙමත් කීහ.

හැබැයි එහෙම දෙයක් වුණේවත් නැත. නාමල් නිකන්ම නිකන් පසුපෙළ මන්ත්‍රී කෙනකු පමණක් විය. අවුරුදු 5ක් තිස්සේ නාමල් පසුපෙළ මන්ත්‍රීවරයකු විදියට ආණ්ඩුව ආරක්ෂා කරන්නට පියවර ගත්තේය. දේශපාලන අත්දැකීම් ලබාගත්තේය.
2015 ජනාධිපතිවරණ පරාජයත් සමග දේශපාලනය උඩුයටිකුරු විය. ශ්‍රීලනිප නායකත්වය මහින්දගෙන් මෛත්‍රිට ගියේය. නාමල්ට සිදුවූයේ විපක්ෂයේ සිටිමින් මෛත්‍රිගේ නායකත්වය යටතේ ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන්නටය. එහිදී පවා නාමල් කිසිදු වෙනසක් නොපෙන්වා මෛත්‍රිගේ නායකත්වය යටතේ පාර්ලිමේන්තුව ඇතුළේත්, පාර්ලිමේන්තුවෙන් පිටතත් යහපාලන ආණ්ඩුවට එරෙහිව ලොකු සටනක් ගෙන ගියේය.

මේ නිසාම යහපාලන ආණ්ඩුව නාමල්ව දැක්කේ තරුණයකු වුවත් ලොකු සතුරකු ලෙසටය. ඒකේ ප්‍රතිඵලය වුණේ නාමල්ට යහපාලන ආණ්ඩුව යටතේ හිරේ විලංගුවේ වැටෙන්නට සිදුවීමය. වරක් නොව දෙවරක්ම නාමල්ව හිරබත් කන්නට සිදුවිය.
හැබැයි හිරේ විලංගුවේ දැම්මා කිසා නාමල් බින්දුවක්වත් බය නොවීය. යහපාලනයට එරෙහිව ගෙන ගිය සටන දිගටම ගෙන ගියේය. නාමල්ගේ මේ සටන ගැන ආණ්ඩුවටද ලොකු බයක් තිබිණි. මොකද නාමල්ගේ මේ සටනේ කෙළවර ගැන යහපාලන ආණ්ඩුවට හොඳ තක්සේරුවක් තිබිණි. ඒ නිසාම නාමල්ට යහපාලන ආණ්ඩුව කොච්චර බය වුණාද කියනවා නම් 19 වැනි සංශෝධනය ගෙන එද්දී නාමල්ගේ වයස අඩුවෙන වගන්තියක් ඇතුළත් කොට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි අවම වයස් සීමාවක් පැනවීමට පවා යහපාලන ආණ්ඩුව කටයුතු කළේය.

කොහොම වුණත් 2019 ජනාධිපතිවරණයට ආවේ නාමල්ගේ බාප්පා වුණු ගෝඨාභයය. බාප්පාගේ කැම්පේන් එකටත් නාමල් බැහැලා වැඩ කළේ තාත්තාගේ කැම්පේන් එකක් කරන ගානටමය. ඒ ඡන්දෙන් ගෝඨා දින්නේය. නාමල්ට හාපුරා කියා ඇමැතිකමක් ලැබුණේ ඒ ගෝඨාගේ ආණ්ඩුවේය. ඒ වන විට නාමල් අවුරුදු 10ක්ම පාර්ලිමේන්තුව නියෝජනය කර සිටියේය. ඒ නිසා පස්සෙ දොරෙන් ඇවිත් නාමල් ගෝඨාභයගෙන් ඇමැතිකම් ගත්තා කියා කාටවත් කියන්නට බැරිය.
අනෙක් අතට ලංකාවේ පිය උරුමයට තාත්තාගෙන් පුතාට දේශපාලන බලය මාරු වූයේ අදක ඊයෙක සිට නොවේ. මේ රටේ නිදහස ලැබුණු දවසේ සිටම පිය පුතු දේශපාලනය දැනගන්නට ලැබිණි.

මේ රටේ පළමු අගමැති වුණු ඩී.එස්., 1947 අගමැතිකම ගනිද්දීම පාර්ලිමේන්තුවේ හිටපු සිය පුත් ඩඩ්ලිව ඇමැතිවරයකු බවට පත් කළේය. ඩී.එස්. මරණ මංචකයේ සිටියදී පවා සිය පුත් ඩඩ්ලිව ඊළඟ අගමැති කරන්න සැලසුම් සකස් කළේය.

මැතිනිය, 1977දී සිය පුත් අනුර ලන්ඩනයේ අධ්‍යාපනය හමාර කර ලංකාවට පැමිණි පසු ශ්‍රීලනිපයේ තරුණ සංවිධානය භාරදීමට පියවර ගත්තාය. 1977 මහ ඡන්දෙදි අත උඩින් දිනන්න පුළුවන් මස්කෙළිය දෙවැනි මන්ත්‍රී ආසනය ලබාදීමට කටයුතු කළාය. අනතුරුව අනුරට විපක්ෂ නායක ධුරය ලබාදුන්නාය. 1988 ජනාධිපතිවරණය ශ්‍රීලනිපය දින්නා නම් ඒ වෙලාවේ අගමැති ධුරය අනිවාර්යයෙන්ම හිමිවන්නට තිබුණේ අනුරටය. සිරිමාගෙන් පසු චන්ද්‍රිකා අගමැති ධුරයට පත්වූයේත් පවුල් දේශපාලනය නිසාය.

ඉතින් සේනානායකලාට, බණ්ඩාරනායකලාට මේ දේශපාලනය හොඳ නම් රාජපක්ෂලාට ඒ දේශපාලනය නරක් වෙන්නේ කොහොමද?

විජයසිරි ගම්ලත්

SendShareShare
Previous Post

කොරෝනා කමිටුව විනෝද සාගරයක්! ෆ්‍රෙඩී සිල්වලා විතරක් නෙමෙයි ඇනස්ලි බර්ටිලත් ඉන්නවා!! (VIDEO)

Next Post

කොරෝනා රහස් දන්නා චීන බුද්ධි අංශ ලොක්කා පවුලත් එක්කම අමෙරිකාවට පනී!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවිම සම්බන්ධයෙන් රට තුළ බරපතල සංවාදයක් මතුව තිබෙන බවත්...

Read more
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.