අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිනුම්වලින් මුදල් තම බැංකු ගිණුමට බැර කරගත් බව කියන කඳාන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයකු ගම්පහ දී අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියයි. (Sri Lanka Latest News)
සැකකරු සතුව තිබූ ඡංගම දුරකතන හතරක්, කුඩා ජංගම දුරකතන තුනක් සිම් කාඩි 73ක් ද පොලිස් බාරයට ගෙන ඇත.
ගම්පහ නගරයේ ගමන්ගත් සැකකටයුතු පුද්ගලයකු ගැන සැක සිතූ පොලිස් නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම තොරතුරු අනාවරණ වී ඇත.
ප්‍රදේශ කිහිපයක පොලිස් ස්ථානවලට සැකකරුට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.
lankadeepa










