තමන් කිසිසේත්ම ජනාධිපති ධූරයෙන් ඉවත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇත.
සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් හා ජනාධිපතිවරයා අතර ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ජාවකදී මේ බව දැනුම් දී ඇති බව පැවසේ.
තමන් ජනාධිපති ධූරයෙන් ඉවත් නොවන බවත්, ඉන් එහා ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ජා කළ හැකි බවත් ජනාධිපතිවරයා එහිදී සදහන් කොට ඇති බව දැනගන්නට තිබේ.










