සමලිංගික විවාහ සම්බන්ධ නීතිරීති තමන් අධිකරණ ඇමැතිවරයාව සිටි අවධියේද සම්මත කරගැනීමට එවක පැවැති ආණ්ඩු උත්සාහ කළද තමන් ඒ කිසිවකට ඉඩ නොදුන් බව හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ඒ මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස පවසා සිටියා.Sri Lanka Latest News
ප්‍රශ්නය
අගමැතිතුමිය මේ වැරැද්ද පිළිගත්තා. යම් විදිහකින් අතපසුවීමකින් මේ වැරැද්ද සිදුවෙලා තියෙනවා, නැවත නිවැරදි කරනවා කියලා කිව්වා. ඉතින් ඔබතුමාලාගේ අදහස මොකක්ද ඒ ගැන?
විජයදාස රාජපක්ෂ
පළමුවැනි එක, කරපු කෙනෙක් හෙළි නොකරනවා කියන එකේ තේරුම තමන්ගේ අතින් ඒ වරද වුණා කියලා පිළිගන්න එක. දෙවැනුව, වරදක් වුණාම නිවැරදි කරන්න පුළුවන් දේවල් තියෙනවා. වේල්ලක් කඩාගෙන ගියාට පස්සේ වේල්ල හදන්න පුළුවන්. හැබැයි අධ්‍යාපනයෙන් වරදක් කරලා ළමයි ටික විනාශ කරලා දැම්මට පස්සේ කවුද ඒක හදන්නේ? කොහොමද හදන්නේ?
සෞඛ්‍ය අංශයේ විනාශයක් කරලා මිනිස්සු මැරුණට පස්සේ කවුද ඒ මිනිස්සුන්ට ජීවිත දෙන්නේ? ඒක නිසා තමයි අපි කියන්නේ දේශපාලනයට යම් අවබෝධයක්, අත්දැකීමක්, පළපුරුද්දක් තියෙන අය ඕනේ කියලා. පසුගිය කාලය පුරාවටම පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා, නැත්නම් අනෙකුත් පක්ෂවල ඉන්න සියලු දේශපාලනඥයෝ ‘හොරා’ කියලා ලේබලයක් අලවලා සම්පූර්ණයෙන්ම ජනතාව නොමග ගිහිල්ලා තමයි අද මේ ජනතාවට මේ විපත්තියට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ.
විශේෂයෙන්ම මේ වගේ කාලවකවානුවක ලක්ෂසංඛ්‍යාත නෙමෙයි දසලක්ෂසංඛ්‍යාත ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ, බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ගරුකරන, අගය කරන, සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය මත මේ රට යන්න ඕනේ කියලා පිළිගන්න ජනතාව විශාල බලාපොරොත්තුවක් තිබුණා අපි තිබෙන මතභේද සියල්ල ඉවත් කරලා පක්ෂය ගොඩනගන්න ඉදිරිපත් වෙයි කියලා. අපි ඒ සුවහසක් ජනතාවගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරලා තියෙනවා.
අනිත් එක වර්තමාන රජය දැන් අවුරුද්දක් ගිහිල්ලත් මේ රටේ සංවර්ධනයට තාම කරපු දෙයක් නැහැ. හැබැයි කියන්නේ 76 වසරක ශාපයක් කියලා. ඇත්ත වශයෙන් ඒක ඇත්ත. 76 වසර කොයික වෙතත් 1971 ඉඳලා මේ රටේ තිබුණු පාසල් පද්ධතිය, අධිකරණ පද්ධතිය, රජයේ බස් ටික මේ සියලු සම්පත් විනාශ වුණේ එක හේතුවක් නිසා. ඒ හේතුව තමයි විජේවීරයි ප්‍රභාකරනුයි ලංකාවේ ඉපදීම. විජේවීරයි ප්‍රභාකරනුයි ලංකාවේ ඉපදුණේ නැත්නම් අද අපි ඇත්තටම සිංගප්පූරුවට වඩා දියුණු රටක් තමයි.
ප්‍රශ්නය
ඒ වගේම අනුනායක ස්වාමින්වහන්සේ කිව්වා එක එක කාලවල එන ආණ්ඩුත් එක්ක යම් ගනුදෙනු තමයි මේ සිද්ධ වෙන්නේ, ඒ පනත් තමයි මේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ. ඔබතුමාලා කාලෙත් මේ වගේ සිද්ධි වුණා කියලා?
විජයදාස රාජපක්ෂ
මගේ කාලයේ ඔය LGBTQ පනත්, සමලිංගික විවාහ පනත්, දරුවන්ට ශාරීරික දඬුවම් කිරීම සම්බන්ධව දඬුවම් දීමේ, මවුපියන්ට ගුරුවරුන්ට දඬුවම් දීමේ පනත් අඩුම ගානේ සිය වතාවක් මට ගෙනල්ලා බලපෑම් කරලා තියෙනවා මේවා සම්මත කරලා දෙන්න කියලා. ජාත්‍යන්තරයේ ප්‍රබල සංවිධාන.
ප්‍රශ්නය
කවුද ඒ?
විජයදාස රාජපක්ෂ
ප්‍රබල සංවිධාන කිව්වාම ජාත්‍යන්තර ප්‍රශ්නයක් ඇතිකරගන්න අපිට අවශ්‍ය නැහැ. තේරුම් ගන්න පුළුවන් ඒ ආයතන, ඒ රාජ්‍යයන්, ඒ තානාපතිවරු, ඒ කොමසාරිස්වරු ඇවිල්ලා අපිට බලපෑම් කරලා තියෙනවා. ඒගොල්ලෝ ගෙනාපු සමහර කෙටුම්පත් මම ඒගොල්ලන් ඉදිරියෙම ඉරලා කුණු කූඩෙට දාලා තියෙනවා. ඒවා තමයි වර්තමාන ආණ්ඩුව අද උඩට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න උත්සාහ කරන්නේ.










