ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරන ලද සිංහල අවුරුදු උත්සවය මෙරට සංස්කෘතිය සහ චාරිත්‍ර වාරිත්‍ර විකෘති කිරීමක් බව පවසමින් ජෝතිර්වේදීන්ගේ විද්වත් කමිටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නිල පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. Sri Lanka Latest News
සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ මෙම උත්සවයේ ඇතැම් අංග හෙළ සිරිත් විරිත්වලට නිගරු කරන බවත්, ඒ පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එම කමිටුව පොලිසියෙන් ඉල්ලා සිටියි.
මෙම සිදුවීම හරහා අවුරුදු සංස්කෘතියට දැඩි හානියක් සිදුව ඇති බව පෙන්වා දෙන ජෝතිර්වේදීන්, සිදුවූ අතපසුවීම් සම්බන්ධයෙන් චන්දිමාල් ජයසිංහ ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව අවධාරණය කළහ.
අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීම සඳහා ජෝතිර්වේදීන්ගේ විද්වත් කමිටුවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, සංස්කෘතික අනන්‍යතාවය රැකගැනීම උදෙසා මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව දැඩිව පෙනී සිටින බව ඔවුන් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළහ.










