• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජපන් කුමාරයගේ අත බලන්න ජපානයටත් ගියා! එයාර් ලංකා ප්ලේන් එකේ යද්දී නියමුවාගේ අත බලලා කිරිගහට ඇන්නා වගේ අනාවැකි කිව්වා! අත බලා හරියටම සිද්ධ වෙන දේ කියපු ප්‍රේමදාස මහත්තයාගේ දෛවඥයා සොයිසාපුරේ කර්තේලිස්! Sri Lanka Latest News

May 3, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ජපන් කුමාරයගේ අත බලන්න ජපානයටත් ගියා! එයාර් ලංකා ප්ලේන් එකේ යද්දී නියමුවාගේ අත බලලා කිරිගහට ඇන්නා වගේ අනාවැකි කිව්වා! අත බලා හරියටම සිද්ධ වෙන දේ කියපු ප්‍රේමදාස මහත්තයාගේ දෛවඥයා සොයිසාපුරේ කර්තේලිස්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හස්ත රේඛාවල පිහිටීම පරීක්ෂා කර බලා යම් පුද්ගලයකුගේ අනාගතය සම්බන්ධයෙන් අනාවැකි පළකිරීමේ ශාස්ත්‍රය බොහෝ ඈත අතීතයට දිවයන්නකි. ලොව බොහෝ රටවල මෙම ශාස්ත්‍රය ප්‍රචලිතව ඇති අතර, ශ්‍රී ලංකාවේද එම ශාස්ත්‍රය ප්‍රගුණ කළ පුද්ගලයන් විශාල පිරිසක් සිටින බව දැකගන්නට ලැබේ. ඔවුන් අතර ‘කර්තේලිස්’ නමින් මීට දශක කිහිපයකට ඉහත මෙරට ඉතා ප්‍රචලිත හස්ත රේඛා විශේෂඥයකු සිට ඇත. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සමග සමීප ඇසුරක් පවත්වා ඇති ඔහු, එකල එයාර් ලංකා ගුවන් සේවයේ ප්‍රධාන ගුවන් නියමු ලෙස කටයුතු කළ කපිතාන් එල්මෝ ජයවර්ධන මහතාට මුණගැසී ඇති අතර, ජයවර්ධන මහතාගේ අත්ල පරීක්ෂා කර, ප්‍රබල අනාවැකියක් පවසා තිබේ. පහත පළවන්නේ කපිතාන් එල්මෝ ජයවර්ධන මහතා, හස්ත රේඛා විශේෂඥ කර්තේලිස් මහතා ඉදිරිපත් කළ අනාවැකිය සැබෑ වූ ආකාරය පිළිබඳ සිදුකළ ප්‍රකාශයකි. Sri Lanka Latest News

‘කර්තේලිස් කියන්නේ ලංකාවේ හිටපු ශාස්ත්‍ර කියන හොඳම මිනිහා. බොහොම හොඳ මනුස්සයෙක් ඉස්සර හිටියේ සොයිසාපුර. එයා දවසක් මම එයාර් ලංකා එකේ ඉන්න කාලේ මගේ ප්ලේන් එකේ යනවා ජපානෙට. එතකොට මට ස්ටුවර්ට් කෙනෙක් ඇවිල්ලා කිව්වා කැප්ටන්, ප්‍රේමදාස මහත්තයා මෙයාව ජපානයට යවනවා, ජපානේ කුමාරයගේ අත කියවන්න කියලා. එයාට ප්ලේන් එකේ නියමු කුටිය බලන්න ආසයි කියනවා කියලා මට කිව්වා. මම කිව්වා කමක් නෑ එන්න කියන්න කියලා. කර්තේලිස් කියන්නේ ඒ කාලේ බොහොම ප්‍රසිද්ධ චරිතයක්නේ. ඉතින් එයා ආවා. ආරිය සිංහල ඇඳුමක් ඇඳගෙන හිටියේ. මිනිහා කිව්වා මම ඉන්නේ සොයිසාපුරේ කියලා. මම කිව්වා ඉතින් මම ඉන්නෙත් ඒ කිට්ටුවනේ මොරටුවෙනේ කියලා. ඉතින් ඔය විදියට අපි දෙන්නා කතා කර කර හිටියා.

මම කර්තේලිස්ට කිව්වා ඔයාට බැරිද මට උදව්වක් කරන්න කියලා. එයා ඇහුවා මොකක්ද කියලා. මම කිව්වා මගේ අත කියවන්න කියලා. හරි කැප්ටන් මම බලන්නම් කිව්වා. මම ඊට පස්සේ මගේ සහායක නියමුවාට ප්ලේන් එකේ පාලනය භාරදීලා ලයිට් එකේ එළිය වැඩිකරලා මගේ අත කර්තේලිස්ට පෙන්නුවා. එයා ටිකක් වෙලා මගේ අත කියවලා, මම ගැන කියන්න පටන්ගත්තා. ඒ කියපු හැම දෙයක්ම හරියටම හරි. මට හරිම පුදුමයි. අන්තිමටම කර්තේලිස් මට කිව්වා, ඔයා තව මාස 6ක් යන්න කලින් ලංකාවෙන් යනවා කියලා. මම හිනාවෙලා කිව්වා කර්තේලිස් මහත්තයෝ ඔයා කියපු සේරම හරි. හැබැයි රට යන කතාව තමයි ඔයාට වැරැදුණේ කියලා. මොකද ඒ වෙද්දී මගේ කිසිම අදහසක් තිබුණේ නෑ රටෙන් යන්න. නමුත් කර්තේලිස් මට කිව්වා මාස 6ක් යද්දී ඔබතුමාට රටෙන් යන්න අවස්ථාවක් එනවා, ඒක අතහරින්න එපා, ඔයාට ඒ රැකියාව තමයි හරියන්නේ කියලා. මම ඒත් හිණා වුණා. මොකද මම කවදාවත් එහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නෑ.

කොහොම හරි මාස 6ක් යද්දී මට සිංගප්පූරුවට යන්න අවස්ථාවක් ආවා. මම එතකොට ලංකාවේ චීෆ් පයිලට්. ඒත් මෙහෙ වැඩකරන්න පුළුවන් පරිසරයක් තිබුණේ නෑ. බලපෑම් වැඩියි. ටෙලිෆෝන් කෝල්ස් එනවා අරයව ගන්න, මෙයාව ගන්න කියලා. ඒ වගේ තත්ත්වයක් යටතේ ලංකාවේ වැඩකරන්න මට කැමැත්තක් තිබුණේ නෑ. ඒ නිසා මම සිංගප්පූරු ගිය වෙලාවක සිංගප්පූරු ගුවන් සේවයට දුරකතන ඇමතුමක් දුන්නා. ඒකේ මානව සම්පත් අංශයේ ලෙස්ටර් කියලා මහත්තයෙක් මට කතා කළේ. මම එයාට කිව්වා මම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන ගුවන් නියමුවා, මට සිංගප්පූරු ගුවන් සේවයේ රැකියාවක් ගන්න පුළුවන්ද කියලා. එයා මගෙන් ඇහුවා ඔයාට හෙට උදේට ඉන්ටර්විව් එකට එන්න පුළුවන්ද කියලා. මම කිව්වා පුළුවන් කියලා. ඊට පස්සේ මම පහුවදා උදේ ඉන්ටර්විව් එකට ගියා. ලෙස්ටර් මහත්තයා මාව ඉන්ටර්විව් කරලා ඉවර වෙලා ඇහුවා ඔයාට කවදා ඉඳලද වැඩට එන්න පුළුවන් කියලා. මම කිව්වා මට මාස 3ක් කල් ඕනේ කියලා. ඔහු කැමැති වුණා.

මම ගෙදර ඇවිල්ලා මගේ නෝනට කිව්වා ඔයා දන්නවද මට සිංගප්පූරු ගුවන් සේවයේ රස්සාවක් හම්බවුණා කියලා. නෝනා ඒක විශ්වාස කළේම නෑ. නමුත් ඒක ඇත්තක්. ඒ කිව්වා වගේ මම සිංගප්පූරු ගුවන් සේවයේ බොහොම සතුටින් කාලයක් සේවය කළා. ඉතින් මට කියන්න ඕනේ වුණේ කර්තේලිස් මහත්තයා එදා මගේ අත බලලා කියපු අනාවැකිය මමවත් නොහිතපු විදියට ඇත්තක් වෙච්ච එක ගැනයි.’

Gemunu Jayantha Wanninayake ෆේස්බුක් පිටුවෙනි

SendShareShare
Previous Post

නවක වදය නිසා දිවිනසා ගත් සබරගමු සිසුවාගේ මරණයේ උණුහුමවත් ගියේ නෑ! නවක වදයට විරුද්ධ වූ ජපුරෙ සිසුවාට ජ්‍යෙෂ්ඨ සිසුන් පහර දීලා! VIDEO I Sri Lanka Latest News

Next Post

ගිය පාර කොළඹ 60න් 58ක් මම දිනෙව්වා! බලමු මේ පාර එජාපය අරක්ගෙන ඉන්න භූතයෝ දෙන්නා පක්ෂය ගෙනියන්නේ කොහේටද කියලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.