රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අවසරයකින් තොරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු මාර කර යැවීම සම්බන්ධයෙන් එම කොමිසමේ ලේකම් එම්.ඒ.බී. දයා සෙනරත් මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කොට ඇත.
ඒ අනුව දින 3ක් ඇතුළත ඊට පිළිතුරු ලබා දෙන ලෙස එම ලිපියෙන් දැනුම් දීමට පියවර ගෙන තිබේ.












