දැඩි අව් රශ්මිය සහිත කාලගුණ තත්ත්වයක් මේ දිනවල පවතින නිසා දරුවන් ස්නානය කරවීමෙන් සමේ රෝග ඇතුළු රෝග ගණනාවක් සුවපත් කර ගත හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසුවේය.
අව් රශ්මියත් සමග දහඩිය දැමීම වැඩි වන අතර සමේ බිබිළි ඇති වීම වැනි සමේ රෝග දරුවන් අතරෙහි වැඩි වීමේ අවදානමක් පවතින බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
දරුවන් අතර විජලනය ඇතිවීම වැළැක්වීම සඳහා ජලය ඇතුළු දියර පාන වර්ග වැඩිපුර ඔවුන්ට ලබාදිය යුතු බවත් දිනකට දෙවරක් හෝ දරුවන් ස්නානය කරවීම වැදගත් බවත් ඒ මහතා පැවැසුවේය.
වියළි කාලගුණය සහිත ස්වභාවයක් පවතින නිසා දහවලට පමණක් නොව රාත්‍රියටත් රශ්මිය ඉහළ බව ද හෙතෙම පැවැසීය.
children heat Ridgeway Children’s Hospital specialist Dr. Deepal Perera










