• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විග්නේෂ්වරන්ගේ බලය බෙදන වාර්තාව ජනාධිපතිගේ අතට ආවේ ‌කොහොමද? දෙමළ සන්ධානයට සැකයක්! දැඩි විරෝධය පළ කරයි! කමිටු දාලා මොනවා කරන්නද? යළි කොන්දේසි 2ක් දමා සාකච්ඡාවෙන් නැගිටී! I Sri Lanka Latest News

May 21, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
විග්නේෂ්වරන්ගේ බලය බෙදන වාර්තාව ජනාධිපතිගේ අතට ආවේ ‌කොහොමද? දෙමළ සන්ධානයට සැකයක්! දැඩි විරෝධය පළ කරයි! කමිටු දාලා මොනවා කරන්නද? යළි කොන්දේසි 2ක් දමා සාකච්ඡාවෙන් නැගිටී! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගියදා දෙමළ සන්ධානය ජනාධිපතිවරයා මුණගැසීමට ජනාධිපති ලේකම් කාර්යාලයට යද්දී උතුරු නැගෙනහිර අනෙකුත් දෙමළ මන්ත්‍රීවරුන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ද පැමිණ සිටි ආකාරයක් දැකගත හැකි විය. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් සුමන්තිරන් ඇතුළු මන්ත්‍රීවරු මෙම සාකච්ඡාවට එක්වූයේ පසුගිය දෙසැම්බර් හා ජනවාරි මාසවලදී ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවල වාර්තා මෙන්ම ජනාධිපතිවරයා, අගමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේ සකස් කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කෙටුම්පතද අතේ තබාගෙනය. ඒ අනුව ඔවුන් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට අවශ්‍ය වන්නේ ගෝලීය ස්වයං තීරණ අයිතිය යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා සිදුකෙරෙන බලය බෙදීමක් බව ජනාධිපතිවරයාට දැනුම් දී සිටියේය.

නමුත් මෙහිදී සාකච්ඡාවට සහභාගි වී සිටි උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා ඊට තරමක් වෙනස් ස්ථාවරයක් සහිත වාර්තාවක් ඉදිරිපත් කරමින් කතාකරනු දැකගන්නට ලැබිණි. විග්නේෂ්වරන් එහිදී කියා සිටියේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක විය යුතු බවත්, එහි යම් යම් තැන් සංශෝධනය විය යුතු බවත්ය.

කෙසේ වෙතත් විග්නේෂ්වරන් ඉදිරිපත් කරමින් සිටි මේ වාර්තාවම ඒ වන විටත් ජනාධිපතිවරයාගේ අතේ තිබෙනු සුමන්තිරන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට දැකගත හැකි විය. ඒ අනුව මෙම හමුවට පෙර ජනාධිපතිවරයා හා විග්නේෂ්වරන් අතර හමුවක් නියත වශයෙන්ම පැවැත්වී ඇති බවටත්, එහිදී විග්නේෂ්වරන් මෙම වාර්තාව ජනාධිපතිවරයාට ලබාදී ඇති බවටත් වූ සැකය සුමන්තිරන් ඇතුළු කණ්ඩායමට නිතැතින්ම මතුව තිබිණි. එම නිසා සුමන්තිරන් වහාම කළේ එම වාර්තාවට අස්සන් තබා ඇති පිරිස කවුරුන්ද කියා සොයා බැලීමය. එහිදී සුමන්තිරන්ට පෙනී ගියේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ඊට අස්සන් කර තිබුණේ විග්නේෂ්වරන් පමණක් බවය. අනෙක් සියලු දෙමළ, මුස්ලිම් මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමග සිටින අය බවද සුමන්තිරන්ට දැකගන්නට ලැබිණි. එමෙන්ම දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි කර නොමැති පක්ෂවල සාමාජිකයන් පවා ඊට අස්සන් තබා ඇති ආකාරයක් සුමන්තිරන්ට පෙනීගියේය.

ඒ අනුව වහාම සුමන්තිරන් විග්නේෂ්වරන්ගේ වාර්තාවට සිය විරෝධය පළකිරීමට පියවර ගත්තේය. නමුත් ඒ බව නොතකා ජනාධිපතිවරයා විග්නේෂ්වරන්ගේ වාර්තාව තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට යෝජනා කළද දෙමළ ජාතික සන්ධානය ඊට දැඩි ලෙස විරෝධය පළකිරීමට කටයුතු කළේය. ඔවුන් එහිදී පෙන්වා දුන්නේ අදාළ වාර්තාව පිළිගත නොහැකි බවත්, එවැනි වාර්තාවක් පදනම් කරගෙන තවත් කමිටු දැමීමට යෑමෙන් සාකච්ඡා දිග්ගැසීම පමණක් සිදුවන බවත්ය.

‘අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම ආරම්භ වුවහොත් පමණක් අපි මේ කටයුතුවලට සහභාගි වෙනවා. ඒ හැර පරිපාලන කටයුතු සම්බන්ධ සාකච්ඡාවලට සහභාගි වීම නිෂ්ඵල ක්‍රියාවක්. එවැනි අලුත් කමිටුවලට අපි එන්නෙ නෑ. අපේ මූලික ඉල්ලීම වෙන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සහ පළාත් සභා මැතිවරණය ඉක්මණින්ම පැවැත්වීම. ඒ දෙකම සිදුවෙන්නේ නැත්නම් මේ සාකච්ඡා තවදුරටත් සිදුකිරීමෙන් පලක් නෑ…’ යන්න එහිදී සුමන්තිරන් ජනාධිපතිවරයාගේ මූණටම කියා සිටි කරුණ විය.

ඒ අනුව උතුරේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් තවත් වටයකින් ජනාධිපතිවරයා ආරම්භ කළ සාකච්ඡාව කිසිදු ප්‍රතිඵලයකින් තොරවම අවසන් වූ ආකාරයක් දැකගත හැකි විය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

ජෙරොම් පස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් පන්නන්න පටන් ගනී! I Sri Lanka Latest News

Next Post

වැලිගම තාත්තා චූටි දුවව වොෂින් මැෂිමට දාලා මැරුව කතාවේ ඇත්ත මොකක්ද? I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.