• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම මේ කතාකරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර! තමුන්නාන්සේලා මගේ කටහඬ අඳුරනවා! කොහේදෝ ඉඳන් රෝහණ විජේවීර එවපු හඬපටය! Sri Lanka Latest News

October 13, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ 1972දී බන්ධනාගාර සිරමැදිරි බිත්තියක මෙසේ සටහන් කර තිබී ඇත. (Sri Lanka Latest News)

‘දෑස ගලවා ඔබට දෙන්නම් දැකිය හැකි නම් යමක් මට වැඩි
දෑත් කපලා ඔබට දෙන්නම් කළ හැකි නම් යම් දෙයක් මට වැඩි
දෙපා සිඳලා ඔබට දෙන්නම් ගිය හැකි නම් යම් දුරක් මට වැඩි
මගේ දිවිය වුවද ඔබට දෙන්නම් රටට මෙහෙයක් කළොත් මට වැඩි’

පහත පළවන්නේ විමුක්ති අරගලයේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ජනතාව අමතා 1988දී කළ කතාවයි.

‘1988 මැයි මාසේ 12 වැනිදා. මම මේ කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සභාපති රෝහණ විජේවීර. අද මම අපේ ජාතිය අමතලා කතාකරන්නේ නීති විරෝධීව බලයේ ඉඳගෙන රටත් ජනතාවත් ඉන්දීය අධිරාජ්‍යවාදයට පාවා දීලා රට විනාශ මුඛයට ගෙනාපු තොණ්ඩමන් හවුල් ආණ්ඩුව මේ වතාවේ ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධවත්, රටේ ජනතාවට විරුද්ධවත් කරපු භයානක කුමන්ත්‍රණය පිළිබඳ හෙළිදරව් කරන්නටයි. තමුන්නාන්සේලාට මතක ඇති මැයි 10 වැනිදා දවල් 11.30ට ආණ්ඩුවේ හොරණෑව වන ගුවන්විදුලියෙන් විශාල ප්‍රචාරයක් කළා භාෂා තුනෙන්ම ජනතා විමුක්ති පෙරමුණත්, මේ නීති විරෝධී මිනීමරු ආණ්ඩුවත් සාම ගිවිසුමක් අස්සන් කළා කියලා. ඒක ඇත්තද? නෑ. ඒක අමූලික බොරුවක්. පට්ටපල් බොරුවක්.

ජේ.ආර්. ජයවර්ධනයි, ඒ පිස්සගේ පිස්සු ගෝලයොයි මෙතෙක් කල් ජනතාවට කිව්ව බොරු වගේම මහා බොරුවක් පමණයි ඒක. තමුන්නාන්සේලා මගේ කටහඬ අඳුරනවා. මේ රටේ ජනතාව මගේ කටහඬ අඳුරනවා. මම ජනාධිපතිවරණයේදී තමුන්නාන්සේලා අමතලා රූපවාහිනියෙන් ගුවන්විදුලියෙන් කතා කළා. ඊට පස්සේ ඊනියා ජනමත විචාරණ ප්‍රෝඩාවේදී තමුන්නාන්සේලා අමතලා කතාකරලා කිව්වා ජනමත විචාරණයට ඉඩ දෙන්න එපාය, ඡන්දය කල්දාන්න ඉඩ දෙන්න එපාය මේ අපරාධකාරයන්ට. අයිති නැති තුනෙන් දෙකේ බලයක් ජනමත විචාරණයක මුවාවෙන් පවත්වාගෙන ගිහිල්ලා ජනතාව පාවලා දෙන්න ඉඩ හරින්න එපාය කියලා. ඊට පස්සේ තමුන්නාන්සේලා මගේ කටහඬ මේ වගේ පටිගත කිරීම් ගණනක් මගින් අහලා තියෙනවා.

මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලන්නේ ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් කිසිම රහස් සාකච්ඡාවක් යූ.ඇන්.පී. එකත් එක්ක, යූ.ඇන්.පී. නායකයොත් එක්ක කරලා නෑ. කරන්නේ නෑ. අපි ඕනෙම කෙනෙක් එක්ක ඕනෙම දෙයක් කරනවා නම් ඒක එළිපිට ප්‍රසිද්ධියේ කරනවා. යූ.ඇන්.පී. එකේ පුරුද්ද නම් රහසිගතව හොර ගිවිසුම් ගහන එකයි, දෙමළ ඊළාම් ත්‍රස්තවාදීන් එක්කයි ඉන්දීය අධිරාජ්‍යවාදීන් එක්කයි වෙනත් වෙනත් උදවිය එක්කයි. ඒගොල්ලෝ හොර ගිවිසුම් ගැහුවා දෙමළ ඊළාම් ත්‍රස්තවාදී සංවිධානය එක්ක තිම්පෝවලදී සාකච්ඡා කරලා වෙනත් තැන්වලදී සාකච්ඡා කරලා. අමිර්තලිංගම් එක්ක හොර ගිවිසුම් ගැහුවා. ඒගොල්ලෝ හොර ගිවිසුම් ගැහුවා ඉන්දියන් අධිරාජ්‍යවාදීන් එක්ක. දිල්ලියේදී බැංගලෝර්වලදී වෙනත් වෙනත් තැන්වලදී සාකච්ඡා කළා. කුමන්ත්‍රණ කළා. ඒ වගේම ඒගොල්ලෝ දැන් ආයෙත් සැරයක් රහස් සාකච්ඡා කරගෙන යනවා අමිර්තලිංගම්ලා එක්කයි ප්‍රභාකරන්ලා එක්කයි. කුමන්ත්‍රණ කරගෙන යනවා මේ රටට ජාතියට විරුද්ධව, මේ ජනතාවට විරුද්ධව. ඒගොල්ලන්ගේ නම් පුරුද්ද ඒකයි. ඒගොල්ලෝ එහෙම රහස් කුමන්ත්‍රණ කරනකොට ජනතාවට හොරෙන්, අපි ඒවට විරුද්ධත්වය ප්‍රකාශ කළා තමුන්නාන්සේලාට මතක ඇති මේ වගේ පටිගත කරපු කතාවලදී. ඒවායේ භයානකකම එළිදරව් කළා.
අපේ පක්ෂය පැහැදිලි ස්ථිර ප්‍රතිපත්තියක් මත තියෙන පක්ෂයක්. තමුන්නාන්සේලා ඒක හොඳට දන්නවා. අපි අපේ ප්‍රතිපත්ති කිසිම හේතුවක් නිසා කවරදාකවත් පාවලා දුන්නේ නෑ, පාවලා දෙන්නේ නෑ. ඒක තමුන්නාන්සේලා දන්නවා.

අපි අද ප්‍රසිද්ධියේ ජනතාව ඉදිරියට එන්නේ නැත්තේ ඇවිල්ලා නැත්තේ මේ නීති විරෝධී ආණ්ඩුව විසින් අපිව තහනම් කරපු නිසා. අපි තහනම් කළේ ඇයි? අපි මොකක් හරි නීති විරෝධී වැඩක් කරලා තියෙන නිසාද? නෑ. අපි මොකක් හරි වරදක් කරලා තිබුණු නිසාද? නෑ. එහෙනම් අපි තහනම් කළේ ඇයි 1983දී? අපිව තහනම් කළේ මා විසින් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් උසාවියේ නඩුවක් පැමිණිලි කළා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහත්මයත්, පීරිස් ගුණසේකර මහත්මයත් හරහා මේ ඊනියා ජනමත විචාරණ ප්‍රෝඩාවක්, ඒක වංචාවක් ඒකෙන් ඒගොල්ලෝ දිනුවේ නෑ, හොර ඡන්ද දාලා හොර උපක්‍රම පාවිච්චි කරලා කපටිකමෙන් බොරුවට දිනුවා කියලා ප්‍රකාශ කිරීමක් පමණයි කළේ කියලා. ඒ නිසා ඒගොල්ලන්ට මේ තුනෙන් දෙකේ පාර්ලිමේන්තුව තියාගෙන ඉන්න බෑ. ඒක අහෝස කරන්නයි කියලා උසාවියට ගිහිල්ලා මම කිව්වා. ඒ නඩුව ඇහුවා නම් ආණ්ඩුව පරදිනවා. ඇයි? ඒ නඩුවේ ප්‍රධාන විත්තිකාරයා කරලා තිබුණේ මම. මැතිවරණ කොමසාරිස් චන්ද්‍රානන්ද මහත්මයා. චන්ද්‍රානන්ද මහත්මයාම දැන් වාර්තාවක් මගින් පිළිඅරගෙන තියෙනවා ජනමත විචාරණයේදී විශාල වංචාවවල් හොර මගඩි සිදුවුණු බවට. එහෙනම් චන්ද්‍රානන්ද මැතිතුමා උසාවියට ඇවිල්ලා ඒවා කිවුවා නම් ඒ නඩුව අපි දිනනවා. ජනතා විමුක්ති පෙරමුණ දිනනවා. මේ රටේ ජනතාව දිනනවා ඒ නඩුව. එහෙම දිනුවා නම් මේ ජේ.ආර්. ජයවර්ධනට මේ විදියට බලයේ ඉන්න ලැබෙන්නේ නෑ. මේ විදියට ජේ.ආර්. ජයවර්ධනගේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හොරට තියාගෙන බලයේ ඉඳගෙන ජේ.ආර්. ජයවර්ධනට මේ විදියට රට ඉන්දියන් අධිරාජ්‍යවාදීන්ට පාවා දෙන්න වෙන්නේ නෑ. එහෙනම් පළාත් සභා පනතක් එන්නේ නෑ. බහුතරයේ අයිතිවාසිකම් අහෝසි කරලා සුළුතරයට කප්පම් වශයෙන් ඉන්දියානු අධිරාජ්‍යවාදයේ උසිගැන්වීම පිට බලපෑම පිට දෙන්න ගිවිසුමක් ගේන්නේ නෑ. ඒක පැහැදිලියි.

දැන් අපි තහනම් කරලා ඒගොල්ලෝ 5කට ආසන්නයි. ජයවර්ධනගෙන් බලපත්‍ර වුවමනා නෑ ජනතා විමුක්ති පෙරමුණට පවතින්නයි, වර්ධනය වෙන්නයි, ජාතිය හමුවේ තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්නයි. ඒක පැහැදිලි ලෙස පෙනුණා. අපේ පක්ෂය තහනම් කළාම අපට හුඟක් අමාරුකම්වලට මුහුණපාන්න සිද්ධ වුණා. ඒත් අපි ඒවා විඳදරාගෙන මම ජනමත විචාරණ අවස්ථාවේදී අපේ පක්ෂය වෙනුවෙන් පවත්වපු අන්තිම රූපවාහිනී කතාවෙදී තමුන්නාන්සේලාට ප්‍රතිඥා දුන්න විදියටම අපි ඉතාම දුෂ්කර තත්ත්වයන් යටතේ ඉඳගෙන මේ රටේ යහපත පිණිස, මේ රටේ දේශප්‍රේමී ජනතාවගේ සුබසිද්ධිය පිණිස අප විසින් කළ යුතු වැඩ කොටස හරි ආකාරව කරගෙන යමින් ඉන්නවා. ඒක තමුන්නාන්සේලා දන්නවා.

දැන් ජයවර්ධන ආණ්ඩුව, ජයවර්ධනගේ තොණ්ඩමන්ගේ නීති විරෝධී ආණ්ඩුව, රට පාවා දීලා තියෙන ආණ්ඩුව ඇයි මේ විදියේ බොරු ප්‍රචාරයක් කරන්න පටන්ගත්තේ? ඒකට හේතු තියෙනවා. දැන් ඉස්සෙල්ලාම බලමු ඒගොල්ලෝ කරපු ප්‍රචාරයේ ස්වභාවය. මට මතක හැටියට පත්තරවල තිබුණු විදියට පහුගිය අප්‍රේල් මාසේ 16 වැනිදා ඉඳලා ලලිත් ඇතුලත්මුදලියි, කේ.සී. සේනානායක කියලා මිනිහෙකුයි, කතෝලික පූජකයෙකුයි, ඒ කතෝලික පූජකයා ෆාදර් බාලසූරිය කියලා කියනවා. මේ ෆාදර් බාලසූරිය කියලා කියන්නේ කවුද? සුප්‍රසිද්ධ විදේශීය ඒජන්තවරයෙක්. තමුන්නාන්සේලා දන්නවා පළාත් සභා පනත ගෙනාපු වෙළාවේ මේ පළාත් සභා පනතට පක්ෂව නඩු දැම්මා විදේශීය ඒජන්තයෝ කීප දෙනෙක්. මෙන්න මේ එක ඒජනත්තයෙක් තමයි. දේශද්‍රෝහියෙක්. අද පත්තරේ තියෙනවා පෙරේදා පුවත්පත් සාකච්ඡාව පවත්වලා ඊයේ මේ මිනිහා රට ගියාලු. කමක් නෑ රට පලයල්ලා. ගිහිල්ලා මේ ලෝකේ කොහේ හරි ඉන්න එපායා උඹලා. ඇයි ජනතාවට අපරාධ කරලා රට නෙවෙයි කොහේ ගියත් මේ රටේ ජනතාව නැගීසිටලා යම් නුදුරු දවසක මේ අපරාධකාරයන් සේරම ගෙනල්ලා මහජන අධිකරණයක් ඉදිරියට පමුණුවන එක ගැන අපට කිසිම සැකයක් නෑ. අපි ඒ ගැන විශ්වාසයෙන් ඉන්නේ. හරි ඒ ෆාදර් බාලසූරිය.
මිනිහා හරහා කරන සාකච්ඡාවක් ගනුදෙනුවක් අපේ පක්ෂයට ජනතා විමුක්ති පෙරමුණට කවදාකවත් තිබුණේ නැද්ද? මේ විදේශීය ඒජන්තයෝ එක්ක? නෑ. කවදාකවත් අපි ඔය බාලසූරිය කියන කතෝලික පූජකයෙක් වෙච්ච විදේශීය ඒජන්තයෙක් එක්ක කිසිම සාකච්ඡාවක් අපි කරලා නෑ.

ඊළඟට කේ.සී. සේනානායක කියන්නේ කවුද? එහෙම මිනිහෙක් ගැන මේ රටේ ජනතාව කවදාකවත් අහලා තිබුණද? ජනතා විමුක්ති පෙරුමණේ නායකයෙක් හෝ සාමාජිකයෙක් ඒ විදියට ඉන්නවා කියලා ඒ නමින්? නෑ. කේ.සී. සේනානායක කියලා මිනිහෙක් ගැන මම ඉස්සෙල්ලාම ඇහුවේ පෙරේදා. ගුවන්විදුලියෙන්. නැතුව අපි කවදාකවත් දැනගෙන හිටපු මිනිහෙක් නෙවෙයි. අපි දන්නේ නෑ. ජේ.වී.පී.කාරයෙක් එහෙම නෑ, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් එහෙම නෑ. ඉතින් ඒ මිනිහට අපි වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මේ නීති විරෝධී ආණ්ඩුවත් එක්ක රහස් සාකච්ඡා පවත්වන්න අපි බලයක් දුන්නද? නෑ. කවදාකවත් අපි දුන්නේ නෑ. ඕනෙම කෙනෙක් එක්ක රහසේ හෝ ප්‍රසිද්ධියේ හෝ ඕනෙම දෙයක් කරන්න අපිට ඒ සඳහා යොදාගන්න ඕනේ තරම් මිනිස්සු ඉන්නවා. රටේ මහජනයාට ප්‍රකාශයක් කරන්න, ඒ සඳහා මහජනයා දන්න මිනිස්සු ඉන්නවා අපට. ඒ වගේම වෙනත් දේශපාලන පක්ෂ එක්ක ගනුදෙනු කරනවා නම් ඒවා කරන්න අපිට ඒ පක්ෂ දන්න අපේ පක්ෂයේ වගකිව යුතු උදවිය ඉන්නවා. අපිට ඒ අයගෙන් හිඟයක් නෑ. ජයවර්ධන කොච්චර මැරුවත් ඒ අයගෙන් අපට හිඟයක් නෑ.’

Pensala TV යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

හොරු අල්ලන්න යන්නේ කොහොමද?මහින්දානන්දලාට මොකද වුණේ? දීපු පොරොන්දුවලට මොනවද කරන්නේ? නුවර අල්ලන්න යන ලාල්කාන්ත කතාකරයි! Sri Lanka Latest News

Next Post

ඔබටත් බාර් එකක් ඕනෙද? පහසුවෙන්ම ගෙදරම බාර් එකක් හදාගන්න හැටි සරලව මෙන්න! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.