• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 13ක් පැවිදිව සිට සීයා අත්තම්මා බලාගන්න උපැවිදි වූ බෝසත් දැරිවියක්! මම කවදා හරි ආපහු පැවිදි දිවියට යනවා! Sri Lanka Latest News

November 15, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අවුරුදු 13ක් පැවිදිව සිට සීයා අත්තම්මා බලාගන්න උපැවිදි වූ බෝසත් දැරිවියක්! මම කවදා හරි ආපහු පැවිදි දිවියට යනවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook


මිනිස්සුන්ගේ ජීවිත හරි පුදුමාකාරයි. අපි හිතන පතන දේවල් නෙවෙයි සිද්ධ වෙන්නේ. හිරුෂි කියන්නේ ජීවිතය ගැටගහගන්න අනන්ත කැපකිරීම් කරන අහිංසක දරුවෙක්. ශක්තිමත් කාන්තාවක්. පුංචි කාලේ ඇයට අම්මාවයි තාත්තාවයි අහිමිවෙනවා. නමුත් ඇගේ හයියට හිටියේ ආච්චි අම්මා සහ සීයායි. ඇයටත් ජීවිතයේ වැටෙන තැන් තිබුණා. අසරණ වුණු තැන් තිබුණා. ඒත් කවදාවත් ඇය වැටිලා ඉන්නේ නැතුව වැටුණු තැනින් නැගිටලා ආපසු ජීවිතය හෙව්වා. සාර්ථකව ජීවතයට මුහුණ දුන්නා.Sri Lanka Latest News

අපි මේ කතාව ඇහුවේ සමාජ මාධ්‍යයෙන්. කුඩා කාලේම මවුපියන් නැතිවුණොත් වර්තමානයේ ඒ පවුලම අසරණ වෙනවා. නොයෙක් විෂකුරු දේට ඇබ්බැහි වෙනවා. විශේෂයෙන්ම ගැහැනු දරුවෙක් කාත් කවුරුවත් නැහැ කියලා දැනගත්තාම වටේ ඉන්න අය අසරණ තත්ත්වයට ඇද දමන්නයි උත්සාහ කරන්නේ.

අම්මාගේ ගම වෙන්නේ ගාල්ල. තාත්තාගේ ගම වෙන්නේ නුවර. හිරුෂි නංගිලා දෙදෙනෙක් සමග හැදි වැඩෙන්නේ නුවර පළාතේයි. සීයා ආච්චි ළඟයි ඇය හැදී වැඩෙන්නේ. තම පියාව අහිමි වෙන්නේ කුරිරු යුද්ධයෙන්. ඉන් පසුව කාලයාගේ ඇවෑමෙන් අම්මාද මේ ලෝකෙන් සමුගන්නවා. හිරුෂිට අවුරුදු හතක් වගේ වෙනකොට දෙදෙනාම ජීවිතයෙන් සමුඅරන්. මේ පොඩි දැරියන් තිදෙනාම බලා හදාගන්නේ අත්අම්මා සහ සීයායි. දැන් හිරුෂි පසුවන්නේ තරුණ වියේ වුණත් තවමත් හිරුෂි ආදරය කරන්නේ ළමා කාලයටයි. හිරුෂි කුඩා කාලයේම පැවිදි දිවියට පත්වෙනවා. අවුරුදු 13ක් පැවිදි ජීවිතය ගතකරනවා. ඉන් පසුව ඇයට සිවුරු හැරයන්න සිදුවෙන්නේ තමන් කුඩා කාලයේ මවුපියන් නැතුව ගියාම හදා වඩාගත්ත ආච්චියි සීයයි රැකගන්නයි. මේ දෙදෙනාම දැන් මහලු වියේ පසුවන්නේ. ඔවුන් දැන් අසරණයි. බලාගන්න කවුරුත් නැහැ. හිරුෂි තමන්ගේ පැවිදි දිවිය කැපකරලා ගිහි ජීවිතයට එන්නේ තමන්ට ඒ ආදරය දුන්න දෙන්නව රැකබලාගන්න ඕනෙ නිසයි. ඇයට කවදාවත් පවක් සිදුවෙන්නේ නැහැ. මොකද මේ වයෝවෘද්ධ දෙදෙනාව රැකබලාගන්නයි එන්නේ. ඒ දෙදෙනාට කන්න අඳින්න දෙන්න ඕනේ. ලෙඩ වෙනවා ජරා වෙනවා. මේ හැම දෙයක්ම තමන්ගේ අත්වලින් කරන්න ඕනේ නිසයි.
හිරුෂි තම ජීවිතය ගැන පැවැසුවේ මෙවැන්නක්.

‘මම අවුරුදු 13ක් පැවිදි ජීවිතය ගතකළා. මගේ අත්තම්මයි සීයයි වයසයි. ඒ නිසා මගේ පැවිදි දිවිය කැපකළේ. මට ඒ දෙන්නව බලාගන්න ඕනෙ නිසා පැවිදි දිවියට සමුදෙන්න වුණා. මගේ නංගිලා දෙන්නත් ඉන්නවා. පොඩි නංගි ශාසනේ ඉන්නවා. මගේ ලොකු නංගි මාත් එක්ක ඉන්නවා. පැවිදි ජීවිතයෙන් ආවාම මගේ ජීවිතය ගොඩාක් වෙනසකට පත්වෙනවා. පැවිදි ජීවිතය කියන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්. ගිහි ජීවිතය කියන්නේ ඊටත් වඩා වෙනස්දෙයක් පැවිදි ජීවිතයේ අපිට අවශ්‍ය දේවල් ලැබෙනවා. නමුත් ගිහි ජීවිතයේ අපි දේවල් හොයාගන්න ඕනෙ. මම ගාමන්ට් ජීවිතය ගතකරන්නේ අවුරුදු එකහමාරක් තිස්සේ. දැන් වැඩකරන ගාමන්ට් එකට ඇවිල්ලා මාසයක් වගේ කාලයක්. ආච්චියි සීයයි ගොඩක් වයසයි. අත්තම්මාට අවුරුදු 76ක් වෙනවා. සීයා ඊට වඩා වයසයි. මට නංගිලා දෙන්නෙක් ඉන්නවා. ඊටත් වඩා ආච්චිවයි සීයාවයි බලාගන්න ඕනෙ නිසයි මම ගාමන්ට් රස්සාවට එන්නේ. මාව පොඩි කාලේ ඉඳලා හැදුවා. ඒ දෙන්නව රැකබලා ගන්න තමයි මම මේ තීරණය ගත්තේ.

බුදු හාමුදුරුවෝ වුණත් කියලා තියෙන්නේ සිවුරේ ඉන්න බැරිනම් සිවුරු ඇරලා යන්න ශාසනේ ඉඳන් පවු කරන්න එපා කියලා. ශාසනේදි මගේ අතින් පවක් සිදුවුණේ නැහැ. ඒත් මගේ අත්තම්මයි සීයයි වෙනුවෙන් මේ දේ කළා. සිවුරු ඇරලා එනකොට අත්තම්මයි සීයයි කිව්වේ එන්න එපා අපි ගැන අපි බලාගන්නම් කියලා. හැබැයි අපිට අපිව බලාගන්න බැරි කාලේ එයාලා අපිව බලාගත්තා.

අපි පඩි ගත්තාම පැවිදි වෙච්ච නංගිවත් බලන්න හැම මාසෙම යනවා. අපි බෝඩින් වෙලා ඉන්නේ. අපේ ගෙවල් නුවර නිසා පඩි ගත්තාම තමයි යන්නේ. බෝඩින් ජීවිතෙත් හරි ලස්සනයි. ඒ අත්දැකීම් විඳලා නැහැ. අවුරුදු එකහමාරක් දෙකක් තිස්සේ ඒ ජීවිතය විඳිනවා. ගැටලුවක් නැහැ. හම්බකරන පඩිය අත්තම්මලා සීයලා වෙනුවෙන් වියදම් කරනවා. නංගි වෙනුවෙන් වියදම් කරනවා. අපි සතුටෙන් ජීවිතය ගෙවනවා. මම ගිය අවුරුද්දේ තමයි ගාමන්ට් රස්සාවට ගියේ. මීට කලින් මැෂිමක් පාගලාවත් නැහැ. මම සතුටු වෙනවා කලින් ගිය ආයතනයෙන් තමයි මම මහන්න ඉගෙන ගත්තේ. මට කියලා දේවල් තිබුණේ නැහැ. මට කියලා වාහනයක්වත් තිබුණේ නැහැ. මම අද ඒ හැම දෙයක්ම භුක්ති විඳිනවා. පැවිදි ජීවිතයේ ඉන්න කොට මේ දේවල් ඕනෙ වෙන්නේ නැහැ. හැබැයි ගිහි ජීවිතයේ ඉන්නකොට අපිට මේවා ඕනෙ වෙනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කළ විදියට මේ හැම දේම නැතිවෙනවා. අපිටත් එහෙමමයි. අපි වයසට යද්දි ඒ දේවල් නැතිවෙලා යන්න පුළුවන්. අනිත්‍යතාව මෙනෙහි කරන්න දෙයක් නැහැ. ඒක එහෙම වෙනවා කියලා දැනගෙන ජීවත් වෙනවා. මම අනිත්‍යතාව කියලා හිතුවට වටේ ඉන්න මිනිස්සු එහෙම හිතන්නේ නැහැනේ. අපි කිසිම දෙයක් නැතුව ඉන්නතාක් කල් හිතන්නේ කිසිම දෙයක් නැහැ කියලා. මේ සමාජයේ ගොඩාක් මිනිස්සු මනුෂ්‍යයෙකුට සල්ලි නැත්නම් ඒ මනුෂ්‍යයාව කොන් කරලා දානවා. කිසිම දෙයක් නැත්නම් ඒ මනුස්සයාට කිසිම දෙයක් නැහැ කියලා අයින් කරලා දානවා. මේ ලෝකෙට අපි එන්නේ තනියෙන් වුණාට අපි ජීවත් වෙන්නේ ගොඩාක් පිරිසක් එක්ක. සල්ලි කියන දේ ඕනේ කියලා ගිහි ජීවිතයට ආවාට පස්සේ මම තේරුම් ගත්තා. ආච්චියි සීයයි කියන්නේ ආපහු පැවිදි ජීවිතයට යන්න කියලා එතකොට මම කිව්වා කමක් නැහැ ඔයාලාගේ අන්තිම කාලෙත් ඔයාලත් එක්ක ඉඳලා ආයෙ කාලයක් හිතුණොත් ඒ කාලේදි මම ආයෙ පැවිදි ජීවිතයට යන්නම් කියලා.

කෙනකුගේ ජීවිතයේ හොඳම කාලේ වෙන්නේ අවුරුදු 18ක් වගේ වෙනකල්. මම සිවුරු අත්හරින්නෙත් අවුරුදු 18 පහුවෙලා. දැන් මට අවුරුදු 19ක් වෙනවා. තරුණ ජීවිතයේ තමයි ගොඩාක් දේවල් අවශ්‍ය වෙන්නේ. මහලු ජීවිතයට ගියාම අවශ්‍යතා අඩුයි. මම ආයෙ යන්නේ ගිහි ජීවිතයේ ඉඳලා කවදා හරි කාටවත් දෝෂාරෝපණය කරන්න බැහැ මම වැරදියි කියලා. පැවිදි ජීවිතයට යන්නේ දානේ කන්න කියලා කියන්න බැහැ. මම පිරිවෙන් අවසාන විභාගය දක්වා ඉගෙනගෙන තියෙනවා. ධර්ම දේශනාවලින් සමස්ත ලංකා පළමු ස්ථානය ලබාගෙන තියෙනවා. මට තායිලන්තයේ යන්න මාස 06ක අවස්ථාවක් ලැබුණා සිවුරේ ඉන්නකොට. නමුත් මම ඒ හැම දෙයක්ම දාලා ආවා. ඒ අතරතුර තමයි සිවුර අත්හැරියේ. සීයත් අසනීපයෙන්. අත්තම්මා ළඟදි වැටිලා අපි බලන්න ගියා. අපිට යන්න බැරිවුණත් ගිණුමට සල්ලි දාලා අපි ඒ දෙන්නව බලාගන්නවා.

අම්මායි තාත්තායි කියන්නේ අපේ ජීවිතවල ගොඩාක් වටිනම අය. අපිට ගොඩාක් මතක් වෙනවා. අද මම ඉන්න තැන ඔයාලාට පේනවා නම් සතුටුවෙන්න. කවදාවත් නොමග යන්නේ නැතුව හොඳ තැනක ඉන්නවා කියලා. මොකද ඔය දෙන්නා බිහිකළ නිසා මේ තැන අපි ඉන්නේ. අපිව දාලා ගියා කියලා ඔයාලාට බනින්නෙත් නැහැ. වෛර කරන්නෙත් නැහැ. මේ තැන ඉන්නවා කියලා සතුටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ සමහර ප්‍රශ්න තිබ්බා කියාගන්න ඕනෙ වෙලාවෙත් එයාලා ළඟ නැති. සමහර ප්‍රශ්න හිතේ හිරකරගෙන උත්තර හෙව්වා. විශේෂයෙන්ම මගේ ලොකු නංගි මම වැටෙන්න යන හැම තැනකදිම මගේ ළඟින්ම ඉඳලා මට ශක්තියක් වුණා. කවුරු මාව දාලා ගියත් එයා මාව දාලා ගියේ නැහැ….’

ඇත්තෙන්ම ඇය අම්මයි තාත්තයි නැහැ කියලා ජීවිතවල වගකීම් යුතුකම් ඉෂ්ට කරන්න අමතක කළේ නැහැ. අම්මයි තාත්තයි කියන්නේ ජීවිතයේ වටිනාම අය. මිනිස්සුන්ට තමයි මේ ලෝකේ හැම දෙයක්ම වෙන්නේ. සම සිතින් හැම ප්‍රශ්නයක්ම දරාගෙන ජීවිතවලට මුහුණ දිය යුතුයි. ඒකට කදිම උදාහරණයක් තමයි හිරුෂි කියන්නේ. සමහර දරුවන් මවුපියෝ ඉඳලත් ජීවිත වරද්ද ගන්නවා.

අපි කොයි තරම් වයසට ගියත් මේ ලෝකෙට බිහිකළ අම්මා තාත්තා දෙන්නා ගැන දැනෙන හැඟීම අපි හැමෝගෙම ජීවිතවලට ගෙන දෙන්නේ මහ පුදුමාකාර බැඳීමක්. හිරුෂිටත් එහෙමයි. තමන්ගේ මවුපියන් හා සමාන අත්තම්මයි සීයයි මතක් වුණාම කොයි තරම් බණ දහම් දන්නවා වුණත් එන්න සිදුවුණා. ඇය සිවුර හැරදා ආවයි කියලා කවදාවත් පවක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඇයගේ චේතනාව යහපත් නිසා.

ඇත්තටම පිටතින් බලනවිට ගොඩාක් සතුටින්, හිනාවෙලා ඉන්නවා වගේ පේන බොහොමයක් මිනිස්සු හදවතින් හඬා වැළපෙනවා. ඔයා තවම පුංචියි. ඒත් හදවත ගොඩක් ලොකුයි. මම හිතනවා බුද්ධ චීවරය තුළ කරන්න බැරි ලොකු සමාජ සත්කාරයක් ගිහි ජීවිතය තුළින් ඔයා වැනි බුද්ධිමත් ශක්තිමත් කාන්තාවකට කළ හැකි බව.

බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළේ කෙළෙහිගුණ දන්නා, සිහිකරන පුද්ගලයන් මේ ලෝකේ දුර්ලභයි කියලා. කෙළෙහිගුණ ඇති මිනිස්සු දැක්කාම පුදුම වෙන්න. ඔවුන් සමාජයට මැණිකක් කියලයි හැඳින්වූයේ. එවැනි මිනිස්සු සමාජයට සත්පුරුෂයන් ලෙසයි හැඳින්වූයේ. ඇයත් කෙළෙහිගුණ තිබුණු නිසයි තමන්ව පුංචි කාලේ රැකබලාගත්ත ආච්චි අම්මයි සීයයි වෙනුවෙන් සිවුරු හැරියේ. යම් කෙනෙක් වයසට ගිය මවුපියන් පෝෂණය කරයිද, ඔවුන්ව මුහුදේ සිටියත් ගොඩබිමේ සිටියත් දෙවියන් විසින් ආරක්ෂා කරයි.

‘යෝ මාතරං වා පිතරං වා ධම්මේන ඉධ පෝසති
රක්ඛන්ති තං සදා දේවා – සමුද්දේ වා ථලේපි වා’ යනුවෙන් බුද්ධ වචනයේ හඳුන්වා තිබේ. හිරුෂි වගේ යහපත් දරුවන් ආදර්ශයට ගෙන තමන්ගේ දරුවන්ටත් ගුණධර්ම උපන්දා සිටම වැඩිහිටියන්ට සලකන විදිය පුරුදු පුහුණු කළ යුතුයි. වර්තමාන සමාජයේ දරුවන් හරි දේ වැරදි දේ මොනවද කියලවත් දන්නේ නැහැ. දරුවන්ගේ සිත් තුළ පෝෂණය කළ යුත්තේ ගුණධර්ම මිස එකිනෙකා පරයා යන මානසිකත්වයක් නොවෙයි. සංවේදී දරුවන් බිහිකිරීම යුගයේ අවශ්‍යතාවක් බව දිනෙන් දින සිදුවන සිදුවීම් තුළින් අප ඉගෙනගත යුතුයි.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ජනාධිපතිතුමාගේ ගමට කුඩම්මාගේ සැලකිලිද? තඹුත්තේගම ස්ටේෂන් එක හදන්න ගිය අවුරුද්දේ මිලියන 100ක් පාස් කළත් තවම වැඩේ වෙලා නෑ! සල්ලි ආපහු භාණ්ඩාගාරයට? VIDEO I Sri Lanka Latest News

Next Post

ඉල්මහ සැමරුමට ටිල්වින් දාපු ෆේස්බුක් සටහනට ජනතාව දුන්න උත්තර! Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.