පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීම සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට වක්‍රාකාරයෙන් සහාය ලබාදුන් බව දේශපාලන විශ්ලේෂක මිලින්ද රාජපක්ෂ මහතා පවසනවා. ‘බයි තක්සලාව’ යූටියුබ් නාලිකාවට වීඩියෝවක් එක්කරමින් මිලින්ද රාජපක්ෂ සමග ඉරාජ් වීරරත්න පළකළ එම අදහස් දැක්වීමෙන් කොටසක් පහත සඳහන් වේ.Sri Lanka Latest News
මිලින්ද
මේක යූඑන්පීයෙ ඉන්න ඔබතුමාලා අපිටත් වඩා හොඳට දන්නවා ඇති. රනිල් ජනාධිපතිතුමා, සජිත්ගෙ මැතිවරණ ජයග්‍රහණය වැළැක්වීම සඳහා කරන්න පුළුවන් ඕනෙ දෙයක් කළා කියලා. ඒක ඕනෙ කෙනෙක් පිළිගන්නවනේ. එතකොට, මේ සජිත් ප්‍රේමදාස කියන මනුස්සයාට දුන්නු පෝරියල් එක. ඒකත් වැදගත් මචන්. 2019 ආර්ථික අර්බුදයෙන් පස්සේ අපිට ඉතා පැහැදිලිවම පෙනුණා තුන්වැනි බලවේගයක නැගිටීම. ඒ නැගිටීම දැක්කම අපි ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඉතාම පැහැදිලිව කිව්වා, ජනාධිපතිවරණයකට යන්න එපා. ඔයා පරදිනවා. පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. එතකොට මේකේ සැබෑ වාතාවරණය, දේශපාලනයේ, අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේක කරන්න එපා කියලා. ජනාධිපතිවරණයකට ගිහිල්ලා මොකක්ද කළේ? සජිත් ප්‍රේමදාසගේ අතේ තිබ්බ කේක් කෑල්ල සජිත් ප්‍රේමදාසට කන්න බැරි වුණා රනිල් වික්‍රමසිංහ මැද්දෙන් පැනලා ඡන්දෙ ඉල්ලපු හින්දා.
ඉරාජ්
ඒකට තව දෙයක් එකතු කරන්න ඕනේ. ඔයා බලන්න රනිල් වික්‍රමසිංහ ගිය ඉවෙන්ට්ස් ටික. ඒ කියන්නේ ඡන්ද ව්‍යාපාරය සම්පූර්ණම ගියේ සජිත්ගේ ස්ට්‍රෝන්ග් පැත්තට. උතුර, නැගෙනහිර ඒ පැත්තට තමයි ගියේ.
මිලින්ද
අන්තිමට ඒකෙන් වුණේ මොකක්ද? උතුරේ එන්පීපී එක දිනාගත්තා.
ඉරාජ්
උතුරෙත් මෙයා වෙනම කැන්ඩිඩේට් කෙනෙක් දාගත්තා සජිත්ගේ ඡන්ද ටික කඩන්න. අන්තිමට රනිල් දිනුවේ නැහැ, එන්පීපී එක දිනුවේ. අපිට සජිත්වත් රනිල්වත් අදාළ නැහැ.
මිලින්ද
නමුත් අපි කියන්නේ මේ සිදුවීම. මේවා තේරුම් ගන්නේ නැතුව දේශපාලනය කරපුවාම වෙන්නේ අර සජිත් ප්‍රේමදාස මහත්තයාගේ එකනොමික් ඇඩ්වයිසර් වෙන්නේ අපේ කුසුම්ලා. ඒ වගේ උන්ගේ ඇඩ්වයිස් අහලනේ මේ කට්ටිය දේශපාලනය කරන්නේ. නමුත් දේශපාලනය කියන්නේ ඊට වඩා පරණ ලොකු වැඩක්. ඒකයි මේ ඉතිහාසය හැම වෙලේම මම කියලා දෙන්නේ.
ඉරාජ්
කොහොම හරි දැන් ඔන්න ළඟම හිටපු අනුර කුමාරව දෂ්ට කළා. මෙයාට දැන් දුන්නනේ ෂොට් එක.
මිලින්ද
දැන් මෙතැනින් ඇවිල්ලා මේ සේරම කරලා සජිත් ජනාධිපති වෙලා ඉන්න තිබ්බ අවස්ථාවක් මේක.
ඉරාජ්
සජිත්ට ළඟම හිටපු මනුස්සයා එකට හිටපු එකාට ඡන්දෙ දෙන්නේ නැතුව, ඒක එහෙම වොයිස් කට් එකක් දුන්නනේ, ඡන්දෙදී. ‘සජිත්ට දෙන්න එපා අනුරට දෙන්න’ කියලා කිව්වා.
මිලින්ද
මෙතන දේශපාලනය තේරෙන ඕනෙ කෙනෙක් දන්නවා, අනුර දිනුවේ රනිල් සජිත්ව පරද්දපු හින්දා කියලා. එහෙම එකකුත් තියෙනවා. ඉතින් ඒ සේරම වෙලා, ‘මා මිත්‍ර අනුර’ කියලා තමයි රනිල් ලොක්කා කියන්නේ. මා මිත්‍ර අනුර විසින් වැඩේ දුන්නා දැන් හොඳටම. මේක ඔබතුමා නොහිතන්න ඇති. අපිත් හිතුවේ නැහැ. ඔව්. කවුරුත් හිතුවේ නැහැ. මාත් ෂොක් වුණා. මේක ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට වෙච්ච ඉතාම නරක දෙයක්. ජාත්‍යන්තර වශයෙන් අපේ කීර්තිනාමය සම්පූර්ණයෙන්ම නැති වුණා. ආණ්ඩුව මේ හැසිරිච්ච විදිහෙන් මේක පැහැදිලි දේශපාලන පළිගැනීමක් කියලා මුළු ලෝකේ ඉස්සරහම පෙනුණා. ඉතින් අපි ආයෙ පාරක් හරිම නූගත්, අශිෂ්ට පිරිසක් වගේ පේන්න පටන් අරගත්තා. මේ ආණ්ඩුවේ හැසිරීම නිසා. කොහොම හරි අපි අධිකරණයට ස්තුතිවන්ත වෙනවා මේකෙ නිවැරදි තත්ත්වය සලකා බලලා රනිල් මහත්තයාව ගෙදර එවපු එක ගැන. කොහොම හරි අන්තිමට රනිල් මහත්තයාට පුළුවන් වුණා ආණ්ඩුවේ වියදමෙන් ෆුල් බොඩි චෙක්-අප් එකක් කරගෙන, අවශ්‍ය කරන දේවල් ටික කරගන්න. ඒක ආණ්ඩුවෙන් කරපු ලොකු උදව්වක්නෙ මේ වෙලාවේ.
බයි තක්සලාව










